Featured Post

බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි (1)


බුදුන් උපන්නේ ඉන්දියාවේද ලංකාවේද කියා සෙවීම කිසිම අර්ථයක් නැති වැඩක් . ඒත් බුදුන් උපන්නේ ලංකාවේ කියන පිරිස ඒ ඉතිහාසය විකෘති කරන ගමන් ඒවා පිළිගන්න මිනිසුන්ට ධර්මයත් විකෘති කරලා ඉගැන්වීම නිසා බුදුන් උපන් දේශය ඉන්දියාව බව සාක්ෂි සහිතව පෙන්වීම අවශ්‍ය වෙලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරලා තියෙනවා සැදැහැවතුන් විසින් බුදුන් ඉපදුනු ස්ථානය, බුදු වූ ස්ථානය, පිරිනිවන් පෑ ස්ථානය හා ප්‍රථම ධර්ම දේශනා කළ ස්ථාන හතර දැකබලා සංවේගය උපදවා ගත යුතු තැන් කියල. ඒ නිසා බුදුන් ඉපදුනු තැන නිරවුල්ව දැනගැනීම අත්‍යවශ්‍ය වෙනවා.

බුදුන් ලංකාවේ උපන්නා කියන අය සත්‍ය යට කරන්න කරන උපක්‍රමය තමයි බුදුන් ඉන්දියාවේ උපන්නා කියන අයට නිග්‍රහ අවලාද කිරීම. “දඹදිව වන්දනා කාරයා” “දේශද්‍රෝහියා” “සුද්දන්ගේ වහලා” “බුදුන් ඉන්දියාවට පටවන දෙමළා” “හෙළයන්ට ද්‍රෝහී උන පරයා” වගේ දේවල් කියල නිග්‍රහ කරලා එයාල මවල පෙන්නන්න හදනවා තමන් තමයි නියම හෙළයා කියලා. බුදුන් ඉන්දියාවේ ඉපදුනා කියන්නේ සුද්දා හදපු ඉතිහාසයක් පිළිගන්න රටට ආදරේ නැති මෝඩ මිනිස්සු කියල මවල පෙන්නලා මතයක් ගොඩනගලා තමන්ගේ විකෘතියට බලයක් ලබාගන්න මේ පිරිස දගලනවා.

බුදුන් ලංකාවේ ඉපදුනා කියල පිළිගන්න මිනිස්සු තමයි ඇත්තටම විචාර බුද්ධියක් නැති මෝඩ මිනිස්සු. ඉතිහාසය ගැන දැනුමක් නැති, ධර්මය ගැන දැනුමක් නැති, ධර්මය ප්‍රයෝගිකව වඩා නැති අය ජාතිවාදී බොරු ඉතිහාසයක් ඇහුනාම එකපාරට ෆෝම් වෙලා ඒ බොරුව හිස්මුදුනින් පිලි අරන් ඇත්ත ඉතිහාසයට ගරහනවා.
“සැඟවුණු ඉතිහාසය මතු කරනවා” “සුද්දෝ යට කරපු හෙළ අයිතිය මතු කරනවා” “රටට ආදරේ නියම හෙළයෝ”  
වගේ වර්ණනා ටිකක් තමන්ට ආරෝපණය කරගන්න තියෙන ළදරු මානසිකත්වය නිසා තමයි ගොඩ දෙනෙක් මේ විකෘති ඉතිහාසය පිළිගන්නේ.

බුදුන් ලංකාවේ ඉපදුන බව කියමින් ධර්මය විකෘති කරන මීවනපලානේ සිරිධම්මලන්කාර පිලිබදව මිට පෙර ලිපියකින් දැනුවත් කළා. ලිපිය කියවන්නමෙතන ක්ලික් කරන්න.
ධර්මය නොදත් ඉතිහාසය නොදත් බොහෝ දෙනා මේවාට රැවටී ඉන්නවා. ඒ බොරු මත සනාත කරගන්න එම විකෘති පතුරවන පිරිස ඉදිරිපත් කරන පදනමක් නැති සාක්ෂි තියෙනවා. ඒවා නිසා එකපාරට කෙනෙක්ට පෙනෙන්නේ ඇත්තටම බුදුන් ලංකාවේ ඉපදුනා වගේ. හැබැයි එයාලා දන්නේ නෑ ඒ විකෘති සාක්ෂි එහෙන් මෙහෙන් අහුලලා, තමන්ට ඕනි විදියට අර්ථය වෙනස් කරලා ඉදිරිපත් කරලා කියලා. ඒ නිසා ලිපි පෙලකින් ඒ විකෘති සාක්ෂි වල ඇත්ත එළිදරව් කරන්නත් බුදුන් ඉපදුනේ ඉන්දියාවේ බවට තියෙන සාක්ෂි ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා.

බුදුන් ඉපදුනේ ලංකාවේ කියල අදහගෙන ඉන්න අන්ධ භක්තියන් කල්පනා කරන්න ඕනි ප්‍රශ්න ටිකක් තියෙනවා.
බුදුන් ඉපදුනේ ලංකාවේනම් කොසොල් රජු, බිම්බිසාර, අජාසත්ත, ලිච්චවී රජවරු ලංකා ඉතිහාසයේ නැත්තේ ඇයි? ඒවා ඉන්දියානු ගැතියන් හැංගුවානම් ඒවා පිලිබඳ ජනප්‍රවාදවත් නැත්තේ ඇයි? ඒ රජ පෙළපත් පිළිබඳව ඉන්දියාවේ ලිඛිත හා වෙනත් සාක්ෂි තියෙන්නේ කොහොමද?

බුදුන් ඉපදුනේ ලංකාවේනම් රජගහ නුවර, කපිලවත්තු පුර, කුසිනාරාව තිබුනේ ලංකාවේ කොහෙද? ඒවා ගැන කටවහරෙන් හෝ ජනප්‍රවාදයෙන් සාක්ෂි නැත්තේ ඇයි? ඒ නගර වලින් සමහරක් නමවත් වෙනස් නොවී අද වනතුරු ඉන්දියාවේ පවතින්නේ කොහොමද? ඒ නගර වල ඉදි කළ විහාර ආදියේ නටඹුන් එහි තිබියදී ලංකාවේ ජේතවනාරාමයට, වාලුකාරාමයට වේළුවනාරාමයට නටඹුන් නැත්තේ ඇයි?


දුටුගැමුණු රජු නාග කන්‍යාවියක් දුෂණය කළ නිසා නාග සාපයකට ලක් උනා. නාග විස දුටුගැමුණු රජතුමාගේ වෛද්‍ය කපුරුනාත වෙදාගේ වෙදකම් වලින් හැම අවස්ථාවකම අඩුකරගත් නිසා නාගයන් කපුරුනාත වෙදාව මරණයට පත් කරලා දුටුගැමුණු රජුට විෂ ශරීරගත කළා. දුටුගැමුණු රජුගේ මරණය සිදු උනේ මේ නිසා කියල වංශ කතා කිසිවක සදහන් නොවුනට අද වෙනකම්ම ජනප්‍රවාදය පැවතගෙන එනවා.මේ විස්තරය කිසිම ලිඛිත සාක්ෂියක නෑ ඒත් ඒ ජනප්‍රවාද අද වෙනකම්ම පැවතගෙන ආවා.
සීතාවක, මොනරාගල, වාරියපොළ වගේ රාවන යුගයට අයිති ඒවාටත් සම්බන්ධ ජනකතා අද වෙනකම්ම පවතිනවා. මේ වගේ බුදුන් ලංකාවේ ඉපදුනානම් අනිවාර්යෙන් ජනප්‍රවාද පැවතගෙන එනවා. ලංකාවේ එහෙම කිසිම ප්‍රවාදයක් නෑ. එත් ඉන්දියාවේ ජනප්‍රවාද ඕනෑතරම් තියෙනවා වගේම ඉතිහාස සාක්ෂිත් තියෙනවා. ඒ විදියට ඉතා පැහැදිලිව ඔප්පු වෙන සත්‍යයක් තමයි මේ වික්රුතිකයෝ ටික වෙනස් කරන්න හදන්නේ.
මේ ඔක්කොම කතා ගොතන එකම කාරණය ඉන්දියාව හදුන්වපු ජම්බුද්වීප කියන නම ලංකාවටත් භාවිතා කර තිබීම පමණයි. ඒක ව්‍යවහාරික ප්‍රායෝගික සිද්ද්දියක්. අදත් පිටරටවල් වල මිනිස්සු හිතන් ඉන්නේ ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කියල. පිටරට සංචාරය කරලා තියෙන අය මේ අත්දැකීම විදලා තියෙනවා. පිටරටකදී අපි ශ්‍රීලාංකිකයන් කියල කිවුවම පිටරට මිනිස්සු අහන්නේ "ආ ඒක ඉන්දියාවේ කෑල්ලක් නේද" කියල. ඒ දේම තමා අතීතයේත් උනේ. ලංකාව ඉන්දියාව ලග පිහිටා තිබුන නිසා හා ලංකාව කුඩා නිසා ඉන්දියාවේ කොටසක් විදියට ලංකාව හැදින්නුව අය ලංකාවටත් ජම්බුද්විප් කියල හැදින්නුවා. ඒ නිසා ජම්බුද්විප් නම විදේශ නැවියෝ, ගවේෂකයෝ ලංකාවටත් භාවිතා කළා. ඒ යෙදීම ලංකාවේ සමාජේ ප්‍රසිද්ද උනාට පස්සේ තමයි කවි, සංදේශ, ධර්ම ග්‍රන්ථ වලදී ලංකාවට ජම්බුද්වීපය කියන නම භාවිතා උනේ. එහෙම නැතුව මුල් කාලයේදීත් ලංකාවට ජම්බුද්විප් කියල හැදින්නුවේ නෑ.

ධර්මයේ සඳහන් වෙන්නේ ජම්බුද්වීපය අංග, මගධ, කාසි, කෝසල, වජ්ජි, මල්ල, චේති,වත්ස , මත්ස, කුරු ,පංචාල, සුරසේන, අස්මක, අවන්ති, ගන්ධාර, කාම්භෝජ  කියන සොළොස් මහා ජනපද වලින් සමන්විත උනා කියල. ජම්බුද්වීපය කියන්නේ ලංකාවනම් කොහෙද සොළොස් මහා ජනපද තිබ්බේ? ඇයි ඒවා ගැන ලංකා ඉතිහාසේ විස්තර නැත්තේ? ලංකාවේ තිබ්බේ සොළොස් මහා ජනපද නෙවෙයි සිව් හෙළයක්.  ඇයි සිව් හෙළය ගැන සුත්‍ර දේශනා වල විස්තර නැත්තේ? සොළොස් මහා ජනපද තිබ්බේ ඉන්දියාවේ. අදටත්සමහර ප්‍රදේශ ඒ නම් වලින්මයි හදුන්වන්නේ. ඒ වගේම සුත්‍ර දේශනා වල සඳහන් වෙන්නේ ජම්බුද්වීපයේ බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය , ක්ෂුද්‍ර කියල කුල හතරක් තිබුන කියල. එහෙම කුල හතරක් ලංකාවේ කවදාවත් තිබුනේ නෑ. මේ කුල හතර වෙන් කලේ බ්‍රාහ්මණ ආගමෙන්. ලංකාවේ කවදාවත් බ්‍රාහ්මණ ආගම ඇදහුවෙත් නෑ. මේ දේවල් ඔක්කොම උනේ ඉන්දියාවේ.



ලුම්බිණිය






බුදුන් ඉපදුනේ නේපාලයේ ලුම්බිණි උයනේදී. ඒ බවට ඒ ආශ්‍රිතව සාක්ෂි ගොඩක් තියෙනවා. ප්‍රධානම සාක්ෂියක් වෙන්නේ ක්‍රි.පු.249දී ලුම්බිණියේ ඉදිකර තිබෙන අශෝක ස්ථම්භයේ තියෙන ශිලා ලේඛනය.


තවත් සාක්ෂියක් තමයි ලුම්බිණියේ  සිද්ධාර්ථ කුමරු ඉපදුනු තැන සලකුණු කිරීමට තැන්පත් කරලා තියෙන මායිම් ගල. මේ සලකුණු ගල සොයාගන්න අවුරුදු සියගනනකට කලින් ඉන්දියාවට සංචාරය කරපු හ්යුං සාන්ග් නම් භික්ෂුව ලුම්බිණියට ගිය අවස්ථාවේදී   මේ සලකුණු ගල දැකලා ඒ පිළිබඳව තමන්ගේ වාර්තා වල ලියලා තියෙනවා. හ්යුං සාන්ගේ වාර්තා වල   මේ මායිම් ගල තිබෙන තැන හා දිශාව පිළිබඳව සඳහන් තොරතුරු පුරාවිද්‍යාඥයන් විසින් සොයාගත් ස්ථානයේ දුර ප්‍රමාන හා දිශා වලට සම්පුර්ණයෙන්ම සමානයි. ඒ නිසා මේක සුද්දෝ මවපු   ඉතිහාස සාක්ෂියක් නෙවෙයි.





ලුම්බිණියේ බුදුන් ඉපදුනු තැන වට කර මායා දෙවි පන්සල ඉදිකර තිබෙනවා. මුල් කාලයේදී මෙතන තිබු 3 වන සියවසට අයත් ගඩොල් වලින් තැනු අශෝක ඉදිකිරීම් වලින් මෙතන පුරාවිද්‍යාත්මක ස්ථානයක් කියල හදුනාගත්ත. 2013 දී තවදුරටත් ගැඹුරට කළ කැනීම් වලදී අශෝක රජු කරවූ ඉදිකිරීම් වලට පහලින් අශෝක යුගයට පෙර ක්‍රි.පු. 6 වන සියවසට අයත් දැවමය සිද්ධස්ථාන ඉදිකිරීම් හොයාගත්තා. ඒ වගේම ශාක මුලක දිරාගිය කොටස් හමුවෙලා තියෙනවා. ඒ නිසා මෙතන විශේෂ ශාකයක් වටේ ඉදිකරපු විහාරයක් තිබුන බව සනාත වෙනවා. මේ මුල් ඉදිකිරීම් ආරක්ෂා කරමින් තමයි අශෝක රජතුමා විහාරයක් තනවලා තියෙන්නේ. ඒ වගේම මේ අසල මහමාය දේවිය පැන් පහසු උන ශාක්‍ය ජලාශය පිහිටා තියෙනවා.

බුදුන ලංකාවේ ඉපදුනා කියන අය බුදුන් ලුම්බිණියේ ඉපදුනේ නෑ කියන්න හැම වෙලේම කියන තර්කය තමයි ලුම්බිණිය හොයාගන්න මුල් උන පුරාවිද්‍යාඥයා furherව ඉන්දීය රජයෙන් සේවයෙන් පහ කිරීම. ලුම්බිණි පුරාවිද්‍යා සාක්ෂි සියල්ලම ඇත්ත කියල ජාත්‍යන්තර පර්යේෂකයන් අදටත් පිලිගන්නවා. ඒ නිසා තමා ඒ දේවල් ලෝක උරුමයක් විදියට නම් කරලා සංරක්ෂණය කරන්නේ. furher තනියෙන් නෙවෙයි මේ ගවේෂණ කරන්නේ. හැමතැනදිම තමන්ට ඕනි දේවල් කරන්න ලැබෙන්නේ නෑ. අනික බොරුවක්, වංචාවක් හෙළි උනාම එතනට අදාළ හැම දේම තව පරික්ෂා කරනවා. එහෙම පරික්ෂා කරලා ඒවා බොරු නෙවෙයි කියල සහතික කරලා තමා අද වෙනකම් ඒවා පවත්වන්නේ. මේ සෙල්ලිපිය සම්බන්ධ සිද්දිය උනේ 1896දී. ලුම්බිණිය තවදුරට කැනීම් කරලා අශෝක ඉදිකිරීම් වලට කලින් තිබුණු දැව ඉදිකිර්ම් හොයාගෙන ලුම්බිණිය බුදුන් උපන් තැන බව සහතික කලේ 2013දි. 2013 කැනීම් කලේ furher නෙවෙයි


කපිලවත්තු

සුත්‍ර දේශනා වල සඳහන් සුදොවුන් රජුගේ කපිලවස්තු නගරය තවමත් ඉන්දියාවේ හදුන්වන්නේ කපිලවස්තු කියලා. එහෙදි කරපු කැනීම් වලින් විහාර නටඹුන් රාශියක්ම හමුවෙලා තියෙනවා. කැනීම් පිලිබඳ ලිපි කියවන්න - (මෙතන ක්ලික් කරන්න)

කපිල වස්තුව පිළිබඳව සංචාරක භික්ෂුන් වූ ෆාහියන් හා හ්යූන් ට්ස්යින් භික්ෂුන් ඇසින් දුටු සාක්ෂි කියවන්න මෙතන ක්ලික් කරන්න


ශාක්‍ය වංශය
කපිල වස්තුවේ සිටී ශාක්‍ය වංශික පෙළපත් වලින් පැවත එන්නන් අදටත් ඉන්දියාවේ හා නේපාලයේ ඉන්නවා. ඔවුන් සුර්ය වන්දනාව කළ සුර්ය වංශිකයන් “ආධිත්‍යබන්ධුන්” ලෙස වේද ඉතිහාස පොත් වලත් සඳහන් වෙනවා. ඔවුන් ඔක්කාක රජ පරම්පරාවෙන් පැවත එන බවත්, ඔක්කාක යනු විෂ්ණු මස්ත්ය අවතාරයෙන් බේරාගත් 7 වන මනු රජුගේ කුමාර වරු 10 දෙනාගෙන් එක් අයෙකු බවත් විෂ්ණු පුරාණයේ සඳහන් වෙනවා.
ශාක්‍ය වංශයේ පරිපාලනය කපිලවස්තුවේ “සන්තාගර”හි සිදු වුන බව “මහාවස්තු” හා “ලලිතවිස්තර සුත්‍ර” නම් ග්‍රන්ථ වල සඳහන් වෙනවා. ශාක්‍යයන් පිළිබඳව “ආධිත්‍ය නාම ගොත්තෙන” කියල සුත්‍ර දේශනා වල සඳහන් වෙනවා. ශාක්‍යයන් සුර්ය දෙවියන් ඇදහු සුර්ය වංශිකයන් කියන එකයි එකෙන් අදහස් වෙන්නේ.
මේ වගේ සාක්ෂි සහිතව ශාක්‍ය පෙළපතක් ලංකාවේ තිබුනද? බුදුරජාණන් වහන්සේව “ශාක්‍ය මුනි” කියා මිසක් “හෙළ මුනි” කියල හඳුන්වල තියෙනවද? ශාක්‍ය වංශිකයෝ, සුර්ය වංශිකයෝ ලංකාවේ කොයි ප්‍රදෙශයකවත් හිටියේ නෑ. යක්ෂ දේව නාග අදහුවන් මිස සුර්ය වන්දනාව කළ ගෝත්‍රයක් ලංකාවේ කවදාවත් හිටියේ නෑ.  


බුදුන් දුෂ්කර ක්‍රියා කරන සමයේ වැඩ ඉදපු දුර්ගේෂ්වරී නම් ගුහාවක් තියෙනවා. බුදු වීමට පෙර කියන අර්ථයෙන් “ප්‍රාග් බෝධි” කියන නමින් මේ ගුහාව දැන් හදුන්වනවා. ඒ ගුහාව අතීතයේදී ටිබෙට් ලාමා වරුන් වන්දනාව සඳහා සකස් කරලා ඉදිකිරීම් කරලා තියෙනවා. ටිබෙට් ලාමා වරු සුද්දොත් නෙවෙයි අශෝකගේ සේනාවකුත් නෙවෙයි දෙමලුත් නෙවෙයි. මෙහෙම ඉදිකිරීම් ලංකාවේ තියෙනවද? බුදුන් සිටියේ, දුෂ්කර ක්‍රියා කලේ ලංකාවෙනම් ඒ ප්‍රදේශ වල මිනිස්සු අතර ඒවාට ජනප්‍රවාද නොසෑදී තියෙන්නේ නෑ. ඒ ස්ථාන වල මේ වගේ වන්දනා කිරීම් සිදු නොකර ඉන්නේ නෑ. ලංකාවේ එහෙම තැන් නැත්තේ බුදුන් සිටියේ ලංකාවේ නොවන නිසා.





නේරන්ජා නදියේ එගොඩ සුජාතා ගම / සේනානි ගම නම් ප්‍රදේශයක් තියෙනවා. මෙගොඩ බුද්ධ ගයාව තියෙනවා. සුජාතා දන් පිළිගැන්වීම සිහිපත් කිරීමට පිළිම නෙලා වන්දනා කරන චෛත්‍යයක් නිර්මාණය කර තියෙනවා. මෙහෙම නමක් සහිත ගමක් ලංකාවේ තියෙනවද?





බුද්ධගයාව
වජ්රාසනය වටා ඉදිකෙරු විහාරය වජ්රාසන විහාරය. ඒක තමයි බුද්ධ ගයා විහාරය කියල හදුන්වන්නේ. බුද්ධගයා විහාරය මුලින්ම ඉදි කලේ වීරදේව නම් භික්ෂුන් වහන්සේ, පසුකාලීනව ධර්මාශෝක රජු තමයි ඒක විශාලව ඉදි කලේ. එහෙම නැතුව ඒක අශෝක රජු ඉදිකරපු විහාරයක් නෙවෙයි. වජ්රාසනය හිරිවඩුන්නේ කියල කියන පිරිසක් ඉන්නවා. එයාල වජ්රාසනය කියල ගල් ලැල්ලක් පෙන්නනවා. බුදුරජාණන් වහන්සේගේ භගවා ගුණයවත් නොදන්නා මේ පිරිස හිතන් ඉන්නේ වජ්රාසනය් කියන්නේ ගල් ලැල්ලක් කියලා. වජ්රාසනය දියමන්ති වලින් තැනුන ආසනයක්. ඒ නිසයි ඒක වජ්‍ර + ආසනය කියල හදුන්වන්නේ. බුදුවරයෙකුට පමණක් පොළවෙන් නැගීසිටවන ආසනයක්. ගල් ලැල්ලක් උඩ බුදුවරු බුදුවන්නේ නෑ. වජ්රාසන විහාරය කියල හදුන්වන පන්සලක් ලංකාවේ තියෙනවද? වජ්රාසනය ලංකාවේ තිබ්බනම් ඒ ගම් වැසියෝ ඒවා නොදැන ඉන්නවද?




ඉන්දියාවේ වරුණ නදිය හා අස්සි නදිය මැදයි බරණැස් නුවර පිහිටලා තියෙන්නේ. ඒ පිහිටීම සුත්‍ර දේශනා වලත් විස්තර වෙලා තියෙනවා. මේ වගේ පිහිටීමක් ලංකාවේ තියෙනවද? වරුණ , අස්සි කියලා ගංගා දෙකක් ලංකාවේ තියෙනවද?

ප්‍රථම ධර්ම දේශනාවට වඩින විට බුදුරජාණන් වහන්සේට පස්වග තවුසන් සම්මුඛ වූ ස්ථානයේ සම්මුඛ චෛත්‍ය නම් චෛත්‍යයක් පිහිටල තියෙනවා. දම්සක් පැවතුම් සුත්‍රය දේශනා කළ තැන= ධර්මය ආරම්භ වුන ස්ථානයේ “ධර්ම රාජික” නමින් ස්ථුපයක් ඉදි කරලා තියෙනවා.
පස්වග මහනුන් අනාත්ම ලක්ෂණ දේශනාව අසා “ධර්මය අවබෝධ කළ” යන තේරුමෙන් “ධම්මික” ස්ථුපය ඒ ස්ථානයේ ඉදිකරලා තියෙනවා
ඉසිපතන මිගදායේ බුදුරජාණන් වහන්සේ වස් විසු “මුලඝන්ද කුටි විහාරය” තියෙනවා. මේ වගේ විහාර හෝ නටඹුන් උන විහාර ලංකාවේ තියෙනවද? බුදුන් ලංකාවේ වැඩ සිටියානම් මේ එකක්වත් ඉතුරු නොවී නැතිවෙයිද?











රජගහ නුවර
මගධ රටේ අගනුවර රජගහ නුවර. රජගහ නුවර පාලනය කලේ බිම්බිසාර රජතුමා. රජගහ නුවර ස්වභාවික විපත් හා ආක්‍රමණ වලින් ස්වාභාවිකවම ආරක්ෂා වෙන විදියට කඳු පහකින් වට වෙලා තියෙන්නේ. ඒ නිසා “රජවරුන්ට ගෙයක්” කියන අර්ථයෙන් “රාජගෘහ” කියල නම් වෙලා තියෙන්නේ. රජගහ නුවර වටා ඉසිගිලි, වේහාර, පාණ්ඩව, වේපුල්ල , ගිජ්ජකුට කියලා පර්වත පහක් තියෙනවා. සුත්‍ර දේශනා වලත් ඒවා ඒ විදියටම විස්තර වෙනවා. මේ පර්වත වලට අදාළ වෙනත් ලිඛිත ඉතිහාස සාක්ෂිත් තියෙනවා. කුරු පාණ්ඩව යුද්ධයට සම්බන්ධ පාණ්ඩව පර්වතය ගැන මහාභාරත් වීර කාව්‍යයේ ගල් කැටයෙන් කැටයට විස්තර කරලා තියෙනවා. ඉසිවරුන් යනවා පෙනුනත් නැවත එනවා නොපෙනෙන නිසා ඉසිවරුන් ගිලගන්නවා කියල අර්ථයෙන් ඉසිගිලි පර්වතයට නම් වැටීමට සම්බන්ධ ඉන්දියානු ජනකතා තියෙනවා. ලංකාවේ එහෙම නම් තියෙන පර්වත පහක් තියෙනවද? ඒවයෙන් වටවුන රජගහ නුවරක් තියෙනවද?



බිම්බිසාර රජු සිර කර තැබූ ස්ථානය වටේ බැම්මක් ඉදිකරලා තියෙනවා. ඒ ස්ථානය මුලින්ම හදුනාගෙන තියෙන්නේ ලිඛිත සාක්ෂි වලින් පමණයි. පසුකාලීනව කරපු කැනීම් වලින් මාන්චුවකට සමාන දෙයක් මෙතනින් හම්බවුනා. මේ සිරගෙය තිබෙන්නේ ගිජ්ජකුට පර්වතය පෙනෙන ලගමයි. බිම්බිසාර රජු සිරගෙයි ඉදිමින් බුදුන් ගිජ්ජකුට පව්වේ වඩින ආකාරය බලා සිත පහදවාගත්තා කියන කාරණේ සුත්‍ර දේශනා වල තියෙනවා. මේ පිහිටීම් ඒ දේශනා වල තොරතුරු වලට සමානයි.

වේහාර පර්වතය අසල සප්තපර්නි හෙවත් සොනබන්ධන ගුහාවේ පළමු ධර්ම සංගායනාව සිදු කලේ කාශ්‍යප මහරහතන් වහන්සේ මුලිකත්වයෙන්. මේ වගේ තැනක් ලංකාවේ තියෙනවද? බුදුන් වැඩ හිදියේ ලංකාවෙනම් පළමු ධර්ම සංගායනාව වෙන්නත් ඕනි ලන්කාවෙමනේ?



විරුඩභ ගැල් එරීම
ශාක්‍ය වංශිකයන් සමග යුද්ධයට ආපු විරුඩබ රජුගේ ගැල් රථ වේළුවනාරාමයට ලගින් තිබෙන ගල් තලාවක එරී ඇතිවුන සලකුණු එදා සිට අද දක්වා තියෙනවා. ලංකාවේ බුදුන් ඉපදුනා කියන පිරිසත් මේ වගේ තැනක් පෙන්නනවා. ඒත් සුත්‍ර දේශනා වල තියෙන්නේවේළුවනාරාමයට නුදුරින් වූ ගල් තලාවක මේ ගැල එරී ගියා කියලා. සුත්‍ර දේශනා වල අනුව වේළුවනාරාමයට නුදුරින්ම තිබෙන ගල්තාලාවක් ලංකාවේ තියෙනවද? අනික එයාලා පෙන්වන එකේ තියෙන්නේ විල් බරෝවක වගේ කුඩා තනි රෝද පාරක්. තනි රෝද ගැල් මොන ලෝකෙද තිබුනේ? එයාල කියනවා ඉන්දියාවේ තියෙන එරී යාම ගැල් රෝදයකට වඩා විශාලයි , ලංකාවේ තියෙන එරීම සාමාන්‍ය ප්‍රමාණයේ එකක් කියල. එරී යාම සිදු උනේ බුදුන් සමයේ. අවුරුදු 2500 පමණ පෙර උන එරී යාමක් ඒ විදියටම තියෙන්නේ නෑ ඒවා පොලවේ වෙනස්වීම් එක්ක විශාල වෙනවා. මේ දේවල් නොදන්නා කමෙන්ම පේනවා මේ විකෘති ඉතිහාස ගොඩනගන NGO නඩයට ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබද කිසිම දැනුමක් නෑ කියල.




සැවැත් නුවර
සැවත් නුවර ජේතවනාරාමයේ තිබුන අෂ්ඨ ස්ථුප වල තිබිලා ධාතුන් වහන්සේලා හමුවෙලා තියෙනවා. ඒවා ඉන්දියාවේ කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙනවා. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 700 කට පස්සේ රජකම් කරපු කනිෂ්ක රජතුමා ජේතවනාරාමයේ බුදුන් සක්මන් කරපු මළුව වහලා බැම්මක් ඉදි කරලා තියෙනවා. ජේතවනාරාමයේ සිට යොදුන් 30ක් දුරකින් සංකස්ස පුරය තියෙනවා. එතන සිහිපත් කිරීමට චෛත්‍යක් නිර්මාණය කරලා තියෙනවා. ජේතවනාරාමයේ බුදුන් වැඩ හිදී ගන්ධ කුටියට කෙලින්ම එහාපැත්තෙන් දම් සභා මණ්ඩපය පිහිටලා තියෙනවා. මේ විදියේ සැකැස්මක් තියෙන නටඹුන් වූ විහාරයක් ලංකාවේ තියෙනවද? බුදුන්ට වෙන් කල කුටියක් සහිත විහාර ලංකාවේ තියෙනවද?




බුදුන් වැඩ නොසිටින අවස්ථා වලදී මිනිසුන්ට බුදුරජාණන් වෙනුවට වන්දනා කිරීමට ආනන්ද තෙරුන් විසින් ජේතවනය ඉදිරිපිට රෝපණය කළ බෝධිය ආනන්ද බෝධිය කියල හඳුන්වනවා. සුත්‍ර දේශනා වලත් මේ විස්තරය තියෙනවා. ලංකාවේ මේවා තියෙන ජේතවනාරාමයක් තියෙනවද? ආනන්ද බෝධියක් තියෙනවද?

විශාලා නුවර
ලිච්චවී රජවරුන්ගේ අගනුවර විශාලා නුවර කුටාගාර ශාලාවේ බුදුන් වස් විසුවා.
බුදුන් පිරිනිවන් පෑවේ කුසිනාරාවේ මල්ල රජවරුන්ගේ උපවත්තන සල් උයනේදී. එහිදී පැන් පහසු උනේ කුකුත්තා නදියෙන්. උපවර්තන උයනේ තවම සල් ගස් පිරි තියෙනවා. ඒ උයනේ පරිනිර්වාණ චෛත්‍ය
ඉදිකර තිබෙනවා. මේ විහාරයේ පටිච්ච සමුප්පාදය ලියපු සෙල්ලිපියකුත්
 තියෙනවා. මේ චෛත්‍ය අසලින් ආදාහනය කළ ස්ථානයේ අගුරු ඈතුලු කොටස් තැන්පත් කර අංගාර කියල චෛත්‍යක් ඉදිකරලා තියෙනවා. මේ ස්ථානය ඊට කලින් නම් කරලා තිබුනේ මකුට බන්ධන කියන නමින්. මල්ල රජදරුවන් අභිෂේක කරන තැන නිසා තමයි මකුට බන්ධන කියල නම් කලේ. මේ සියලුම දේවල් සුත්‍ර දේශනා වල විස්තර වලට සමානයි.





ධර්මාශෝක රජු අශෝක ස්ථම්භ ඉන්දියාවේ ඉදි කලේ බොරු ඉතිහාසයක් ගොඩනගන්න කියල බුදුන් ලංකාවේ උපන්න කතා පතුරවන පිරිස කියනවා. රටවල් විශාල ගණනක් යුධ හා වෙනත් උපක්‍රම වලින් අල්ලාගත්ත ධර්මාශෝක එච්චර අසරණද? ඇයි ලංකාව ආක්‍රමණය නොකළේ? බුදුන් ඉන්දියාවේ ඉපදුනා කියල බලෙන් ඔප්පු කිරීමෙන් අශෝකට මොනවද ලැබෙන්නේ? අශෝකගේ කාලේ ප්‍රධාන ආගම බුද්ධාගම නෙවෙයි. ලාභ සත්කාරයක් ගන්න උවමනාවක් තිබ්බනම් ඔහොම බොරු වර්ණනා කරන තිබ්බේ බ්‍රාහ්මණ ආගමට මිසක් බුද්ධාගමට නෙවෙයි.
මිනිමරුවෙක් ධාර්මිකයෙක් උනේ බුද්ධ ධර්මය ඇසීමෙන්. එච්චර මානසික වෙනසක් උන කෙනා ඒ වගේ ලාමක වැඩ කරයිද? බුදුන් ලංකාවේ ඉපදුනානම් ලංකාවේ විහාර සංවර්ධනය කිරීමනේ ධාර්මික කෙනෙක් කරන්නේ? මේකෙන් පැහැදිලි වෙන්නේ මේ බුදුන් ලංකාවේ ඉපදුනා කියන පිරිස ධර්මය ජිවිතයට පුරුදු කරලා නෑ. ධර්මයේ ගුණය දන්නේ නෑ. ධර්මය සහිත සිතක ස්වභාවය දන්නේ නෑ. මොකද එයාලා කවදාවත් ධර්මය ප්‍රගුණ කරපු අය නෙවෙයි. “අපේ බුදුන්” “ගෝතම බුදුන් හෙළයෙක්” කියල පම්පෝරි ගහනවා මිසක් බුදුන් කවුද කියලවත් ධර්මය මොකක්ද කියලවත් එයාලා දන්නේ නෑ. ඒ නිසා ධර්මාශෝක ධාර්මික පුද්ගලයෙක් උනාට පස්සේ බුදුන් පිලිබඳ විකෘති සාක්ෂි ඇති කළා කියල එයාලට හිතෙන්නේ. මොකද ධර්මයෙන් සිතක් වෙනස් වෙන විදිය මේ අසරණයෝ ටික කවදාවත් අත්විදලා නෑ. අශෝක රජතුමාට මේ ස්ථාන ගැන කියාදුන්නේ මොග්ගලීපුත්තතිස්ස කියන රහතන් වහන්සේ. ලංකාවේ ඉතිහාස වික්රුතිකයන් කියන හැටියට ඒ රහතන් වහන්සේටත් වැරදිලාද?

බුදුන් ලංකාවේ ඉපදුනානම් සුද්දෝ ඒ ඉතිහාස පොත් පත් විනාස කළ පමණින් ඒ ඉතිහාස සාක්ෂි එකපාරට නැතිවෙන්නේ නෑ. මේ වගේ ඉතිහාස සාක්ෂි, පුරාවිද්‍යා සාක්ෂි හා මිනිස්සු අතර ප්‍රායෝගික යෙදීම් විදියට ඒවා ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා තමයි අදටත් වාරියපොළ සීතාවක රාවණ ඇල්ල වගේ දේවල් පවා ඉතුරුවෙලා තියෙන්නේ.

බුදුන් ඉපදුනේ ලංකාවේ කියන අය තමන්ගේ මතය ඔප්පු කරන්න කියන කතාව තමයි බුදුන් ඉපදුනේ ඉන්දියාවේ කියල තියෙන 1870ට පෙර ලියවුනු ලිඛිත සාක්ෂියක් නැතිවීම. 1870ට පෙර තිබුණු සාක්ෂි විනාස උනේ ඒ කාලේ බ්‍රාහ්මණ ආගමෙන් බුදුදහම විනාශ කරන්න කරපු දේවල් නිසා. බ්‍රාහ්මණ රජවරු බෞද්ධ විහාර ගිනිතියලා බෞද්ධයන් සමුළ ඝාතනය කරපු නිසා තමයි ඉන්දියාවෙන් බුදුදහම නැතිවෙලා ගියේ. ඒ විනාශයන් හින්දා තමා 1870ට පෙර සාක්ෂි විනාස උනේ.

ලංකාවේ ප්‍රසිද්ද ස්වාමින් වහන්සේ නමක් ධර්ම දේශනා කීපයකම මේ බුදුන් ලංකාවේ උපන් මිත්‍යාවට පක්ෂව කතා කරනවා දකින්න ලැබුනා. උන්වහන්සේ තමන්ගේ සනාථ කරන තර්කය විදියට ඉදිරිපත් කරන්නේ ලංකාවේ බුදුන්ට අදාළ තැන් වලට ගියාම වෙන තැන් වලට වඩා හොදට භාවනා කරන්න පුළුවන් වෙනවලු. මේක භාවනාව නොදන්න මිනිස්සු රවටන්න කරන ප්‍රකාශයක්. මොකද ඕක ඇත්තද කියලා කරලා බලලා ප්‍රතිපල විමසන්න ලංකාවේ බහුතරයට බෑ ලංකාවේ බහුතරය භාවනා කරන අය නෙවෙයි. අනික එහෙම බලනවානම් ඒ ස්වාමින් වහන්සේව පිරමිඩයක් අස්සට යැව්වනම් ඊට පස්සේ කියන්න ගනී බුදුන් ඉපදුනේ ඊජිප්තුවේ කියල. පිරමිඩ අස්සේදී කොහෙටත් වඩා හොදට හිත එක්තැන් වෙනවා.

හෙළබිමේ සත්‍ය හෙළිදරව්ව කියල මීවන බොරු ඉතිහාස කතා ටිකක් කියන වීඩියෝ එකක් මේ දවස් වල ෆේස්බුක් එකේ sponser කරලා advertisement එකක් විදියට ශෙයා වෙනවා. රහත් කියල අගවන මීවන සල්ලි දීලා බලෙන් තමාගේ මතය පතුරවන්න හදන්නේ ඇයි?
ඒ වීඩියෝ එකේදී මීවනපලානේ කියනවා බුද්ධඝෝෂ හාමුදුරුවෝ සිංහල බෞද්ධ පොත් ගිනි තිබ්බා කියල. ඔහොම දෙයක් කොහෙද තියෙන්නේ? මීවන ඒක බලාගෙනද ඉදල තියෙන්නේ? තමන්ට හිතෙන හිතෙන මත පතුරවන එකද ඉතිහාසය කියන්නේ?

ඇයි මේ බුද්ධඝෝෂ 
හාමුදුරුවන්ට පහර ගහන්නේ. බුද්ධඝෝෂ හිමියන් තමයි සමථ විදර්ශනා භාවනා පිළිවෙලකට පෙලගස්වල “විශුද්ධි මාර්ගය” රචනා කලේ. අවුරුදු සිය ගණනක ඉදන් අද වෙනකම් භාවනානුයෝගින් දහස් ගණනක් මේ ග්‍රන්ථය උපකාරයෙන් ධ්‍යාන අභිඥා මාර්ගඵල ලබාගත්තා. අදටත් භාවනා වඩන ඕන කෙනෙක්ගේ අත්පොත විශුද්ධි මාර්ගය ග්‍රන්ථය. මෙන්න මේ නිසා තමා මිව්නපලානේ බුද්ධඝෝෂ හිමියන්ට පහර ගගහ මිනිස්සු අපහදවන්නේ. මොකද මිනිස්සු භාවනා කලොත් හරියට සමථ විදර්ශනා කලොත් කීයටවත් මීවන වගේ විකෘති කාරයන්ට අහුවෙන්නේ නෑ. ධ්‍යාන, විදර්ශනා ඥාන ලබාගන්න ආසන්න තත්වයකට ආවත් මේ ධර්ම විකෘති හොදින් තෙරුම්කරගන්න පුළුවන්. මීවන බුද්ධඝෝෂ හිමියන්ට පහර ගහන්නේ මිනිස්සු ධ්‍යාන අභිඥා විදර්ශනා ඥාන මාර්ගපල ලබාගැනීම වලක්වගන්න. මේක හොදටම ඇති මීවන කියන්නේ ධර්මය විකෘති කරන්න මාරයා පොලවට එවපු මාර පුත්‍රයෙක් කියල අදුරගන්න. මිනිස්සු ධ්‍යාන ලබගන්නවට මාර්ගඵල ලබාගන්නවාට අකමැති එකම කෙනා මාරයා විතරයි.

බුද්ධඝෝෂ හිමියන්ට පහර ගහනවට අමතරව බුද්ධ භාවනා කියල විකෘති භාවනා පතිරවිමක් මීවනපලානේ කරනවා. මෛත්‍රී භාවනාවත් විකෘති කරලා ආර්ය මෛත්‍රී භාවනාව කියල විකෘතියක් පතුරවනවා. එකේ උගන්වලා තියෙන්නේ සුවපත් වේවා නිදුක් වේවා වගේ බුදුන් දේශනා කල දේවල් නොසිතා සියලු සත්වයෝ සෝවාන් වේවා, අනාගාමි වේවා වගේ දේවල් හිතීමක්. භාවනා ප්‍රගුණ නොකරපු ධර්මය නොදත් අයට එකපාරට මේක ඇහුවම හිතෙන්නේ මේක තමයි හරිම එක කියල. නිකන්ම සුවපත් වේවා කියනවට වඩා බුදුන් දේශනා කරන්න ඇත්තේ සෝවාන්, සකදාගාමී වේවා කියල වෙන්නැති කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා නිවන ප්‍රර්ථනා කරලා ලබාගන්න බෑ කියල. ප්‍රර්ථනා කිරීම හිස් දෙයක් විදියට බුදුන් වදාරලා තියෙනවා කියල. අනික මෛත්‍රී භාවනාව සමථ භාවනාවක් මිසක් විදර්ශනා භාවනාවක් නෙවෙයි. සෝවාන් වෙන සකදාගාමී වේවා වගේ ඒවා හිතල සමතයක් සමාධියක් ලබාගන්න බෑ. බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනාව කල යුතු ආකාරය ඉතාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා සුත්‍ර දේශනා දෙකකදීම. ඒ දේශනා වල තියෙන්නේ නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා කියන දේවල්. ඒවායේ පාලි වචන කොහොම අර්ථ දැක්වුවත් සෝවාන් සකදාගාමී වගේ අර්ථ එන්නේ නෑ. මේ ධර්ම කරුණු ගැන දැනුමක් නැති, සුත්‍ර දේශනා අධ්‍යනය කරල නැති අය මිවනගේ විකෘති ඇත්ත කියල හිතල සත්‍ය ධර්මයට ගරහල විකෘතිය හිස් මුදුනෙන් පිලිගන්නවා.

මීවන මතයක් පතුරවනවා බුද්ධඝෝෂ, මහානාම වගේ හිමිවරු බුදුන් දේශනා නොකළ මහායාන සුත්‍ර ලිවුවලු. මහායාන සුත්‍ර කියවල තියෙන අය දන්නවා මහායාන සුත්‍ර වලයි ථෙරවාද සුත්‍ර වලයි භාෂාව හසුරවල තියෙන විදිය ,ව්‍යාකරණ යෙදීම් සම්පුර්ණයෙන්ම වෙනස්. අනික මහායාන සුත්‍ර රාශියකටම පාලි මුල ග්‍රන්ථ නෑ. ඒවා බොහොමයක් චීන භාෂාවෙන් මුල් පිටපත් තියෙන්නේ. එහෙමනම් ඊට කලින් ලියවුනු පාලි ග්‍රන්ථ මහායාන උනේ කොහොමද? අනිත් කාරණේ මිවනගේ බොරු පිළිගන්න පිරිස මහායාන ලංකාවතාර සුත්‍රය හිස් මුදුනින් පිලිගන්නවා ඒක රාවණාට දේශනා කරපු එකක් නිසා. මීවන කියන හැටියට මහායාන සුත්‍ර බොරුනම් එතකොට රාවණාට කියපු ලංකාවතාර සුත්‍රය පිළිගන්නෙ ඇයි?


බුදුරජාණන් වහන්සේ  ඉපදුනේ ලංකාවෙනම් පාලි බාශාවෙන් බණ කීමේ කිසිම අවශ්‍යතාවක් නෑ සිංහලෙන් පැහැදිලිව දේශනා කරන්න  තිබ්බා. බුදුන් වැඩ ඉදපු කාලේ ලංකාවේ මගධ භාෂාව භාවිතා උනේවත් නෑ. ඒ කාලයට අදාළ කිසිම ලිඛිත හෝ සෙල්ලිපි සටහන් වල මගධ භාෂාව භාවිතා වෙලත් නෑ. මිහිදු හිමියන්ගේ  වැඩමවීමෙන් පසු සමයේදී තමයි ලංකාවේ පාලි භාෂාව භාවිතා උනේ.




පිරිසක් බුදුන් ඉපදුනේ ලංකාවේ කිය කියා පොත් වල තියෙන සෙල්ලිපි ටිකක ෆොටෝ දානවා. ඒ අය ඒ පොත මොකක්ද කියල දන්නෙත් නෑ. පොත ලියපු කෙනා සාමාන්‍ය පෙළවත් පාස්ද කියල දන්නෙත් නෑ. සෙල්ලිපි ඇත්තටම තියෙන ඒවාද, තියෙන්නේ ඒ කියන තැනේද? ඒවා ලියල තියෙන්නේ මොන අකුරු වලින්ද? ඒවා පරිවර්තනය කරලා තියෙන්නේ හරියටද කියල මෙලෝ දෙයක් දන්නේ නෑ. හැබැයි ඇත්ත වගේ පේන සාක්ෂියක් තියෙන නිසා ඔහේ ඒවා පෙන්නනවා. ඒවායේ තියෙන්නේ ලංකාවේ රාජධානි ගැන විස්තරද නැත්තම් වදුරෝ කෙසෙල් කාපු විස්තරද කියලවත් දන්නේ නෑ. ඉතිහාසය දන්න ඉතිහාසය ගවේෂණය කරන අය ඒවා පරිවර්තනය කරලා තියෙන්නේ මොන විදියටද කියල හොයන්නේ නෑ. තමන් නොදන්නා තැනක තමන් නොදන්නා බ්‍රාහ්මි අක්ෂර වලින් ලියපු දෙයක් කොහෙවත් ඉන්න කෙනෙක් තමන්ට ඕනි විදියට අර්ථ දක්වල තේරුමක් කිවුවම ඒක ඔහේ පිළිගැනීම බුද්ධි ගෝචරද?

බුදුන් ඉපදුනේ ලංකාවේ, මහාවංශය වැරදියි ,ඉතිහාසය වැරදියි කියන අයට පොඩි උදාහරණයක් කියන්නම්.

                                     ක්‍රි ව 24 භාතිකාභය රජ කාලේ
 ඇනියෝස් ප්ලකමුස් නම් රෝම නැවියෙක් ලංකාවේ හිටියා. ඒ නැවියා රජුගේ ස්ථුප වන්දනා දැකල  නැවත රෝමෙට ගියාම තමන් දැකපු විස්තර ගේයස් ප්ලිනියස් සිකන්ඩ්ස් නම් ලේඛකයාට කිව්වා. ගේයස් ඒවා තමන්ගේ නචුරාලිස් හිස්ටෝරියා කියන පොතේ ලියල තියෙනවා. මේ වගේ රටවල් කිහිපයක සාක්ෂි පදනම් කරගෙන තමා ඉතිහාසය ගොඩනගන්නේ. නව සාක්ෂි මතුවෙන්න මතුවෙන්න ඒවා තව තහවුරු වෙනවා.
ධර්මාශෝක රජතුමාගේ සෙල්ලිපි වල මහාවංශයේ විතර වලට සමාන විස්තර තියෙනවා. බුරුමයේ චීනයේ ඉතිහාස ග්‍රන්ථ වල මහාවංශයට ගැලපෙන විස්තර තියෙනවා. මේ වගේ තවත් ගොඩක් විස්තර වෙනත් රටවල ඉතිහාස සාධක වල තියෙනවා. දැනට පිළිගන්න ඉතිහාසය ගොඩනගල තියෙන්නේ මහාවංශය විතරක් බලල නෙවෙයි සෙල්ලිපි, වෙනත් රට වල ඉතිහාස ග්‍රන්ථ හා සෙල්ලිපි, නටඹුන් වල Carbon dating ආදී ප්‍රතිපල ඔක්කොම බලල. මීවනපලානේ සිරිධම්මාලන්කාර ඇතුළු නඩය ඉතිහාසයට සාක්ෂි දෙන්නේ කිසිම පදනමක් නැති වචන විකෘති කිරීම් වලින් විතරයි. ඉතිහාසය වචන විතරක් බලල නෙවෙයි පෙලගස්සන්නේ හැම සාධකයක්ම හොදට හොයල බලල.

විශ්ව විද්‍යාල හදපු කාලේ ඉදන් අද වෙනකම් විශ්ව විද්‍යාල වල පාලි ගැනත් ඉතිහාසේ ගැනත් පර්යේෂණ කරනවා. අපේ ඉතිහාසය වෙන රටවල විස්තර එක්ක, අලුතෙන් හොයාගන්න නටඹුන් වල විස්තර එක්ක සසඳලා බලනවා. පාලි හෝ ඉතිහාසේ වැරද්දක් තියෙනවනම් මීවනට කලින් ඒවා ඉතිහාසේ හදාරන අයට හම්බවෙනවා. සුද්දෝ මොනවහරි වරද්දල වහල තියෙනවනම් ඒවා අහුවෙලා ගොඩක් කල්. මොකද විශ්ව විද්‍යාල වල ආචාර්ය වරු හරිම කැමතියි අලුත් මත ඉදිරිපත් කරන්න. එතකොට ඒවා එලි දැක්වීමේ ගෞරවය එයාලට හිමිවෙලා ලෝක ප්‍රසිද්ද වෙනවා. විශේෂයෙන් ඉතිහාසය කරන අය එකට ගොඩක් කැමතියි.

මේකට හොඳ උදාහරණයක් තියෙනවා මානව ඉතිහාසේpiltdown hoax කියලා ගුගල් සර්ච් කරලා බලන්න. මානව වර්ග දෙකක් අතර අතරමැදි මානවයා ගැන විස්තර කාටවත් හොයාගන්න බැරුව තියෙද්දී charles dawson කියල විද්‍යාඥයෙක් තමන්ට ඒ අතරමැදි මානව හිස්කබලක් හම්බුනා කියල එකක් ඉදිරිපත් කළා. ඒක පරික්ෂා කලාම ලක්ෂණ ඔක්කොම අතරමදියට තියෙන්න ඕනි විදියට තියෙනවා. කාලෙකට පස්සේ අනිත් අයට සැක හිතිලා මේක carbon dating test කරලා බැලුවම දැනගත්ත මේ හිස්කබල ඇත්ත එකක් නෙවෙයි මානව වර්ග දෙකේම ඇටකැබලි අරගෙන පුට්ටු කරලා හදපු එකක් කියල. ඔය අලුත් අමුතු ඉතිහාස කතා ඉදිරිපත් කරන අයට තියෙන්නේ මේ මානසික දුර්වල ආශාව. තමන්ට වටිනාකමක් ලබාගන්න බොරු බේගල් පතුරවන එක තමා මේ මානසික රෝගියෝ කරන්නේ.
සරල බුද්ධියක් තියෙනවනම් මේ කරුණු කල්පනා කරලා තේරුම්ගන්න පුළුවන් බුදුන් ඉපදුනේ කොහෙද, සත්‍ය යටපත් කරලා විකෘතිය පතුරවන්න මේ මිනිස්සු කොච්චර දගලනවද කියලා.


මේ වගේ ධර්මයේ නාමයෙන් විකෘති මත පතුරවලා ධර්මය විකෘති කරන චීවරධාරීන් අනාගතයේදී බිහිවෙනවා කියල බලන්ගොඩ ආනන්ද මෛත්‍රී නාහිමියන් වහන්සේ 1990 ගණන් වලදීම පුවත්පත් සාකච්චාවකදී දේශනා කරලා තියෙනවා. ඊටත් කලින් බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා මාගේ ශාසනයේ විනාශය සිදුවන්නේ බාහිර බලපෑමකින් නෙවෙයි ශාසනය තුලින්ම පැනනගින හේතු මගින් කියල.


මේ නිසා සත්‍ය දන්නා ඔබ මෙම බොරු පතුරනවා දකින සෑම අවස්ථාවකම එයට එරෙහි වන්න. නැතහොත් තව අවුරුදු කීපයක් යන විට ඔබගේ දරුවන්ට ධර්මය හා ඉතිහාසය ලෙස ඉගෙනගැනීමට වන්නේ විකෘති රැසකි. විකෘති ඉදිරියේ උපේක්ෂාවෙන් මෛත්‍රීයෙන් නිහඩ වත රැකීමෙන් වන්නේ වික්රුතිකයන්ට රිසිසේ ධර්මය විකෘති කරන්න දී අනාගත පරම්පරා ගණනාවක් අපාගත කිරීමට දායක වීම පමණි.

බුදුන් උපන්නේ ලංකාවේ නොවන බවට සාක්ෂි - දෙවන ලිපිය කියවන්න - මෙතන ක්ලික් කරන්න (Click here )

මීවනපලානේ සිරිධම්මාලංකාරගේ ධර්ම විකෘති - දෙවන ලිපිය   කියවීමට - මෙතන ක්ලික් කරන්න ( Click here )


Comments

  1. Sathya pennanawata obathumata pin. mamath piliganne obathumage mathe. Namuth samaharu me matha wala elbagena innawa. paw. Oba kiyana meewanapalane hamuduru (mata mathaka hatiyata) kiyala thibba Buddha pujawen angameee deviwaru suwada argranaya karala aharaya gannawa kiyala.ekata budun awasara deela thiyanawa kiyala eka pin kiyala. Buddha pujawata wada eken pin (mata mathaka hatiyata)raswenawa kiyala. eka aththada? pahadala denna?

    ReplyDelete
  2. විශුද්ධි මාර්ගය තමයි බෞද්ධ භාවනා වල අත් පොත. ලංකාවේ පෞරාණික භාවනා ක්‍රම වල මුලය.

    ReplyDelete
    Replies
    1. විශුද්ධි මාර්ගයෙ තියෙන භාවනා ක්‍රම වලින් නිවන් දැක්ක අය ඉන්නවාද​

      Delete
  3. නිවරදි කිරීමක් > මමත් බුදුන් ඉන්දියාවෙ ඉපදුනා කියල පිළිගන්න කෙනෙක්..
    එහෙත් ඔබ මහා රාවණා රජු ගැන සටහන් කරල තියෙන දැ වැරදී

    රාවණා රජු ගැන ඔබ දැක්වූ බොහෝ මත සත්‍ය නොවේ

    1 රාවණා රජු ශිව දෙවියන්ට වන්දනා කලෙ නෑ > සිව තාන්ඩය ටම ශිව කිව්වට,සිව තාන්ඩය නිර්මානය කලෙ හිරු වන්දනවට,සිව ලෙසින් හැදින්වනු ලැබුවෙ හිරු...අවශ්‍ය නම් සොයා බලන්න

    2 රාවණා රජු > රා යනු සූර්‍යා ට කියන තවත් නමක්,වන යනු ගෝත්‍රය රාවණ යනු සූර්‍ය ගෝත්‍රයයි,මෙය ගැනද සොයා බලන්න

    රාවණා රජු ස්බම්බන්දයෙන් ඔබ දැක්වූ තව වැරදි මත ඇත

    රාවණා රජු කාලෙ බෙහෙවින්ම වැඩ ගත්තෙ සූර්‍ය ශක්තියෙන්,උන්වහන්සේ දැන සිටිය ඒ ඒ ක්‍රමයන්,මෙතන දිගු විස්තරයක් කල නොහැකී

    සියතෙ යන මහා රාවණා වැඩසටහනට මුල සිට සවන් දෙන්න.....බොහෝ තැන් නුඹට දැනගත හැකිවේවි.
    Siyatha Fm Maha ravana > https://www.youtube.com/watch?v=n07OW1rnRw0

    ReplyDelete
    Replies
    1. සියතේ අය මොන පදනමකින් කියනවද දන්නේ නෑ. හැබැයි රාවනා ශිව වන්දනාව කළා. දැන් ලංකාව පුරාම රාවණාගේ අයිතිකාරයෝ පිරිලා තමන්ට හිතෙන හිතෙන මත පතුරවලා සමාජ අවධානය ගන්න හදනවා. රාවණා කියන්නේ පුද්ගලයෙක් මිස ගෝත්‍රයක් නෙවෙයි. හැබැයි රාවණාගේ දැනුම හා ගොඩනැගීම පරම්පරා කීපයක් තිස්සේ එකතු ඌ දේවල් වල ප්‍රතිපලයක්.
      රාවනා සුර්ය ශක්තිය භාවිතා කලාට සුර්ය වන්දනාව කලේ නෑ. ශිව වන්දනාව නිතරම කළා ශක්තින් ලබාගන්න. ශිව තාන්ඩවය කිසිසේත්ම හිරු වන්දනාවක් නෙවෙයි. එකේ තේරුම කියවල බැලුවනම් හොදට ඒක තේරුම්ගන්න පුළුවන්.

      Delete
    2. rawana raju hiru wandana karanna sakshi na neme sakshi api danne nathi kamai,sakshi thiyenawa...oba ara wedasatahan pelata sawan denna,sawan dila e kiyana dewal hoyagena yanna balanna net eke search karala balanna aththada naththada kiyala,inpasu obatama thiranayak gatha haki,sthuthi...rawana ithihasaya karunu washayen wachana walin liyanna bari nisai mn obata aradana karanne e wadasatahanata sawan denna kiyala e wadasatahan pelatama sawan denna,dila obama e dewal soya balanna.... :) sthuthi..mama nawathimi..

      Delete
    3. Shiva thandawaya thula sampurnayenma thiyenne Maha Shiva Deviyan gana.Ethumage swarupaya,Birinda,Anith siyalu Deviwaru ethumata mal dhamin upahara karana ayuru ehi itha pahadhiliwa wisthara karanawa.Ea bhashawa dhanna ona kenekta eka therenawa.Internet kiyanne thanikarama Aththa ha Naththa mishranayak.ea nisa eyin anith ratawal hoe widhya thakshana pilibandha wisthara anantha pramanayak gatha haki uwath,ape rata wage nuthanayedhi etharam dhenek nodhanna rataka ithihasaya gana hoyann eya kisi sethma hondha thanak nemeyi.Oyala karunakara mulashra wishala prmanayak pariharanaya karanna.Eka mulashryaka dhekak pariharanaya karala ekaparata theerna ganna epa.Meka amaru wadak thama eth ea karameta ada nokalaoth waradhina ida wadiy."Jatatawi Galaj jala prawah pawi thasthale!! Gale vilamba lambitam bhujang tung malikam! D...." meke theiruma mokadhdha kiyala hondhata hoya balanna.

      Delete
  4. Mea hema post ekatama obathumatath obathumage guruthumatath bohoma pin ea wagema thawa deyak kiyanna ona meta wada bawana gena post dammana hodai anapana sathi bawanava wage ekak gena post ekak danna anwashya wada vivada wala peatalenne neathuwa

    ReplyDelete
    Replies
    1. e katawanan atta. eth ithin meka wena kauruth karanneth ne. mahanayaka himiwaru me vikruthi walata deyak karanneth ne. minissunta mewa boruwak kiyala dakinna kohewath thenak ne. e nisa tamai mewa minissunta dakinna kiywanna eka thenakwath thiyenna oni nisa me gena post liyanne. mewa karanna oni minissu sasane vinasa wenna dila uda balan nidi. e nisa apitawath deyak karanna wenawa

      Delete
  5. Obathuma kiyana kathawa hri eath kawru mona vidihata darmaya vikurthi kalath sathya vinasa karanna bea ewa deviyo araksha kranawa mea bawana geana dala thiyana post kiyawala bawana karana ayath innawa ea ayage guruwaraya obathuma neada ea paththata wadath yomu weala thawa post dammoth godak watinawa api mona dea kalath hemoma balaporoththu wenne mea sasara duken athmidenna neada

    ReplyDelete
  6. නේපාලයේ ලුම්බිණිය තහවුරු කරන්න ඇති එකම සාධකට ලිපිය පමණයි. වෙනත් පිළිගත හැකි පුරාවිද්‍යා සාධක නෑ, අනික අපේ පැරණි පොත්වලට අනුව ඉන්දියාව හා නේපාලය පරසමය දේශ. එනම් බුදුවරු පහල නොවන ප්‍රදේශ.

    ජේතවනාරාම ආදී විහාර ආරම වල තහවුරුවට කිසිදු පුරාවිද්‍යා සාධකයක් නෑ. ගොඩනැගිල්ලක් පෙන්වා ඒක ජේතවනාරාමය යැයි කී පමණින් දැන් ඉන්න මිනිස්සු පිළිගන්නේ නෑ.

    1925ට පෙර කිසිම කෙනෙක් ඉන්දියාවේ බුදුවරු පහල වූ බව පිළිගෙන නෑ. කිසිම රජ කෙනෙක් බුදුන් වදින්න ඉන්දියාවේ ගිහින් නෑ

    ඉන්දියාවේ තියෙන්නේ හුදු භක්තිය එක්ක තියන කතන්දර ටිකක විතරයි.

    ReplyDelete
    Replies
    1. බුදුන් වහන්සෙ දෙශන්නා කල එක දෙයක් ඔයාට මතක් කරන්නම් , " බෞද්දයො පිලි ගන්න ඔනෙ ත්‍රිපිටකෙසන්දහන් කරුනු මිසක් අනික් පොත් වල් තිට්යෙන ඩෙවල් නෙමෙයි , එ නිසා බෞද්ද ඉතිහාසෙ දර්මාචාර්ය විභාගෙ වෙනකම් වත් ඉගෙන ගත්ත කෙනෙක් මීව්ලපනාව වගෙ හොර චීවර දාරිය්ප් කියන් දෙවල් පිලි ගන්නෙ නැහ,

      ඔය කියන දෙවල් ඇත්තනම් මුලු ශාශන ඉතිහාසේම බොරු වෙනව
      අනික ඔය මීව්ලපනව වගෙ බොරු ඉතිහාසකාරයො පොත් වල ලියල තියෙන්නෙ 90% බොරු, ඉදිරියෙද්හී අපි එ බව ඔප්පු කරල පෙන්නන්ව

      Delete
    2. @hiran ,
      purawidya sadaka kiyak me post ekema tyenawada?
      uwamanawenma vikrutthiya paturawana ekek neweinan ewa penawa.
      indiyawe newei lankawei hudu baktiya ekka surangana kata tikak hadala darmaya vinasa karanna hadanne. oyata kiyala wedak ne itin oyat e ngo ekenma yepena kenekne.

      Delete
    3. රාවන සම්බන්ධයෙන් කියන කියනලා තියෙන ප්‍රකාශ වැරදි රාවන කියන්නේ පැළපත් නාමයක් ඒකේ රජවරු 11 දෙනෙක් ඉන්නවා. රාවන වංශය සූර්‍ය වංශය. ඒ පිළිබද සොයා බලන්න.

      විසුද්ඩි මාර්ගයේ තියෙන්නේ කසින භාවනා. පටිච්ච සමුප්පාදය ඇතුලු බුද්ධ භාවනා නෑ. බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු ධ්‍යාන එහි ඇතුලත්. ධර්මය හරි හැටි නොදන්නා නිසයි විසුද්ධි මාර්ගය ගුරු කොට සලකන්නේ. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වල ඒකායන මාර්ගය සතර සතිපට්ටානය.

      ඔබ තුමාගේ පෝස්ට් එකේ පුරාවිද්‍යා සාධක නෙවේ තියෙන්නේ නිකන් කතන්දර ටිකක් විතරයි. පුරාවිද්‍යා සාධක පිලිබද අධ්‍යනය කරන්න ඉස්සෙල්ලා.

      Delete
    4. ත්‍රිපිටකය පරිශීලනය නොකිරීමේ විපාකය තමා ඕක. බුදුහාමුදුරුවෝ කොහෙවත් ධ්‍යාන ප්‍රතික්ෂේප කරලා නෑ. විශුද්ධි මාර්ගයේ සඳහන් සමථ කමටහන් භික්ෂුන්ට ලබා දීපු අවස්ථාත් දේශනා වල තියෙනවා. ඒවා කිසි දෙයක් නොදැන කොහෙවත් ඉන්න කවුරුවත් එකපාරට කිවුවම විශුද්ධි මාර්ගයේ තියෙන භාවනා බුදුන් දේශනා කරලා නෑ කියලා අන්ධයෝ වගේ එහෙම්මම ඒ ලනු ගිලිනවා අශ්රුතවත් කමට.
      අඩුමගානේ කියව කියව ඉන්න වෙලේ සතර සතිපට්ටානයවත් වැඩුවා නම් සමථ භාවනාවේ අගය තේරෙනවා. ධර්මය ප්‍රායෝගිකව නොවඩා දාර්ශනික මත කියන පොතේ ගුරාලා උනාට සත්‍ය තේරෙන්නේ නෑ.

      මේ පොස්ට් එකේ පුරාවිද්‍යා සාධක කියක් තියෙනවද කියල සාමාන්‍ය බුද්ධියක් තියෙනවනම් තේරෙන්න ඕනි. එහෙමත් නැත්තන් ඉතින් එන් ජි ඕ එකෙන් හම්බෙන සල්ලි ටිකට කෑදර කමේ ඒවා දැක්කත් නොදැක්ක වගේ ඉන්නවද දන් නෑ.

      Delete
    5. ”න ඛෝ බ‍්‍රාහ්මණ සෝ භගවා සබ්බං ඣානං වණ්ණේසි
      නාපි සෝ භගවා සබ්බං ඣානං න වණ්ණේසීතී”
      ”කථං රූපංඤච බ‍්‍රාහ්මණ, සෝ භගවා ඣානං න වණ්ණෙසී ඉධ බ‍්‍රාහ්මණ, ඒකච්චෝ කාමරාගපරියුට්ඨිතේන චේතසා විහරති, කාමරාගපරේතේන. උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති. සෝ කාමරාගංයේච අන්තරං කරිත්වා ඣායති, පජ්ඣායති, නිජ්ඣායති අපජ්ඣායති…. එවරූපං ඛෝ බ‍්‍රාහ්මණ, සෝ භගවා ඣානං න වණ්ණේසි.”

      බ‍්‍රාහ්මණය, භාග්‍යවතුන් වහන්සේ සියලු ආකාර වූ ධ්‍යානයන් වර්ණනා නොකරති. කාමරාග, පටිඝ ආදී පංචකාම නිවරණයන්ගෙන් වෙන් නොවූ කෙනෙකු, ධර්මයේ නොපිහිටා, යථා අවබෝධයකින් තොරව, ඇති තතු පිරිසිඳ නොදැන (නප්පජනාති) වඩන ලෞකික වූත්, අනරිය වූත් ධ්‍යානයන් මම කිසිසේත් වර්ණනා නොකරමි. අගය නොකරමි. ඒවා නිවනට උපකාර නොවන, සංසාරයේ අතරමං කරනා ධ්‍යානයෝ පමණකි.

      (ගෝපක මොග්ගල්ලාන සූත‍්‍රයෙ)

      පුරාවිද්‍යාත්මක සාධක යනු ගොඩනැගිල්ලක් ගැන කියලා පොතක තියෙන එකක් දාන එක නෙවේ.
      මමනම් කිසිම විද්‍යාත්මක පුරාවිද්‍යාත්මක සාධකයක් දකින්නේ නෑ ඉහත ලිපියේ. ශ්‍රාස්තීය වශයෙන් අසාර්ථක උත්සහයක්.
      ස්වාමීන්වහන්සේ කෙනෙක්ගේ නමක් අල්ලගෙන නිකන් මඩක් ගහන එකයි එන්.ජී.ඕ කියන එකයි විතරයි දැක්කේ.

      Delete
    6. ඔබ අන් අයට අධිමානසික විද්‍යාව උගන්වන්නේ
      අහසින් යාම, ජලය මතු පිට යන්න භාවනා කියා දෙන්නේ
      තවම මා දැක නැත ඔබ අහසින් යන හෝ ජලය මතු පිට යන පෙළහැරක්
      කරුණාකර වීඩියෝවක් දැමිය හැකිද?
      නැතිනම් මෙසේ බ්ලොග් ලිවීමෙන් ඵලක් තියේද?
      ඔබ නොකරන දෙයක් අන් අයට උගන්වන්නේ කෙසේද?

      Delete
    7. යෝග ධ්‍යාන ධර්මය කියන්නේ රටට පෙන්න පෙන්න ෂෝ දාන දෙයක් නෙවෙයි. හැබැයි කරන්න ඕනි කෙනා ඉස්සරහ කරනවා. මෝඩයෝ ඉස්සරහ මෝඩයන්ව සනසවන්න කරන්නෙ නෑ. එහෙම කලේ නෑ කියල මේක කරන්න පින තියෙන බුද්ධිය තියෙන මිනිස්සු නොකර ඉන්නෙත් නෑ. මම දාපු කමටහන් වඩලා මේ වෙනකොට ඕනතරම්ම් අය ධ්‍යාන ශක්ති හැකියා ලබාගෙන තියෙනව. අන්ධ භක්තියෙන් පිස්සෝ සරණ ගිය අයට මේකෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ.

      Delete
    8. මේ කියල තියෙන්නේ සම්මා දෘෂ්ටිය නැති සමාධි ගැන නැතුව ධ්‍යාන වඩන්නෙපා කියල නෑ. සම්මා සමාධිය ගැන චතුර් ධ්‍යාන ගැන ඕනෑතරම් දේශන තියෙනවා. හොරුන්ගෙන් බොරුකාරයන්ගෙන් ධර්මය ඉගෙනගන්න ගියාම කෑලි කෑලි තමා ඉගෙනගන්න වෙන්නේ

      Delete
    9. සම්මා සමාධිනම් හොදයි
      ඒත් ඔය කියන විසුද්ධි මාර්ගයේ හෝ ඔබ කියන සමාධි සම්මා සමාධි නෙවේ.
      ඔබ ලග ධ්‍යාන ලාභීන් ඇති ඒත් මාර්ගඵල ලාභීන්නම් ඉන්න විදියක් නෑ. මොකද විසුද්ධි මාර්ගයේ අන්තිමට කියන්වනේ පටිච්ච සමුප්පාදය හරියට විග්‍රහ කරගන්න බැරි වුනා කියලා.

      මං ඒ ගැන කථා කරන්න යන්නේ නෑ. ඉතිහාස කරුණ තව හොයලා බලන්නවෙයි. මොකද ඔබම කියනවා නේපාලේ සෙල්ලිපිය බොරු කියලා. අනිත් සාධක නිසා ඔප්පු වෙනවා කියලා ඒත් අනිත් සාධක මොනාද කියලා දාලා නෑ.

      අනික කුසිනාරාමේ පටිච්ච සමුප්පාදය සහිත ලිපියක් තිබ්බ පලියට එතන පරිනිබ්බානය උනා කියලා නිගමන දෙන්නේ කිසිම පදනමක් නෑ. ලංකාවේ ඒවගේ ලියපු ඒවා ගොඩක් තියෙනවා. ඒත් එහෙම ප‍ටු නිගමන දෙන්න යන්නේ නෑ.

      අනිත් ඒවත් නිකන් කතන්දර විතරයි. ඉන්දියාවේ වන්දනාවේ එක්කන් යන අයගෙන් ඒ කතන්දර හොදට මං අහලා තියෙනවා.

      පිළුවන්නම් බුදුන්වහන්සේගේ හෝ අරහතුන්වහන්සේලාගේ නම් තියෙන උන්වහන්සේලාට සඝ සතු කර පූජා කල ආරාමයක ලිපියක් සෙල්ලිපියක් ලෙන් ලිපියක් දාන්න බලන්න මුල් පිටපතත් එක්ක. අන්න එතකොට සලකා බලන්න පුළුවන්.

      Delete
    10. This comment has been removed by a blog administrator.

      Delete
  7. මටත් තෙරෙන්නෙ බුදුන් ලන්කාවේ හිටපු ඉතාම බුද්ධිමත් සාමාන්‍ය මනුශ්‍යයෙක්. මේකට මරා ගන්න කවුරුත් හරි බෞද්ධ දර්ශනය පිලිපදින්නෙ නෑ. මටනම් වෙනස් මතයක් දැරීමේ කිසිම වැරැද්දක් පේන්නෙ නෑ. මොකද ඔක්කොම අමු තක්කඩි. මුදුන් මැජික් කාරයෙක් කියල තමයි අපේ පාසල් පොත් වලත් තියෙන්නෙ. අර මතය වඩාත් තර්කානුකූලයි. එහෙම කියල මීවන කියන ඔක්කොම හරි නෑ. නමුත් ප්‍රබල මතයක්. මම දන්න ඉතිහාස මහාචාර්යවරයෙක් පවා මේ මතය දරනවා. නමුත් යම් හේතු නිසා ඔවුන් ප්‍රසිද්ධියේ මේය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිනවා.

    ReplyDelete
    Replies
    1. ළිංමැඩියන් තමන්ට තේරෙන විදියට බුදුන්ව අර්ථකථනය කරලා අනන්ත පව් කරගන්නවා. තමන්ගේ හුණු බිත්තර මොලේ තර්කයට බුද්ධියට ගැලපෙන තර්කානුකුල ඒවා ටික තමයි ඇත්ත කියල හිතනවා. ආත්ම ලක්ෂ ගණනක් පෙරුම් පුරපු කෙනෙක් සාමාන්‍ය කෙනෙක් වෙනවද? සාමාන්‍ය මිනිස්සුන්ටත් ආත්ම දෙක තුනක් පුරුදු කරපු දක්ෂතාවක් තුන්වන ආත්මෙදි අනිත් අයට වඩා හොදට පිහිටනවා නිසඟ හැකියා විදියට. කල්ප ගණන් පුහුණු කරපු අය කොහොම වෙන්න ඕනිද?
      ලෝකල් රහතන්ගේ බන අහල බුදුන් සරණ නොයා හොරුන් සරණ ගිහින් සරණත් නැති ශ්‍රද්ධාවත් නැති අසරණ නමට බෞද්ධයෝ

      Delete
  8. lankawe denata rahathan wahansela weda sitithda? Sittinnenam e kohida... apata kelesun duru kara niwan lebiimata budun melowa pahalawee sitiya yuthumada

    ReplyDelete
    Replies
    1. rahathan wahansela innawa hudakala wela. eyala kemati ne minissu atrata enna.
      keles durukaranna budu keneku sitima aniwaryai

      Delete
  9. Budunwahanse wadaala sowan maga itha sarala ekak yeyi ma asa thibenawa...ese mama e maga gaman kara sowaan wuuwadeyi dena ganne keseda? Wada sarala kramayakin pahadanna

    ReplyDelete
    Replies
    1. sothapaththi lakshana balimen pamanak sowan wela kiyala kiyanna be. sowan nowith sothapaththi lakshana thiyena aya innawa. sowan wela kiyala hariyatama daganne vidarshanaa gnaana walin.

      Delete
  10. බුදුන් ඉපදුනෙත්...ඉපදෙන්නෙත්.ඉන්දියාවෙ..මේ ලෝක දර්මතාවක්...

    ReplyDelete
  11. 1.nila kumbala kiyanne devi knkge namak da?
    2.rawana raju saha waariyapola gramaya athara athi sambandaya mokakda?
    me pilibadawa pahadili kara denna puluwanda? dharma daanaya athi uthkrushta andamin sidukarana sabaa sathpurushayeku wana obathumata godak pin!!!!

    ReplyDelete
    Replies
    1. 1.dewathawiyak
      2. waa- riya - pola = dadumonaraya nawattapu thena

      Delete
  12. danatath nila kumbala dewiya diwyalokaye wadawasanawada?wada wasanawanam ai warthamanaye nila kumbala dewiya adahana bathimathun lankawe natte ? BOHOMA STHUTHII

    ReplyDelete
  13. හරිම දිග රසවත් කතාවක්. බුදුන්වහන්සේට බුද්ධ දර්ශනයට හරිම ආදරයක් නොවැ මෙ ලේඛයයාට තියෙන්නෙ . නමුත් මා පෟද්ගලීකව සාධක මත ලිඛිත හා සෙල්ලිපි සාධක සාහිත්‍යමය සාධක මත . දේශපාලන සාධක මත නිරීක්ෂණය කර නිගමනයකට එලැඹ තිබෙනවා . ඉන්දියාවේ ඇත්තේ ගඩොල් පුරාණයක් පමණි .ලංකාවේ කලුගල් උණුකොට කැටයම් ඔපමට්ටම් කිරිමට තරම් තාක්ෂණික වශයෙන් දියුණු වුයේ බුද්ධ රාජ්‍ය නිසා බවයි . එය දැන් යුග දෙකක් අවසන් කර ඇත. ඇත දුර යුගය . ධර්මාශෝක යුගය . රැවන් වැලි සෑය සෑදෙන තැන . අසොක ස්ථම්භය . මැත දුටු ගැමුණු යුගය . රැවන් මැලි සෑය ඉදි කරිම . අසොක ස්ථම්භය මත.

    ReplyDelete
    Replies
    1. ජම්බුදීප සමයම කියවන හැමෝම ඔය බොරුව කියලා පම්පෝරි ගහනවා. හැබැයි මොනවද කියල ඇහුවම පෙන්නන්න දෙයක් නෑ. කටින් මවලා පෙන්නනවා සාක්ෂි තියෙනවා කියල

      Delete
  14. Valuable artticle Meewana should be a mad fellow.

    ReplyDelete
  15. Manoj Kumara විසින් ඒදා හ‌ෙලදිව Facebook Group ඒක‌ේ ජන්බුද්වීප න‌ොහ‌ොත් මීවනග‌ේ මායාවට අසුවූ පුද්ගලයින්ගනේ අසා ඇති ප්‍රශ්ණ වලට පිලිතුරැ නැති බව ප‌ෙනී යයී

    ම‌ේන්න ඔහු අසා ඇති ප්‍රශ්ණ ටික -
    දැන් මේ ප්‍රශ්න ටිකට උත්තර දෙමු බලන්න එහෙනම්...
    1. හිරිවඩුන්න බෝධිය ශ්‍රී මහා බෝධිය බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි? ලිඛිත හෝ වෙනත් සිහින නොවන සාක්ෂි.


    2. අනුරාධපුර ශ්‍රී මහා බෝධිය ඇත්තද බොරුද? ඇත්ත නම් හිරිවඩුන්න බෝධියට ඇති සම්බන්ධතාවය ගැන සාක්ෂි.( සංඝමිත්තා තෙරණිය ඉන්දියාවේ සිට වැඩමුවය කියන කතාව අදාල නෑ. මොකද ඔයාලගේ මගධය ඉඳන් හිරිවඩුන්නේ ආවා කතා මුකුත් නෑ ඉතිහාසයේ).


    3. බඹරගල ට ලුම්බිණිය ලෙස භාවිතා කළ බවට සාක්ෂි, සෙල්ලිපි, නටබුන් හෝ ලිඛිත සාක්ෂි?? ලුම්බිණිය ලෙස ව්‍යවහාරය බඹරගල බවට පත් වූ හැටි පැහැදිලි කරන්න.


    4. ඉසින්බෑස්සගල බුදු රදුන් සිටි බවට පුරාවිද්‍යාත්මක හෝ ලිඛිත සාක්ෂි?? ඉසිපතනාරාමය ලෙස හැඳින්වූ බවට ඇති ලිඛිත සාක්ෂි??


    5. බුදුගල උපවර්තන සල් උයන බවට ලිඛිත හෝ පුරාවිද්‍යාත්මක සාක්ෂි?? උපවර්තන සල් උයන කඳු පිහිටියේ බෑවුමක බව සාක්ෂි??


    6. ගිරිකුම්භිළ තිස්ස විහාරය රජගහ නුවර බවට සෙල්ලිපි හෝ ලිඛිත සාක්ෂි


    7. බිම්බිසාර, කොසොල්, අජාසත් සහ අශෝක රජවරුන් මෙහි සිටි බවට පුරාවිද්‍යාත්මක හා ලිඛිත සාක්ෂි.


    8. සතරවරම් රජවරුන් යැයි කියා පිරිසක් සිටි බවට හා ඔවුන්ගේ කුම්භාණ්ඩ හා ගාන්ධර්ව වැනි රාජධානි වල නටබුන් මාලිගා හෝ පුරාවිද්‍යාත්මක සාක්ෂි.


    9. බුද්ධ ශක්ති රේඛාව ක් ගැන බුදු රදුන් දේශනා කළ අවස්ථාවක්?


    10. මධ්‍ය දේශය යනු අඩු ගුරුත්ව කලාපයක් බවත්, අඩු ගුරුත්වය සත්‍යාවබෝධයට ඉවහල් වන බව සඳහන් බුද්ධ දේශනාව??


    11. මගධය, ශාක්‍ය ජනපදය, කෝසල ඇතුළු අනිකුත් ජනපද රාජධානි බුදු උපත සඳහා මෙහි පහළ වී බුදු රදුන්ගෙන් පසු කිසිදු සාක්ෂියක් නොතබා අතුරුදහන් වී ගිය ආකාරය පැහැදිලි කරන්න.


    12. අනුරාධපුරය උඩ කෝසල රාජධානියත් රුහුණු රට උඩ මගධය, මල්ල, වජ්ජී, ලිච්චවි, මීතිලා ජනපද සමග ගාන්ධර්ව හෙළය පැවති ආකාරය පැහදිලි කරන්න.


    13. වැදුම් ලෙන ලැබූම් බිල වි ලුම්බිණි වූ ආකාරය වාග් විද්‍යාත්මකව පැහැදිලි කරන්න.


    14. බුදු දහම පන්දහසක් කල් පවතින්නේ ලංකාවේ බවට බුදු රදුන් දේශනා කළ සූත්‍රය පෙන්වන්න


    15. බුදු රදුන්ට සම්බන්ධ ස්ථාන හා කළුගල් අතර සම්බන්ධතාවය පැහැදිලි කරන්න. .���� - මීවනපලාන‌ේ සිරිධම්මා ලංකාර නැමති ශාසන කදපනුවා සරණ යන ඒවුන්ට දැන් කිසි සරණයක් නැ කියලා තමයි .

    ReplyDelete

Post a Comment