Featured Post

බුදුන් උපන්නේ ලංකාවේ කියනා මීවනපලානේ සිරිධම්මාලංකාර ධර්මය විකෘති කරන අයුරු

ධර්මයේ නොමැති සං දේශනාවක් පතුරවමින් කිසිදාක ධර්මය ප්‍රායෝගිකව වඩා නොමැති නාමික බෞද්ධයන් රවටා ධර්මය විකෘති කරන මීවනපලානේ සිරිධම්මාලංකාර නම් චිවරදාරි NGO කාරයා ධර්ම කරුණු විකෘති කරන අයුරු ඒ ඒ ධර්ම කරුණ සහිත සුත්‍ර දේශනා වලට අනුව විග්‍රහ කරමින් ලිපි පෙළක් trekmentor.com වෙබ් අඩවියේ පල කර තිබෙනවා. මීවනපලානේ කියන විකෘති ධර්මයත් එය ධර්මය සඳහන් වෙන නිවැරදි ආකාරයත් පහත ලින්ක් වලින් කියවන්න.




(1). මීවනපලානේ පචෝරිස් හිමි සතර සතිපට්ඨාන දේශනාවේ ධ්‍යාන ලැබීමක් ගැන සඳහන්ව නැති බවට මුසාවක් විස්තර කරන ආකාරය දැක්වෙනවා.
පහත දැක්වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ මහාවග්ගයේ මහාසතිපට්ඨාන සූත්‍රයේ (496 පිටුව) ධ්‍යාන පිළිබඳව සදහන්ව ඇති ආකාරය:
කතමො ච භික්ඛවෙ සම්මාසමාධි? ඉධ භික්ඛවෙ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යන්තං අරියා ආචික්කන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති, තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති, සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ සම්මාසමාධි.
( 1 ) ලිපිය කියවීමට click කරන්න ---> මීවනපලානේ පචෝරිස් හිමි සතර සතිපට්ඨාන දේශනාවේ ධ්‍යාන ලැබීමක් ගැන සඳහන්ව නැති බවට මුසාවක් දෙසීම




(2). පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහයේ සංඥා නොදැක්වේ යැයි මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි මුසාවක් පවසන ආකාරය ඉහත වීඩියෝවේ විනාඩි 1යි තත්පර 11න් පමණ ඉදිරියට ආසන්නයේ දැක්වෙනවා. බුදුරජානන් වහන්සේ දේශනා කළ පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහයේ සංඥා දැක්වෙනවා. සංඥා අඩංගු වන්නේ නාම ධර්මයන්ට. බුදුරජානන් වහන්සේ පටිච්චසමුප්පාදය බෙදා දක්වා ඇති ආකාරය සඳහන් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ නිදාන වග්ගයේ අභිසමයසංයුත්තයේ බුද්ධ වග්ගයේ ඇති විභඞ්‌ග සූත්‍රයේ නාම ධර්මයන් මෙලෙස විස්තර වී තිබෙනවා:
පාළි:
කතමඤ්ච භික්ඛවෙ නාමරූපං? වෙදනා සඤ්ඤා චෙතනා ඵස්සො මනසිකාරො, ඉදං වුච්චති නාමං. චත්තාරො ච මහාභූතා, චතුන්නං ච මහාභූතානං උපාදායරූපං, ඉදං වුච්චති රූපං. ඉති ඉදඤ්ච නාමං, ඉදඤ්ච රූපං, ඉදං වුච්චති භික්ඛවෙ, නාමරූපං.
සිංහල පරිවර්තනය:
මහණෙනි, නාමරූප කවරේ ද? වේදනා ය, සංඥා ය, චේතනා ය, ස්පර්ශ ය, මනස්කාර ය යන මෙය නාම ය යි කියනු ලැබේ. සතර මහාභූතයෝ ද සතර මහාභූතයන්ගේ උපාදායරූප ද යන මෙය රූප ය යි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මේ නාමය ද රූපය ද යන මේ නාමරූප ය යි කියනු ලැබේ.
(2) ලිපිය කියවීමට click කරන්න---> පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහයේ සංඥා නොදැක්වේ යැයි මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි මුසාවක් දෙසීම




(3). මස් කනවා නම් මෛත්‍රී භාවනාව වඩන්න බැරි යැයි මීවනපලානේ පචෝරිස් හිමි පවසන ආකාරය ඉහත වීඩියෝවේ විනාඩි 5යි තත්පර 5න් පමණ ඉදිරියට ආසන්නයේ දැක්වෙනවා. එහිමියන් ඒ පවසන්නේ මුසාවක්.
පහත දැක්වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ මජ්ඣිම පණ්ණාසකයේ ගහපතිවග්ගයේ ඇති ජීවක සූත්‍රයෙන් කොටසක්:
ජීවකය, මෙ සස්නෙහි මහණෙක් එක්තරා ගමක් හෝ නියම්ගමක් හෝ ඇසිරි කොට වාස කෙරෙයි. හේ මෙත් සහගිය සිතින් එක් දිගක් පැහැස විහරණ කෙරෙයි. එසෙයින් මැ දෙවැනි දිග ද එසෙයින් මැ තෙවනි දිග ද එසෙයින් මැ හතරවන දිග දැයි මෙසේ උඩ යට සරස හැම තැන සර්‍වාත්මතායෙන් සකල ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාපාද වූ මෙත් සහගිය සිතින් පැහැසැගෙන විහාර කෙරෙයි. තුලුන් කරා ගැහැවියෙක් හෝ ගැහැවිදරුවෙක් හෝ එළඹ සෙට බතින් නිමන්ත්‍රණ කෙරෙයි. ජීවකය, ඒ මහණ කැමැත්තේ මැ අධිවාසනා කෙරෙයි. හෙ එ රැය ඇවෑමෙන් පෙරවරු හැඳපෙරව පාසිවුරු ගෙන එ ගැහැවියාගේ හෝ ගැහැවි දරුවාගේ හෝ නිවෙස්න කරා එළඹෙයි. එළඹ පැනවූ අස්නෙහි හිඳියි. එ ගැහැවියා හෝ ගැහැවිදරුවා හෝ තුලුන් ප්‍රණීත පිණ්ඩපාතයෙන් වළඳවයි. උහුට මෙවන් සිතෙක් නො වෙයි: ‘මෙ ගැහැවි හෝ ගැහැවිදරු හෝ ප්‍රණීත පිණ්ඩපාතයෙන් මා වළඳවා නම් මැනැවැ.’ ‘මෙ ගැහැවි හෝ ගැහැවිදරු හෝ මතුයෙහි මෙවන් ප්‍රණීත පිණ්ඩපාතයෙන් මා වළඳවන්නේ නම් මනා මැ නු’ යි. මෙ බඳු සිතෙකුදු නො වෙයි. හේ ඒ පිණඩපාතය ග්‍රථිත නො වී මූර්ඡිත නො වී නො ගිජු වී ආදීනව දක්නාසුලු වැ නිස්සරණ ප්‍රඥා ඇති වැ වළඳ කෙරෙයි. ජීවකය, එ කිමැ’යි හඟිහි එ මහණ එ සමයෙහි ආත්මව්‍යාබාධය පිණිස හෝ සිතන්නේවේ ද? පරව්‍යාබාධය පිණිස හෝ සිතන්නේ වේ ද? (මෙසේ ) උභයව්‍යබාධය පිණිස හෝ සිතන්නේ වේ ද? වහන්ස, තෙල නො වේ මැ යැ. ජීවකය, මහණ එ සමයෙහි අනවද්‍ය වූ මැ අහර වළඳන්නේ නො? වහන්ස, එසේ යැ. වහන්ස, බ්‍රහ්ම තෙම මෛත්‍රීවිහාර ඇතියෙකැ’යි තෙල මා විසින් අසනලදි. වහන්ස, ඒ ශ්‍රැතය නම් මාවිසින් භාග්‍යවතුන් වහන්සේ සාක්ෂ්‍යවශයෙන් දක්නාලදහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වනාහි මෛත්‍රීවිහරණ ඇතිසේක. ජීවකය, යම් රාගයෙකින් යම් ද්වෙෂයකින් යම් මෝහයෙකින් ව්‍යාපාද ඇතියෙක් වේ ද එ රාගය එ ද්වෙෂය එ මෝහය තථාගතයන්හට පුහුන් වේ, උසුන්මුල් වේ, මුදුන්සුන් තලක් සෙයින් අවස්තුක කරන ලද වේ. කළ අභාව ඇති වේ. මතුයෙහි නූපදනා සැහැවි ඇති වේ. ජීවකය, ඉදින් තා විසින් මේ සඳහා කියනලද නම් තාගේ තෙල බස් අනුදනිමි’යි. වහන්ස, තෙල සඳහා මැ මා විසින් කියනලදැ’යි.

Comments

  1. meewanapalanewa pannanna puluwan unath samantha bhadrawa nam pannana eka lesi wena ekak na.pora lankawe saahena bawddayo pirisak allagena iwarai.aapahu media walatath bana kiyanna ei wage.obathuma dakinna athi me poya dawase amadahara thibune man ge maaligawe.ehema awoth thawath bawddayo lot ekakma iwarai.

    ReplyDelete
    Replies
    1. e unata pitiduwe dan ratema chater wela thiyenne. hemoma dannawa eya horek kiyala. oya hemomawama sasanen ain karanna ekadigata weda karanna oni. ekkenekwath aterala hariyan ne

      Delete
  2. Replies
    1. ngo karayek kiyanne bududahama vinasa karanna salli gewana pitaratawal wala company walin salli aran sasane vinasa karana minissu

      Delete
  3. ඔය පිටිදූවේ සිරිධම්ම කියන හොර රහත, ගිය නවම් පොහොය දවසෙ ස්වර්ණ වාහිනී මාද්‍ය ඉදිරි යේ සිටියෙම, ප්‍රශ්ණ ඇසීමට පැමිණි මට, ගහල අත පය ගැට ගහල එලියට දාපන් කියල,මැරයො මාව එලියට දාන කොට එතන එකම එක සිංහල යෙක් වත්,මේ සාසනේ ට ආදරේ කරන එකෙක් හිටියෙ නෑ?
    කොන්ද පනනැති හැත්ත !

    ReplyDelete
  4. obathumage potha me awrudde BMICH book fair ekedi elidakwanawada?godak aasawen inne kiyawanna...

    ReplyDelete
  5. yogithumani,
    1. Parinamikawa godak pahala mattamka sitina bacteria thulath විඥානයක් thiyenawada?

    2. Thiyenawanam genatic engineersla minis DNA wala adangu jana atham bacteriawanta athul kara minisata prayojanawath wana hormona nipadawa ganeema paapayakda?[මා ජාන ඉංජිනේරු විද්‍යාවට දැඩිසේ ඇලුම් කරන අතර ජාන ඉංජිනේරුවරයෙකු වීමටත් යම් අදහසක් තිබේ.]

    ReplyDelete
    Replies
    1. 1.ඔවු බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඇසට නොපෙනෙන තරම් කුඩා ජීවින් ගැන. ඒ ජිවිනුත් කර්ම චක්‍රයට අයිති බව දේශනා කරලා තියෙනවා

      2.නෑ.එකේදී කිසිම හානියක් කරන්නේ නෑනේ? ඒ ජීවීන්ගේ තියෙන අවිඥානික ගතිය වැඩිකම නිසා ඒ ජිවින්ට හානියක් කලත් කර්ම විපාකය බලවත් වෙන්නේ නෑ. හැබැයි "මේක කරලා පව්ද දන් නෑ, මම පවක් කරගන්නවා" වගේ දේවල් හිත හිත පසුතැවි තැවී කරන්න ගියොත් විපාකය බලවත් වෙනවා. එතකොට කරන ක්‍රියාවේ විපාකෙට වැඩ හිතන දේ නිසා විපාකයක් සකස් වෙනවා. "චේතනාහන් භික්ඛවේ කම්මං වදාමි"

      Delete
  6. pilithuru walata sthuthii..athm scientistla kiyanawa eya bacteriawan wahal sewaye yedaweemak kiyala..

    ReplyDelete
  7. yogithumani,pirimi knk marila dewyaloketa gihin ipadunoth ipadenne dewiyek widiyatada? gahanu knk marila dewyaloketa gihin ipadunoth ipadenne dewaganak widiyatada?prarthanawa anuwa eya wenas kara gatha nohakida?

    ReplyDelete
    Replies
    1. samanyen wenne ehemai. prarthana karala wenas karanna puluwan. pinkam karala prarthana karanna

      Delete
  8. pilithurata sthuuthi...apoo oni na yogithumani mn kollek

    ReplyDelete
  9. yogithumanai,lookaye nathnam yamkisi rataka samaya kada wena awastaa wala shakthi awadi karagath uthuman dharmaya isthaapitha kireemata idiripath noweida? [ lankaawe ayemath jaathiwaadi aragala patan ganna wage yanne }

    ReplyDelete
    Replies
    1. ehema karanne ne. samanya vidiyata karanna puluwan dewal karanwa. e unata tamange balayan bawita karanne ne. wishwaya galagena yana widiyata galagena yanawa. ekata bada karanna enne ne kauruwat. ewa sidda wenne hethu nisa. e e pudgalayange karma balapem nisa. ewa yatapat karanna buduwaruwat utsaha karanne ne

      Delete
  10. ane ikmanata adhimanasika hakiyaa athdakeem lipiyak daannakoo yogithumani...eka obathuma dala thiyena shakthi awdi karana bawana ath hadabalamin inna ayata loku motivation 1k wei aniwarayenma....

    ReplyDelete
  11. yogithumani,
    1.kisidu ahithakara chethanaawakin thorawa,kroda sithuwillakin thorawa,apahaasa kireeme chethanaawakin thorawa nikamma nikam kadadaasi kaallak pulussana chethanaawen budu radunge ho wenath puujaniya isthana wala pinthuura puchchana eka pawda?ehema karana eka hoda nadda?

    2.e wagema podi kale liyapu poth,andapu adum puchchanna hoda nadda?

    [ape amma me dewal karanna hoda na kiyala gedara mewa goda gahagena innawa..aluth awrudde mewa sampuurnayen ayin karanna kalin e pilibadawa obathumagen upadesak ganna oni nisai comment kale..]meka me post ekata adala ekak nowenna puluwan. eth answer plzzz..

    ReplyDelete
    Replies
    1. eke kisima pawak ne. "chethanahan bhikkawe khamman wadaami" kiyala dehanaa kale. chethanawe thiyenne godagehunu kadadaasi iwath kirimanan ekata pawak wenne ne.
      buddha rupa dewa rupa poth path kunugodakata wisi karana ekanam hoda ne. pawak ne e unata eka gelapenne ne. eka agaurawa kirimak wage. e nisa karanna thiyena hodama de puchchana eka

      Delete
  12. Third eye එක තියනවනම් ඉතින් ඔබතුමාටම බලන්න පුලුවන්නෙ බුදුන් උපන්නෙ ලංකාවෙද, ඉන්දියාවෙද , නැත්තම් වෙන කොහෙවත්ද කියල.

    ReplyDelete
    Replies
    1. මම හිතින් දකින දෙයක් වෙන කෙනෙක්ට පෙන්වන්න පුලුවන්ද?
      මිනිස්සුන්ට දෙයක් ඇත්තද බොරුද කියල පෙන්නන්න නම් පෙන්වන්න ඕනි සාක්ෂි

      Delete
  13. ඒක හරි. ඔබට තේරිල තියන විදියට මොකක්ද මෙ අනිච්ච කියන්නෙ. මොන අදහසින්ද

    ReplyDelete
    Replies
    1. ධර්ම කරුණු අපිට තේරෙන තේරෙන විදියට අර්ථ දක්වන ගියාම වෙන්නේ පඹ ගාලේ පැටලෙන එක. ධර්ම කරුණු අපිට තේරෙන විදියට තෝරලා හරියන්නේ නෑ කරන්න ඕනි බුදුහාමුදුරුවෝ තෝරලා දීලා තියෙන චිදියට පිළිගන්න එක.
      අනිච්ච කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියල ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවාම අනිච්ඡ කියන්නේ වෙනස් වීම කියල බුදුන් දේශනා කරපු දේශනා 500ක් විතර තියෙනවා ත්‍රිපිටකයේ.
      ඒවා ගැන උදාහරණත් එක්ක මම දාලා තියෙනවා "ධර්මය විකෘතිකරන්නෝ 2 " පොස්ට් එකේ

      Delete
  14. Post එක කියව්ව.

    1. ඔය Big Bang theory එක ග්ණිතමය සංකල්පයක් විතරයි. Cosmic microwave Background එක වගේ ඒව පැහැදිලි කරන්න පුලුවන්. ඕව තනිකර සම්මත මතවාද. මොකක් හරි පැහැදිලි කරන්න ඕන උනාම මොකක් හරි ආකෘතියක් ගේනව. ඒකෙන් බැරි වෙද්දි තව එකක් ගේනව.

    2.ගිරිමානන්ද සූත්‍රයෙ ඔය උපුටල තියන කොටසෙන් රූපං අනිච්චං,වේදනා... ආදී ලෙස කියන්නෙ පංච උපාදනස්කන්දයෙ අනිච්ච ගැනනෙ. එතනදි තාම අනිච්ච වචනෙ විග්‍රහ උනේ නෑ. මේ කොටස බලන්න "කතමාචානන්ද සබ්බ සංකාරේසු අනිච්චඥා; ඉදානන්ද භික්කු සබ්බසංකාරෙහි අට්ටීයත් හරායති ජිගුච්චති. අයං වුච්චතානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා."
    සියලු සංස්කාර කෙරෙහි පෙලෙයි,හිරි කෙරෙයි, පිලිකුල් කෙරෙයි, මේ අනිච්ච සංඥාව.
    ඔය තියෙන්නෙ පැහැදිලිව. සත්ත්වයා සියල්ලෙන් පෙලෙනව, ඒ පෙලීම් අතරින් සතුටක් හොයනව. තවත් පෙලෙනව මිසක් හම්බිච්ච සතුටක් නෑ. ටොක්කක් කාල ඔලුව අත ගාද්දි දැනෙන් සුවය වගෙ එකක් තමා සැප කියල විදින්නෙ. ඒවගෙනුත් උපේක්ෂා මට්ටමකට එනව මිසක් සුවයක් නම් නෑ. කොයි අතින් බැලුවත් පෙලෙන දේවල්(ලවුකික).
    පටිසම්භිදාමග්ගප්ප්‍රකරනයෙත් අනිච්ච විග්‍රහ කරනව. උප්පාද වැයට්ඨේන අනිච්ච... උප්පාද වැය කියන්නෙ මොකක්ද කියල නෙත්තිප්පකරනයෙ තියනව. මේ සියල්ල දකිද්දි 50 ලක්ශනයකින් අනිච්ච දකිනව කියල කියනව. බුදු දහමෙ නිවන් දැකීමට අදාල අනිච්ච ඔය විදියට විග්‍රහ කරල තියනව.
    මේ තරම් විග්‍රහයක් පැත්තට දාල අනිත්‍යයි අනිත්‍යයි කිය කිය හිටියට හරියන්නෙ නෑ. ඒකත් වැරදි නෑ. ඒක හරියට අලිය කෝ අහපුවාම නගුට පෙන්නුව වගේ තමා අනිච්ච අහපුවාම අනිත්‍යයි කියන එක. මේක බුද්දියෙන් විමසල බලන්න.
    විනය පිටකයෙ තියනව ලෝකායත ශාස්ත්‍ර ඉගෙනීම ඇවැත් බව. ඒ ඇයි කියලත් පෙන්නල තියනව.ඔය සංස්කෘතත් එහෙම එකක්. එපා කියපුව ඉගෙනගෙන ධර්මයෙ එන අදහස් සංස්කෘතවලින් දෙන්න ගියා. අනිච්ච, අනිත්‍ය වුනා. ශබ්ද කෝශයෙ අනිත්‍ය කියන්නෙ ස්තීර නෑ කියන එක. ඉතින් ඒ අදහස දැම්ම අනිච්ච කියන එකට. ඒකෙන් මේ සා විශාල අදහසක් වැහිල ගියා. ස්තීර නැති අදහසින් අනිච්චයි කියල ත්‍රිපිටකයෙ කොහෙ හරි තියනවනම් පෙන්නන්න.

    ReplyDelete
    Replies
    1. obage mithyadrushtiyen apagatha wana gamanata mage suba pathum (Y) (Y)

      Delete
    2. විශාල අදහස වැහුනේ අනිත්‍යයි වෙනුවට වෙන බේගලයක් ඇද බාද්දී. බුදුරජානන්වහන්සේ දේශනා කරේ මේ අනිත්‍ය වූ ඇස අවබෝධ කරන්න, අනිත්‍ය වූ කන අවබෝධ කරන්න ආදී වශයෙන් මිසක් ලාමක ඉච්ජා බංගත්වයක් ගැන නෙමේ. අනිත් එක දම්සක් පැවතුම් දේශනාවේ පැහැදිලිවම උන්වහන්සේ "කැමති දේ නොලැබීම" "යම්පි ඉච්චං නලබති තම්පි දුක්ඛං" යනුවෙන් පැහැදිලිවම දේශනා කරා තනි වචනෙන් අනිච්ජං කියන්නේ නැතුව.

      මෙච්චර ගාම්භීර අනිත්‍ය ධර්මයට ලාමක අර්ථයක් දීලා ධර්මයක් අවබෝධ කරන්න තියා ධර්මයේ හුලගවත් වදියිද?

      Delete
  15. ස්තීර නැති අර්ථයෙන් අනිච්චයි කියල දේශනා කරල තියන තැනක් තියනවනම් කියන්න. ත්‍රිපිටකයෙ තියන එක ඒ විදියට කියපු එකද මිත්‍යා දෘෂ්ටිය. පොඩ්ඩක් හොයල බලන්න. තියනවනම් මටත් කියන්න. එහෙම එකක් හොයා ගන්ට නැති උනොත් මෙච්චරකල් කරපුව ගගට ඉනි කැපුව වගේ වෙන එක ඇත්ත. හදවතට එකග වෙන්න. නැත්තම් තමන්මයි වලේ වැටෙන්නෙ.වරද්දක් උනානම් පිලිගන්න මැලි වෙන්න එපා. වැරද්ද වහල තාවකාලික පිලියමක් කරාට ඒක මේ අනන්ත සංසාරයක් ගෙවන්න වෙන එකක්.මේ කාරනෙ ඔබම හොයල බලල ලිහා ගන්න.අරහෙම එකක් ත්‍රිපිටකයෙ කොහෙද තියෙන්නෙ. හොයල කියන්න. මේව දිහා මමත්වය පෙරදැරි කරගෙන බලන්න එපා. එතකොට ඇත්ත පේන්නෑ.
    ඔබ නිර්වානයෙන් සදාකාලිය සුවයට පත් වෙත්වා!

    ReplyDelete
    Replies
    1. eka ekkenata wenama cmnt karanna beri nisa tamai anichcha gena wenama post ekak damme

      Delete
  16. ඔබ තුමා හරි ධර්මයක් දන්නවා නම් කාටවත් නිඝ්‍රරහ කරන්න එපා ඒ බුදු හාමුදුරුවන්ගේ දේශනාව නෙවෙයි.ඔබ තුමාගේ දෙවේශයෙන් පේනවා ධර්මය නොදන්නා කම.

    ReplyDelete
    Replies
    1. nigraha karala ne. meyala karana weda elidaraw karanakota ibema eyalata nigraha wenawa.
      horaata horaa kiynakota horaata nigraha wenawa. ekata karanna deyak ne. ekata meyala weradi nokara hitiyanam harine?
      asarana minissu rewatena eken beragannanam meyalata nigraha karanna wenawa

      Delete
  17. මීවන ගැන ලියපු පලවෙනි ලිපිය මන් කියෙව්වේ මීට අවුරුද්දකට විතර උඩදී.. එත් ඒ කාලේ හිතුවේ මෙච්චර මෝඩයෝ ඉන්නවද කියල මේ ගල් පැලෙන බොරු පිළිගන්න. හැබැයි මට නිකමටවත් හිතුනේ නෑ මේක මාර උගුලක් කියල.

    සියුම්ව පටන් අරන් පිළිලයක් වගේ මේක දැන් උඩට ඇවිල්ල තියෙනවා. අහෝ බුද්ධ භුමිය ගැන මිනිස්සු රොතු පිටින් අපහදිනවා නේද කියල පුදුම සංවේගයක් ඇති වෙන්නේ.

    මහත්තයෝ.. ඔබතුමාගේ මේ බ්ලොග් එක කියවන පිරිස බොහොම අඩුයි. ඔබතුමාගේ fb page එකක්වත් තියෙනවද කියල මන් දන්නේ නෑ. හැබැයි මේ වෙලාවේ ඔබතුමන්ලා වගේ අයගෙන් ඉතාම ලොකු වගකීමක් රාජකාරියක් ඉෂ්ට වෙන්න ඕනේ කාලයක්. පිරිසිදු ධර්මය හදවතේ තියන් ඉන්න ස්වාමින්වහන්සේලා, ගිහි පිරිස එකතු වෙන්න ඕන කාලේ මේක.

    මේ අවලාද වලට පිළිතුරු දෙන්නත් අසරණ වෙන්න නියමිත පිරිස බේරගන්න කරුණු දක්වන්නත් ඔබ වැනි අය ඉදිරිපත් විය යුතුයි.

    ReplyDelete

Post a Comment