Featured Post

කුණ්ඩලිනී ශක්තිය අවදි කරවන නිවැරදි භාවනාව Kundalini Meditation

කුණ්ඩලිනි ශක්තිය අවදි කරන භාවනාව
කුණ්ඩලිනි ශක්තිය අවදි කරන භාවනාව 

කුණ්ඩලිනි චක්‍ර අතරින් අවසාන චක්‍රය වෙන ආඥා චක්‍රය අවදි කරගැනීමේ විශේෂ භාවනාව මම පළමු ලිපියෙන් සදහන් කළා. එම ලිපිය කියවීමට (මෙතන ක්ලික් කරන්න Click here )  ඒ ක්‍රමයේදී බොහෝ විට වෙන්නේ ආඥා චක්‍රය පමණක් අවදි වීම. කලාතුරකින් සියලුම චක්‍ර ඔස්සේ කුණ්ඩලිණිය අවදි වෙලා ආඥා චක්‍රය අවදි වීම සිද්දවෙන්න පුළුවන්. මුලාධාර චක්‍රයේ සිට අනිත් චක්‍ර අවදි කරගැනීමට වෙනම භාවනාවක් තිබෙනවා. මේ ලිපියෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ භාවනාව ගැන. 
කුණ්ඩලිනිය අවදි කිරීම ගැන ගොඩක් video හා ලිපි දැන් හුවමාරු වෙනවා. හැබැයි ඒවායින් එකකවත් නිවැරදි ක්‍රමය අද වනතුරු දකින්න තිබුනේ නෑ.  බොහෝ ලිපි වල තියෙන්නේ ශක්තිය අවදි වෙන විදියේ භාවනා නෙවෙයි ශක්තිය අපතේ යන විදියේ භාවනා. කුණ්ඩලිණිය අවදි වෙලානම් කවදාවත් එහෙම ක්‍රමයක් අනුමත කරන්නේ නෑ. නිවැරදි  භාවනා හදුනාගන්න විදිය ලිපියේ අන්තිමට සඳහන් කරන්නම්.

කුණ්ඩලිනි ශක්තිය අවදි වූ විට කල නොහැකි දෙයක් නැති තරම්. අහසින් ගමන් කිරීම, ජලයේ ගමන් කිරීම, අදෘශ්‍යමාන වීම, ශරීර කීපයක් මවාගැනීම, භෞතික දේවල් විනිවිද යාම, දෙවියන් අමනුෂ්‍යයින් දැකීම, දිව්‍යලෝක හා පරසක්වල ලෝක වලට ගමන් කිරීම, මින්සුන් සතුන් මෝහනය කිරීම, රෝග සුවකිරීම, කයෙන් සිත වෙන් කිරීම, සිතකින් සිතකට සන්නිවෙනදනය කිරීම, මිනිසුන් සතුන් මෝහනය කිරීම, තුන්කල් දැකීම, පෙර ආත්ම අනාගත් ආත්ම දැකීම, මහා ශක්තිවන්ත වීම, වෙනත් ශරීරයකට ඇතුළුවීම, හදවත නැවැත්වීම වගේ අධිමානසික හැකියාවන් සියල්ලම කුණ්ඩලිණිය සම්පුර්ණයෙන් අවදි කල විට ලැබෙනවා.


භාවනාව ගැන කියන්න කලින් සුෂුම්නාවේ පිහිටීම සරලව පහදලා දීම හොදයි කියල මම හිතනවා. මේ තියෙන්නේ අපේ කොඳු ඇට පෙළ. වමෙන් තියෙන්නේ ශරීරයේ ඉදිරියෙන් බලද්දී පෙනෙන ආකාරය. මැදින් තියෙන්නේ ශරීරයේ පිටුපසින් බලද්දී තියෙන ආකාරය, දකුණින් තියෙන්නේ ශරීරයේ වම පැත්ත දිහා බලද්දී පෙනෙන ආකාරය.
කුන්ඩලිනි
කොඳු ඇට පෙළ හැදිලා තියෙන්නේ කශේරුකා කියන අස්ථි වලින්. පහළින්ම තියෙන කශේරුකා නවය  5ක් හා 4ක් බැගින් එකට හා වෙලා ත්‍රිකෝණ හැඩයකින් තියෙනවා. ඒ 9 හැර අනෙක් කශේරුකා හානොවී වෙනම පවතිනවා. එවැනි සාමාන්‍ය කශේරුකාවක කොටස් 2ක් මුලිකව දක්වන්න පුළුවන්. ඒවා තමා කශේරුකා දේහය හා  කශේරුක නෙරුම් සහිත ප්‍රදේශය. මේ ප්‍රදේශ 2 අතර තියෙන  කුහරමය ප්‍රදේශය තුලින් සුෂුම්නාව තියෙනවා.
කුන්ඩලීනි
සුෂුම්නාව 
කශේරුකා වල කශේරුකා දේහ කොටස් තිබෙන්නේ ශරීරයේ ඉදිරිපස පැත්තට මුහුණලා, කශේරුක නෙරුම් කොටස් පිහිටලා තියෙන්නේ පිට දෙසට මුහුණලා.
කුන්ඩලිනි
කොඳු ඇට පෙළේ පහළම කශේරුකාව අසල සුෂුම්නාවේ පහල කෙලවරේ තිබෙන කුණ්ඩලිනි ශක්තිය අවදි වූ විට කොඳු ඇටයේ සිට ඉහලට නැගලා සුෂුම්නාවේ පහල අන්තයෙන් ඇතුළු වෙලා සුෂුම්නාව දිගෙ ඉහලට ගමන් කරනවා.භාවනාව කිරීම සඳහා මේ පිහිටීම් දැනගෙන සිටීමෙන් පහසුවක් වේවි.

කුණ්ඩලිනි
කුණ්ඩලිනිය අවදි වීම 

කුණ්ඩලිනිය අවදි කිරීමේ භාවනාව සඳහා මුලින්ම පිරිසිදු නිදහස් ස්ථානයක පද්මාසනය හෝ සුඛාසනය ආසන දෙකෙන් එක් ආකාරයකින් වාඩිවෙන්න. පතුල් උඩු අතට හිටින විදියට පද්මාසනයෙන් ඉන්න පුලුවන්නම් වඩා සුදුසුයි. මේ භාවනාවේ ශක්ති ගබඩා කිරීම හා ශක්ති සංසරණය කිරීම විදියට අදියර 2ක් තියෙනවා.

පළමුවෙන්ම පොලවේ තියෙන විශ්ව ශක්තිය පොලවේ සිට මුලාධාර චක්‍රයට ඇවිත් එහි එක්රැස් වෙනවා කියල හිතන්න. මේ විදියට හිතින් දකිමින් භාවනා කරන්න.
මේ විදියට අනිත් චක්‍ර හය තුලත් ශක්තිය ගබඩා කරන්න. පැයක් පමණ මේ පියවර කරන්න.

කුණ්ඩලිනිය මුලික හැදින්විමේදීත් මම සදහන් කළා බොහෝ අය කුණ්ඩලිනි චක්‍ර වලට පිටතින්  සහසාර චක්‍රය ඇතුලත් කරලා ඉගැන්වුවට කුණ්ඩලිනිය ගමන් කරන මාර්ගයේ අග නෙවෙයි සහස්‍ර චක්‍රය පිහිටලා තියෙන්නේ. කුණ්ඩලිනිය අවදි වෙන මාර්ගය මුලාධාර චක්‍රයෙන් පටන් අරන් ආඥා චක්‍රයෙන් අවසන් වෙනවා. සහසාර චක්‍රය තිබෙන්නේ ආඥා චක්‍රයට කලින්. භාවනා කරගෙන යනකොට ඒ ඒ චක්‍ර තියෙන තැන් තමන්ට දැනෙන්න ගන්නවා. ඒ නිසා භාවනාවට පෙර දල වශයෙන් ඒවායේ පිහිටීම දැනගැනීම ප්‍රමාණවත්. චක්‍ර වල පිහිටීම කුණ්ඩලිනි ශක්ති හැදින්වීම ලිපියෙන් සදහන් කළා. එම ලිපිය කියවීමට මෙතන ක්ලික් කරන්න ( Click here )
කුණ්ඩලනි ශක්තිය
කුණ්ඩලිනි චක්‍ර හා නාඩි

මීලගට මුලාධාර චක්‍රයේ සිට ශක්තිය ඉහල නැග සුෂුම්නාව  ඔස්සේ ගමන් කර - තෙවැනි ඇස හරහා ශරීරයෙන් ඉවතට ඇවිත් - ශරීරය බාහිරයෙන් නැවත පහලට ඇවිත් - මුලධාර චක්‍රයෙන් ශක්තිය ඇතුළු වෙන බව හිතන්න.
මේ විදියට චක්‍රාකාරව ශක්තිය රවුමට සංසරණය(circulate)  වෙන බව හිතමින් පුළුවන් තරමක් වෙලා භාවනා කරන්න. ශක්තිය මුලාධාරයේ ගබඩා වෙනවා කියල හිතන්න. මේ පියවරත් පැයක් පමණ කරන්න.
භාවනාව නවත්වන විට ශක්ති සංසරණය කිරීම මුලාධාර චක්‍රයෙන් නවත්තන්න.  

කුන්ඩලිනි භාවනාව
කුණ්ඩලිනි භාවනාව 

මේ විදියට ශක්තිය සංසරණය කිරීමේදී කුණ්ඩලිනිය අවදි වෙනවා. කුණ්ඩලිනිය අවදි වෙනකොට කොදු ඇට පෙළ දිගේ, සුෂුම්නාව දිගේ ශක්තියක් ඉහළට ගලාගෙන එනවා වගේ සංවේදනයක් ඇතිවෙනවා. සුෂුම්නාව දිගේ උඩට සිතල හා උෂ්ණ ගති කියන දෙකම එකවර දැනෙන ශක්තියක් උඩට ගමන් කරනවා වගේ දැනෙනවා. සමහර කෙනෙක්ට තමන්ගේ පිට කොන්ද දිගේ උඩට ආලෝකයක් උඩට එනවා වගේ සිතට අරමුණු වෙන්න පුළුවන්. සමහර කෙනෙක්ට ඇග දෙපැත්තට ගැස්සෙනවා හෝ කරකැවෙනවා වගේ දැනීමක් ඇතිවෙන්න පුළුවන්. සමහර අයට කිසිම විශේෂ දැනීමක් නොදැනෙන්නත් පුළුවන්.

එකදිගට දිගු වෙලාවක්  එකම විදියට ඉදිමේදී මාංශ පේශි ගැස්සීම නිසාත් ඇග ගැස්සෙනවා වගේ දැනීම්  ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ විවිද අත්දැකීම් ලැබුණු පලියට තමන්ගේ කුණ්ඩලිනි ශක්ති අවදි වෙලා කියල මුලා වෙන්නෙපා. මේ කාලේ බොහෝ භාවනා ගුරුවරු ලෙසට පෙනී ඉන්න අය තමන් ගාවට එන භාවනා කරන ආධුනිකයන්ව මේ වගේ සුළු අත්දැකීමක් ලැබුණු ගමන් රැවටීම සිදුකරනවා "ආ ඔය කුණ්ඩලිනිය අවදි වෙලා, ඔය පලවෙනි ධ්‍යානය" වගේ දේවල් ප්‍රකාශ කරලා. ඒ වගේ ලස්සන බොරු වලට මත් වෙන අය තමන් දියුණු වෙලා කියල හිතාගෙන තමන්වම රවටා ගන්නවා. ඒක හිස් දෙයක් කියල පැහැදිලි කරලා ඇත්ත කියන අයව ප්‍රතික්ෂේප කරලා තමන් අහන්න කැමති ජාතියේ බොරුවක් කියන කෙනාව පිලිගන්නවා. මෙතැනදී ක්‍රියාත්මක වෙන්නේ සිතේ තියෙන "මමත්වය".
"මගේ ශක්ති අවදි වෙලා" "මම ධ්‍යානලාභියෙක්" මම මාර්ගඵල ලාභියෙක්" වගේ වර්ණනාවක් තමන් විසින්ම ආරෝපණය කරගෙන හිතේ තියෙන මමත්වය සතුටු කරන්න තියෙන උවමනාව නිසයි බොහෝ දෙනෙක් භාවනා අත්දැකීම් ගැන කියන බොරු වලට රැවටෙන්නේ. තිත්ත ඇත්ත පිළිගන්නවාට වඩා ලස්සන  බොරුව පිළිගන්න ඔවුන්ගේ මමත්වය විසින් මෙහෙයවනවා.
ශක්ති අවදි උනානම් ඒ ශක්තිය මගින් කරන්න පුළුවන් දේවල්, ඒ ශක්තිය භාවිතා කරන්න පුළුවන් ආකාර  ගැන ස්වාභාවිකවම අවබෝධයක් ලැබෙනවා. ඒ දේවල් කරලා බැලුවම ඒවා ඇත්තටම සිද්ද වෙනවා. අමුතු අත්දැකීම් විතරක් දැනිලා නවතින්නේ නෑ. අත්දැකීමක් ලැබුනට තමන්ට ඉර්ධි වැනි හැකියාවක් ලැබී නැත්නම් ඒ කියන්නේ තමන්ගේ ශක්ති අවදි වීමක් වෙලා නෑ කියන දේ හොදින් මතක තියාගන්න.

මුලාධාර චක්‍රය හැර අනිත් චක්‍ර හය සුෂුම්නාව තුල පිහිටලා නැති උනාට චක්‍ර වලට සම්බන්ද ස්නායු සුෂුම්නාව තුල පිහිටන නිසා භාවනාව කරනකොට චක්‍ර වල ගබඩා උන ශක්තිය සංසරණය වීම සිද්ධ වෙනවා. කුණ්ඩලිනිය අවදිවිම සඳහා සති ගණනක්, මාස ගණනක්, අවුරුදු ගණනක් උනත් ගත වෙන්න පුළුවන්. කුණ්ඩලිනිය අවදි වීමට ගත වෙන කාලය එක් එක් පුද්ගලයා අනුව වෙනස් වෙන නිසා හරියටම කාලයක්‌ දක්වන්න බෑ. එක් එක් පුද්ගලයාගේ කැපවීම, පින, ග්‍රහ බලපෑම්, දේව බලපෑම්, අමනුෂ්‍ය බලපෑම් ආදී කරුණු රැසක් මත කුන්ඩලිනිය අවදි වන කාලය වෙනස් වෙන්න පුළුවන්.


අවශ්‍යනම් ශක්ති ගබඩා කිරීම හා ගමන් කරවීම එකම දවසේ කරන්න. එහෙමත් නැත්නම් අදියර දෙක දවස් දෙකක වෙන වෙනම කරන්න. ශක්තිය චක්‍ර වල ගබඩා වීමෙන් පසු දවස් 2ක් පමණ යනකම් චක්‍ර වල රැඳිලා තියෙනවා. ඒ නිසා අදියර 2 වෙන වෙනම දවස් 2ක කිරීමේ වරදක් නෑ.

* මේ භාවනාවෙන් අවශ්‍යනම් සියලුම චක්‍ර එකවර අවදි කරන්නත් පුළුවන්.
* නැතිනම් මුලින්ම මුලාධාරයේ විතරක් ශක්තිය ගබඩා කිරීමත් ශක්ති සංසරණය කිරීමත්  දිනපතා කරලා මුලාධාර චක්‍රය අවදි උනාට පස්සේ ස්වාධිශ්ඨාන චක්‍රයට භාවනා කරලා අනුපිලිවෙලට එකින් එක අවදි කරන්නත් පුළුවන්.

* එහෙමත් නැත්නම් මුලින්ම මුලාධාර චක්‍රය අවදි කරගෙන ඊළඟට අනිත් චක්‍ර 5 එකවර අවදි කරන්නත් පුළුවන්.

 * අවශ්‍යනම් මුලාධාර චක්‍රයෙන් පටන් ගන්නේ නැතිව වෙනත් චක්රයකින් පටන්ගත්තත් වරදක් නෑ.


කුණ්ඩලිනී
කුණ්ඩලිනි චක්‍ර

* සමහර අංගම්පොර යෝගීන් ශක්තිය ගබඩා කිරීමේ පියවරේදී තමන් භාවනා කරන තැන ඉදිරියෙන් ගිනිමැලයක් ගසාගෙන පොලවේ සිට ශක්තිය එනවා වෙනුවට ගින්නෙහි ශක්තිය ඇවිත් චක්‍ර වල ගබඩා වන බව සිතමින් භාවනා කරනවා. මේ ක්‍රමයත් ප්‍රතිපලදායකයි.
මේ විදියට වැවක් වගේ තැනකදී ජලයේ සිට ශක්තිය එන බව හිතලා භාවනා කරන්න පුළුවන්. ඒත් නිවෙස් වල සාමාන්‍ය ජිවිත ගත කරන අයට හොදම ක්‍රමය පොලවේ සිට ශක්තිය එන බව සිතින්  දකිමින් භාවනා කිරීමයි.

* ශක්ති භාවනා සාර්ථක කරගැනීමට දෙවියන්ගේ හා ශක්තිය අවදි කරගත් අයගේ උදවු ලබාගන්න පුළුවන්. ඉක්මනින් හා පහසුවෙන් භාවනා දියුණුව අත්කරගන්න ඔවුන්ගේ පිහිට උදවු වෙනවා. ඒ වගේම ඉතාම කලාතුරකින් ඔවුන් ඔවුන්ගේ ශක්තිය ඔබට ලබා දීම හෝ කුණ්ඩලිනිය උත්තේජනය වන ඖෂධ ශරීරගත කිරීම වැනි දෙයකින් කුණ්ඩලිනිය අවදි වීම උත්තේජනය කරන්න පුළුවන්. ඒ නිසා තමන් අදහන දෙවියන්, උතුමන් නැමදීමෙන් භාවනාවේ දියුණුවට උපකාර ලැබෙන්න පුළුවන්.

* කුණ්ඩලිනි භාවනා වඩන සියලුම දෙනා දෙවියන්ගේ බැල්මට ලක් වෙනවා. සමාජයට අහිතරකර අරමුණු හෝ පැවතුම් සහිත අයට චක්‍ර අවදි කරගන්න ඉඩක් ලැබෙන් නෑ. කුණ්ඩලිනිය අවදි කරගත් කෙනෙක් සමාජයට අහිතකර දෙයක් කලොත් දඩුවම් විදීමට හෝ ශක්තිය අහිමි කරගැනීමට හො මරණයට පත්වෙන්න සිද්දවෙනවා. ඒ වගේම ආපහු මීලග භවයකදී මේ භාවනා අහන්නවත් ඉඩක් ලැබෙන එකක් නෑ.


* කිසි විටෙකත් ශක්තිය ශරීරය තුලදී උඩ සිට පහල යන බව හිතන්න එපා. එමගින් වෙන්නේ ගබඩා කරගත් ශක්තිය අපතේ යාම විතරයි. කුණ්ඩලිනිය අවදි වීමට මුලාධාරයේ සිට ඉහලට ශක්තිය යන බව සිතීම අත්‍යවශ්‍යයි.
ඒ වගේම කිසි විටෙකවත් ශක්තිය හිස් මුදුනින් හෝ තෙවැනි ඇසෙන් එලියට යන බව පමණක් හිතන්න එපා. එමගිනුත් වෙන්නේ ශක්තිය අපතේ යාම විතරයි. ශක්තිය ගමන් කරන මාර්ගයේ අන්තයක් නොතිබීම අත්‍යවශ්‍යයි. තෙවැනි ඇසෙන් එලියට යන ශක්තිය නැවත මුලාධාරයෙන් ඇතුළු වෙනවා සිතීම අත්‍යවශ්‍යයි. අන්තයක් තිබුනොත් ශක්තිය අපතේ යාම විතරයි සිද්දවෙන්නේ. ශක්තිය ගමන් කරවන මාර්ගය අනිවාර්යෙන් රවුමක් (චක්‍රාකාර) විය යුතුයි. 


*** භාවනා කරන්න පෙර අනිවාර්යෙන් කියවිය යුතු උපදෙස් සහිත ලිපිය කියවන්න මෙතන ක්ලික් කරන්න ( Click here )


*** භාවනාවට ආධුනිකයන් භාවනා ආරම්භ කල යුතු ආකාරය පිළිබද ලිපිය කියවීමට ( මෙතන ක්ලික් කරන්න Click here )
තෙවැනි ඇස භාවනා හෝ කුණ්ඩලිනි භාවනා වඩන සියලු දෙනා එම ලිපියේ සඳහන් මුල් පියවර සිදුකිරීමෙන් පසුව පමණක් භාවනා ආරම්භ කරන්න!


2016 - 1 - 31 දිනදී පළමු වරට සිංහලෙන් ලියා ඉදිරිපත්  කරන මේ භාවනා ක්‍රමය ලංකාවේ ලිඛිතව හෝ වාචිකව කිසිම කෙනෙකුගෙන් මේ වෙන තෙක් ඉදිරිපත් වෙලා නෑ. කවුරුන් හෝ මේ භාවනා ක්‍රම ඉගැන්වීමක් කරනවා නම් ඒ මෙම ලිපි වල කරුණු  අනවසරයෙන් ඉගැන්වීමක් පමණයි.

මේ නිවැරදි භාවනාව භාවිතයෙන් ඔබත් කුණ්ඩලිනිය අවදි කරගැනීමට වාසනාවන්ත වුනොත්  මගෙ ගුරුවරයන්ටත් මටත් ඒ පින අනුමෝදන් කරන්න අමතක කරන්නෙපා..

( කුන්ඩලිනි භාවනා කිරීමේදී විවිද පුද්ගලයන්ට විවිද අත්දැකීම් ලැබෙන අතර ඒ සදහා කල යුතු පිළියම් තීරණය කල හැක්කේ කුන්ඩලිනි ශක්ති අවදි කල පුද්ගලයෙකුට පමණි. එමනිසා මෙම ලිපි අනවසරයෙන් සම්පුර්ණයෙන් හෝ කරුණු වශයෙන් උපුටා ගැනීමෙන්  හා පාඨමාලා තුල මෙම භාවනා අනවසරයෙන් පුහුණු කිරීමෙන් වලකින්න)

 Facebook පිටුවට සම්බන්ධ වීමට :- ( මෙතන ක්ලික් කරන්න )

Comments

  1. Hugak hoda post akkak....

    ReplyDelete
  2. Mama oba thumage kundalini bawana karana kenek....mage Dan nalala naliyana swabawayak Mata hithata danenawa...a wgema Mata dilisena bolayak weni deyak penawa..namuth Dan auruddak wenawa man meka karanna Arab aeth Mata athanin agata thana ya na hari hethuwa kumakda..man malu pamanai kanne.

    ReplyDelete
    Replies
    1. ඔබ කරපු, කරන භාවනාව හරියට විස්තර කරලා කියන්න

      Delete
    2. Mamath bawanawa dawas 2 k kara ithin mage nalale mokedda yanawa wage danenawa bavana karana welawata habai nalale witharak nam nemei oluwe ath walatath danenawa thama dawas 2 i bawana karanna patan aran

      Delete
  3. Man mulinma kale.....husma nalala madin thewani awata athul wela...apahu husma thewani asenma pita wena akai...ahema karanakota nalala nada naliyanawa Mata danuna....man ahema digatama Kara.inpasse Mata Penna gatta dilisena raumak wge alokayak....aka Podi wenawa.....loku wenawa...man aka desa balan innakota nalala nada naliyana aka nawathinne na....

    ReplyDelete
    Replies
    1. ඔයාගේ third eye එක ගොඩක් සක්‍රීය වෙලා තියෙන්නේ . ඒකයි ඔය නිවෙනවා පත්තු වෙනවා වගේ පෙන්නේ . ඒ නිසා ඉවසීමෙන් භාවනා කරන්න . හිත එක තැන කට ගන්න පුළුවන් භාවනාවක් කරලා ඕක කරන්න . නැත්නම් සිහි විකල් වෙන්න පුළුවන් ඔය භාවනාව විතරක් කරොත් මොකද third eye භාවනාවේදී හිත එක්තැන් කරන්නේ නෑ . එකතැන් වෙච්ච හිතෙන්තමයි හරියට වැඩේ කරන්න ඕන

      Delete
    2. ඔයා හිත එක්තැන් නොකර තෙවැනි ඇස භාවනාව විතරක් කරන හින්දයි දියුණුවක් නැත්තේ. අනික ඔයා කරන ක්‍රමේ ටිකක් වැරදියි. ආලෝකේ දිහා බලන් ඉදල වැඩක් නෑ. එකදිගට භාවනාව කරන්න ඕනි. මම දාලා තියෙන third eye භාවනා බලන්න. ඉස්සෙල්ලම හිත එක්තැන් කරන භාවනාවක් කරන්න. හිත එක්තැන් කරගත්තට පස්සේ හුස්ම යන එන අභ්යසේ කරන්න

      Delete
    3. Anapanasathiya naraka man third. Eye bawanawa Ta harennada....godak pin obathumata...awgema obathumata menma obathumage demapiyantath guruwarutath me pins athi sasara purawatama..

      Delete
  4. Obathuma hari...hitha aka thanaka na thama.man anapasathiya naraka athain third eye walata bawana karannada

    ReplyDelete
    Replies
    1. එපා එපා පැයක් විතර ආනාපානසතිය කරලා third eye භාවනාව කරන්න. ආනාපානසතිය බැරිනං හොදින් හිත එක්තැන් වෙන වෙනත් භාවනාවක් උනත් කමක් නෑ. ආනාපානසතිය කරනවානම් ගොඩක් හොදයි . එහෙම නොකලොත් අධිමානසික හැකියා ලබාගන්න ගිහින් සාමාන්‍ය මානසිකත්වෙත් නැතිවෙලා සිහි විකල් වෙලා පිස්සෙක් වෙයි

      Delete
    2. * ආනාපානසති භාවනාව හිත එකග වෙනකන් කාලයක් තිස්සේ කරලා හිත එකග වෙන්න ගත්තාම 3rd eye භාවනාව කරන්න පටන් ගන්න එක හොදද?
      * එහෙම වුනොත් ආනාපානසති භාවනාව සම්පුර්න්යයෙන් නවත්වා 3rd eye meditation කරන්නද ?
      * නැත්නම් දෙකම කරන්න ඕනෙද?

      Delete
    3. Dekma krnna
      Hita ekanga unata passe anapanasatiya godak wela nokra poddak krla 3rd eye bawanawa godak wela krnna

      Delete
  5. Buddagame thiyena samatha bawanawa karala chathurtha dyana thalayata awata passe vidarshana wata yanakota neda third eye sakriya wenne....akiyanne dibba chakku neda.

    ReplyDelete
    Replies
    1. නෑ . දිවැස් කියන්නේ වෙනම දෙයක් third eye වෙනම දෙයක් . ඒ 2කෙන්ම ලැබෙන හැකියා ටිකක් සමානයි. ඒ උනාට third eye විවර උනාම දිවැස් වලට වඩා හැකියාවන් ගොඩක් ලැබෙනවා. මේ පොස්ට් 2 කියවන්න -

      http://rawanaking.blogspot.com/2016/02/blog-post.html (පැහැදිලි කිරීම පිණිසයි)

      http://rawanaking.blogspot.com/2014/11/3rd-eye.html (තෙවැනි ඇස විවර කර ගැනීමේ නිවැරදි භාවනාව-third eye)

      Delete
  6. Ahenam kundalini waladi usma nowatena samadiyak thuladi da third eye sakriya wenne...mata aka gataluwak sir.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ හිතේ පොඩි සමාධියක් තිබ්බත් කුණ්ඩලිනිය අවධි කරගන්න පුළුවන් .හුස්ම නොවැටෙන තත්වෙට එන්න ඕනි නෑ

      Delete
  7. Me blog akata man hithata anawa....me blog aka Mata godak wadagath obathumata godak pin...man kundalini gana godak visthara hitapu kenek obathumage sahaya labima Mata godak watinawa....me blog akata mge onama udauwak man karanna lasthi....

    ReplyDelete
  8. Me lagadi Mata wadi wela...naththam nikan Inna welawata mge nalala gawa naliuanawa denenawa.aei ahema danenne...aka hoda nadda sir

    ReplyDelete
    Replies
    1. ඒක කමක් නෑ. third eye සක්‍රිය වෙන්න පටන්ගන්නකොට ඔහොම දැනෙනවා

      Delete
  9. Sir man wadi wela innakota hithuwa third eye viwara wewa kuyala..in passe mge nalala naliyanna gatta..mata Dan naliyanawa vitharai nemei pidanayak danenawa...namuth oluwata amaruwak ho wedanawak danenne na...man kalayak thisse kriya yoga karana kenek.man patan gatte 11wasare idalai...ape thaththa man ipadinna Kalin kriya yoga karapu kenek.ayata Dan wayasa 52i aya hoda nirogikawa Inna..ledakata thiuenne pinasa pamanai.aya thana Mata tika tika karanna kiwe...dan mge aga namyashili..man Podi kaledi shirshasanaya Kala.passe man nathara karala thibuna..apasu MN mathakadi shirshasanaya karanawa...dan Mata shirshasanayen godak wela inna puluwan..man kundalini gana hodai dewal heuwa...poth baluwa..aeth Mata danumak ganna kenek hamba une na

    ReplyDelete
    Replies
    1. අධිෂ්ඨාන කරලා හරියන නෑ third eye ඇරෙන්නනම් භාවනාව කරන්න ඕනි

      Delete
  10. Oba thuma kundalini shakthiya awdi kara thibeda

    ReplyDelete
  11. Oba thuma kundalini shakthiya awdi kara thibeda

    ReplyDelete
  12. puluwan num mind read karana hati post 1ak dannako

    ReplyDelete
  13. චක්‍ර පිරිසිදු වෙලා හරි ක්‍රියාකාරිත්වයට පත්වෙන කොට ඔහොම වෙන්නේ. දිගටම භාවනාව කරන්න. ටික කාලෙකින් අකුණු සැරයක් වගේ දෙයක් පෙනෙයි

    ReplyDelete
  14. කමක් නෑ. හැබැයි උන හෙම්බිරිස්සාව හැදුනොත් 2පාරක් කරන්නෙපා . සරින් සැරේ කරනකොට ලෙඩ වෙනවා. ලෙඩ හැදෙන්නත්නම් කලාට කමක් නෑ

    ReplyDelete
  15. ඒකෙන් හිත එකඟ කරගන්න බාධාවක් නැත්තන් කමක් නෑ

    ReplyDelete
  16. kundalini bhawana karanna kalin peya bagayak witara hitha hodata ekthan karaganna puluwan bhawanak karala kundalini bhawanawa patanganna.
    pirenawa haa galaa yanawa hithin dakina eka hodai .sudu paata aalokaya wage shakthi dhaarawak hithanna

    ReplyDelete
  17. මට මෙහෙම උනා මම බාවනා කරා ඇග දෙකකඩ වෙලා පාටවල් දෙකකිම් වම් පැත්ත නිල් පැහැයැන් දකුනු පැත්ත රතු පැහැයෙන්
    මම හුස්ම ගැන පමනයි අවදානය යොමු කලේ මගෙ ඇග පතම පන නැති උනා
    මම දිගටම කරගෙන ගිහිල්ලා හෙමීට මාවත් එක්කම නැගිටුනා මම උඩ පිලියම් අතට බාවනා කලේ
    පස්සෙ මගෙ පිට අල්ලන ගෙදර අයට හිරි වැටුනලු එක්කෙන්ක්ට දෙන්නෙක්ට නෙමේ හැමෝටම වගෙ එහෙම උනා පැය 12 ක් විතර එහෙම උනා එයට හේතුව කුමක්ද ?

    ReplyDelete
    Replies
    1. මම හුස්ම ගැන අවධානය දක්වන භාවනාවක් ගැන කිවුවේ නෑනේ? මොකක්ද ඔයා කරපු භාවනාව

      Delete
    2. මම කියලා තියෙන භාවනාව හරියට කලානම් ඔහොම දේවල්නම් වෙන් නෑ

      Delete
  18. මම ගුරු උපදෙසයක් නොමැතිව බාවනා කලා මන් කලෙ බාවනා යොගිව වඩිවි මුලින්ම ස්වසන බාවනාවකර සිත අක්තැන් කර ඔම් සක්තිය මනෙසින් සිතා අත් දෙක ඉදිරියට කර අක්කරන්න උත්සහ කලා එවිට අත් අතර විසි කාන්දමක් මෙන් දැනුනා එය දිගටම කලා දැන් මට මගෙ ඉඩිරියෙ සිටින පුද්ගලයන් ගෙ සිතිවිලි මට දැනෙනවා ...මෙය කුමක්ද මා ඉදිරියට යන්නෙ කෙසෙද විස්තර කරනවා නම් ගොඩක් පින්

    ReplyDelete
    Replies
    1. තමන් කැමති භාවනාවක් එකදිගට කරන්න ධ්‍යාන ලබාගන්න පුළුවන් මට්ටමට

      Delete
  19. මම භාවනා කරනකොටත් මදුශංක කියලා තිබ්බ දේ වෙන අධිමානසික මෙකවෙන්නේ කුමන කේතුවක් නිසාද කියල කියන්න පුලුවන්ද ??

    ReplyDelete
  20. kundalini bhawana karanakota samaharunta ohoma wenawa

    ReplyDelete
  21. matat kundalini chakkra avadi karaganta asai mulinma bhavanava karana ayuru kiyala dentako


    ReplyDelete
    Replies
    1. කරන්න ඕනි විදිය මුල ඉදලම කියල තියෙනවා පොස්ට් එකේ

      Delete
  22. Yogithumani මෙම bawanawedi dawas dekakata sarayak චක්‍ර වල ගබඩා කල යුතුද?

    ReplyDelete
  23. ඔබ තුමා ඇත්තටම මේ කුණ්ඩලණී ශක්තිය අවදි කරගෙනද ඉන්නෙ. ඒ කියන්නෙ ඔබට පුලුවන්ද අහසෙ පාවෙන්න.

    ReplyDelete
  24. යෝගීතුමනි, භාවනාව පිළිබඳව ඉගෙනීමට ගුරුවරෙයෙක් පිළිබඳව සඳහ කරන්නේ නම් ඉතා කෘතඥ වෙමි.

    ReplyDelete
  25. මම ටික දවසක් 3rd eye භාවනව කරා. දැං එක නතර කරලා මාස 6ක් විතර වෙනවා. මම දැං ඔය පෝස්ට් එකේ තියෙන භාවනව කරොත් ප්‍රශ්නයක් වෙයිද?

    ReplyDelete
    Replies
    1. ප්‍රශනයක් නෑ.හැබැයි මම කියල තියෙන දේවල් මුල ඉදලම කරන්න

      Delete
  26. තව දෙයක්, කුන්ඩලිනි අවදි කරපු කෙනෙක්ට අමනුශ්‍ය බලපෑමකට ලක් වෙල ඉන්න කෙනෙක්ව හොද කරන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. තමන්ගේ ශක්තිය ගොඩක් වැඩිනම් පුළුවන්

      Delete
  27. Husma nalalen pitawenawa kiyala hithala bhawana kle

    ReplyDelete
  28. 3rd eye bhawanawa withrak karanawanan ethakotath shakthiya nalale gabada karanna onida.

    ReplyDelete
    Replies
    1. third eye bawanawa wenama ekak. meka wenama ekak. meka karana vidiyata newei eka karanne

      Delete
  29. Sir , mooladaara chakraya awadi Una kiyala kohomada danaganne ?

    ReplyDelete
    Replies
    1. eka vivara unama thananta terenawa. eken karanna puluwan adhimanasika hakiya therenawa

      Delete
  30. Ane sir , karadara karanawa kiyala hithannanam epa Mata me wage deyak pilibadawa upades ganna sure kenek ne ekai ahanne .
    mekai prashne .kundalini awadi karana bhavanawa ra 12 ta wage karanna gaththata kamak nadda ? Nathnam wena hoda welawak thiyenawada ? Mokada Mata bhavana karnna wenne ewelawata witharai .

    ReplyDelete
  31. Man a/l krn ekkenk.mn me bhwanwa keruwoth mge igenimta badawk weid?

    ReplyDelete
    Replies
    1. kisima bhawanawakin igenimata badawak wenne ne. habai ebbehi wela wage peya ganan karannepa. dawasakata peya 3kata wada bhawana walata wen karannepa

      Delete
  32. Mn a/l mths krnne me 3eye bwnwa krl mge igenima diunu krgnne khmd kiyl kiynn puluwnd?

    ReplyDelete
  33. ඔය ඔක්කොම මනසින් විතරයිනෙ කරන්න පුලුවන්.. භෞතික දේවල් වලට බලපෑම් කරන්න බෑ නේද

    ඇත්තටම අතීතයට යන්න බෑ නෙද. අතීතතය මනසින් දකින්න නෙ පුලුවන් ??

    ReplyDelete
  34. Oba thumawa sambanda kara ganne kohomada Mata one muka sita bawanawa igena ganna

    ReplyDelete
    Replies
    1. Me blog eka haraha witarai sambanda wenne. Blog eke tiyena ewa hariyata karanna. Wena amutuwen sambanda wela kiyanna deyak ne. Kiyanna oni hemadema blogpost wala liyala tyenne

      Delete
  35. Oba thumawa sambanda kara ganne kohomada Mata one muka sita bawanawa igena ganna

    ReplyDelete
  36. Guruthumani anapansathi bawanw krn widha ketiyen pahda denn puluwnd
    Obbthumt bohoma pin

    ReplyDelete
  37. Onion and banana drink eken me bhawannwata hodai kyla video ekaka dakk a

    ReplyDelete
  38. බාවනා දෙකක් එකට කරට කමන් නැද්ද..

    ReplyDelete
  39. 3d eye බාවනාවයි නිවන් මාර්ගයට යන බාවනාවකුයි දෙකක් කලාට ප්‍රශ්නයක් නැද්ද සර්..

    ReplyDelete
  40. 3d eye බාවනාවයි..තව වෙනත් බාවනාවකුයි කරාට ප්‍රශ්නයක් නැද්ද සර්....

    ReplyDelete
  41. Yogithumani 3rd eye baawanawen third eye open karagaththata passe kundalani bawanawa kireemen 3rd eye sakriiyawa pawathwaganna puluwanda?

    ReplyDelete
  42. හිත ඒකාග්‍ර කරන්න හොදම බාවනාව මොකක්ද සර්..

    ReplyDelete
    Replies
    1. එක එක්කෙනාට හරියන්නෙ එක එක බාවනා . තමන් කැමති
      එකක් ඉස්සෙල්ලම කරලා බලන්න

      Delete
  43. පලමුවෙන් කරන්න ඕනි 3eye බාවනාවද නැත්නම් කුන්ඩලනී බාවනවද සර්....කුන්ඩලනී බාවනාව පලමුවෙන් කරාට ප්‍රශ්නයක් නැද්ද.

    ReplyDelete
  44. මේ වගේ දේවල් ගැන කතා කරන කොට සැබෑ මනුෂ්‍යයෙක් ලෙස ඉදිරිපත් වුනා නම් හොඳයි. මේ කතා කරන්නෙ දෙමළ අයගෙ උරුමයක් ගැනයි.

    මෙසේ උපදෙස් දෙන ඔබ කියන දේවල් කර තිබෙනවා ද?

    උදා: අහසින් ගමන් කිරීම, ජලයේ ගමන් කිරීම, අදෘශ්‍යමාන වීම, ශරීර කීපයක් මවාගැනීම, භෞතික දේවල් විනිවිද යාම, දෙවියන් අමනුෂ්‍යයින් දැකීම, සිතින් සන්නිවේදනය කිරීම වගේ අධිමානසික හැකියාවන්.


    සැබෑ සිදුවීම් පොදු ලෝකය තුලින් උපුටා දක්වන්නේ නම් අපූරුයි. සිංහල අයට දස බලධාරී රා (හූරා), දෙමළ අයට ඔළු දහයේ රාවන් වුනා වගේ මේකත් සිංහලයන්ගෙ දැනුම වැරදියට දෙමළ අය අරුත් දීමක් ලෙසයි මම දකින්නෙ. ඔබ කී ලෙස, වැරදි මග ගියොත් මානසික ආබාධිතයන් බිහි කරවන උත්සාහයක්. මේ පිටුපස ඇති සැබෑව දන්නෙ සිංහලයන් විතරයි. ඒකට ඔය උපක්‍රම අනවශ්‍යයි. මම කතා කරන්නෙ අත්දැකීම් සමඟයි. ප්‍රතිචාර බැලුවම බොහෝ අය මුලා වී ඇති බව කියනවා.

    සිංහලයන්ට දිවැස කියන එක තමයි දෙමළ අයට තෙවැනි ඇස. තෙවැනි ඇසත් අර රාවන්ගෙ ඔළු දහය වගේ වැරදී අරුත් දීමක්.

    ReplyDelete
    Replies
    1. දිවැස් කියන්නේ වෙනම දෙයක් තෙවැනි ඇස වෙනම දෙයක්. පොඩි අත්දැකීමක් ලැබුණු පලියට තමන් සියල්ල දැනගත්තා කියල මුලාවෙලා ලෝකේ තියෙන සියලුම දේවල් තමන්ගේ අත්දැකීමට අනුව විචාර කරන්න යන්නෙපා. එකෙන් වෙන්නේ තමන්ම මුලා වීම. දිවැස ලැබෙන්නේ හිත එකඟ කිරීමෙන්. තෙවැනි ඇස ලැබෙන්නේ ශක්තියකින්.
      භාවනා, යෝග, ධර්මය සිංහලයන්ටවත් දෙමල අයටවත් කාටවත් අයිති දේවල් නෙවෙයි. ඕන කෙනෙක්ට අත්හදා බලලා ප්‍රතිපල ලැබෙනවානම් පිළිගන්න පුළුවන්.නැත්තම් අතාරින්න පුළුවන්. මානසික රෝග නොහැදෙන විදියට පිළිවෙලට සම්පුර්ණ විස්තර ඇතුව කරන විදි මම දක්වල තියෙනවා. මම කියල තියෙන විදියට කරනවානම් කිසිම හේතුවකින් මානසික රෝග හැදෙන්නේ නෑ.

      Delete
    2. මම තමුන්ගෙන් උපදෙස් ඉල්ලුවෙත් නෑ. අවශ්‍යත් නෑ. මම කිව්වෙ තමන්ගෙ සැබෑ අනන්‍යයතාවයෙන් මේ ගැන ලියන්න කියලයි. කොහොම වුනත් දීපු උත්තරෙන් තමන් ගැන හිතාගන්න පුළුවන්. මම මේක කෙටුවේ දිය හැකි මගේ හොඳම නමින් හා මගේ රූපය සමඟ. ඇත්ත කියන අය හැංඟෙන්නෙ නෑ.

      Delete
    3. ද්වේශය මානය හොදටම ඇවිස්සිලා නේද?
      ඕක මානසික දියුනුවක් නැති කමේ ලක්ෂනය.
      සැරියුත් මහ රහතන් වහන්සේට සිවුරෙ වැරැද්ද පෙන්නුවාම සාදු කියලා පිලිගත්තා. මොකද තමන්ගෙ අඩුපාඩුව පේන්න තමන් තමා හරි කියලා තියෙන අධිමානය බිදෙන්න ඕනි. වැරදි පිලිගන්න නිහතමානි කම තියෙන්න ඕනි. මානසික දියුනුවක් තියෙන අයට විතරයි ඒ ලක්ෂන පිහිටන්නෙ.
      මගේ අනන්‍යතාව නියම කාලේ ආවම මම කියනවා. මගේ අනන්‍යතාව මේ බාවනා වලට අදාල නෑ. බාවනාවෙ ප්රතිපල ලැබෙන්න මම කවුද කියලා දැනගන්න අවශ්‍යතාවක් නැ

      Delete
    4. ප්‍රියන්ත මහත්මයාට මම මේක කොටන්නේ වැඩිය වැල් වටාරම් නැතුව මම කෙලින්ම කියන්නම් (අධි මානසික බ්ලොග්ක එක කරන මහත්මයා කරන්නේ ප්‍රශ්න වලින් වෙලිලා තියෙන මිනිසුන්ගේ හිත් හදන එක. නැතුව සසරේ උපාදානයන් සකස් වෙන විදියේ වැඩකට නැති ගොසිප් කාමය අවුස්සන විදියේ දේවල් නෙමෙයිනේ මේ බ්ලොග් එක පිරිලා තියෙන්නේ? මේ ලෝකේ කාමය අවුස්සලා හිත් කෘර කරන බ්ලොග්ස් වෙබ් අඩවි ඕන තරම් නමුත් මේ වගේ හිත හදන දේවල් තියෙන්නේ අතලොස්සක්.

      * මම පොඩි උදාහරණයක් කියන්නම් ඔයාගේ ලග තියෙන මොබයිල් ෆෝන් එක අතට අරන් බලන්න එක ඔයාට තත්පර කිහිපයක් ඇතුලත ඒ වගේ ෆෝන් එකක් හදන්න පුලුවන්ද???? නමුත් තත්පර දෙක තුනකින් එක විනාස කරලා දන්නා ඔයාට පුලුවන්නේද ???? අන්න ඒ වගේ තමයි මේකත්. මිනිස්සුන්ට භාවනා කරලා හිත හදාගන්න අවුරුදු ගානක් යනවා නමුත් හිත පිස්සුවට්ටගන්න බාර් එකකට ගිහිල්ලා පොඩි ෂොට් එකක් දැම්මත් ඇති.

      *** මේ බ්ලොග් එක කියවපු දවසේ ඉදලා මම හිත හදාගන්න භාවනා කරනවා එකේ ප්‍රතිපලත් තියෙනවා .මේකේ තියෙන පිනෙන් පිරුණු ජිවිතයක් https://rawanaking.blogspot.com/2016/11/blog-post_27.html පොස්ට් එකේ නිතරම කියවා එකේ විදියට මගේ ජීවිතය හැඩගැස්ස්වගෙන තියෙන්නේ .
      බොරුවට පොර ටෝක් දෙන්න එපා අපි ධ්‍යාන වඩන්නේ අහසින් යන්නවත් මැජික් පේන්නවත් නෙමෙයි නිවන අවබෝධ කරගන්න එක නිසා මේ බ්ලොග් එක ලියන මහතාගැන හොයන එක අපිට වැඩක් නැති උනත් එතුමා ලියලා තියෙන දේවල් අපිටනම් ගොඩක් වටිනවා .

      Delete
  45. යෝගිතුමනි,ශිව දෙවියන් වැඩ වසන්නේ පරිනිර්මිත වශවර්තියේද?

    ReplyDelete
  46. යෝගිතුමනි,මම කාලෙක ඉදන් my3 bawanawa karanawa,ඒ වගේම ශිව දෙවියන්ටත් තාන්ඩව ස්ත්‍රෝත්‍ර කියල වදිනව.දැන් මම බුදුන් වැදල ඉවර වෙලා දෙවියන් ට පින් දීල දෙවියන් සිහිකරලා කරපු සුලු සුලු ප්‍රාර්තනාවන් ඔක්කොම ඉටු උනා.මට හරියටම දැන ගන්න පුලුවන්ද මේ ප්‍රාර්තනා ඉටු වෙන්නෙ මට ශිව දෙවියන්ගෙ පිහිට තිබෙන නිසාද එහෙමත් නැත්නම් my3 භාවනාව කරන අයට වෙනත් දෙවියන්ගෙ උදව් ලැබෙන නිසාද කියලා...මෙයට පිලිතුරක් දිය හැකිනම් ඔබතුමාට බොහොම පින්

    ReplyDelete
  47. භාවනාව නිවස තුල කරනවට වඩා එළිමහනේ කිරීමෙන් විශ්ව ශක්තිය ශරීරයට ඇතුල් වීම වැඩි වෙනවද ?

    ReplyDelete
  48. Me video eka balanna meke thiyenne kundalini sakthiya pradanaya karana awasthawak. Me hakiyawa thiyena lankawe obathuma danna kenek innawanam kiyanawada?
    https://www.youtube.com/watch?v=1DlDWPxyDo0

    ReplyDelete
  49. https://www.youtube.com/watch?v=JohQ0MLGAH0

    ReplyDelete
  50. This comment has been removed by the author.

    ReplyDelete
  51. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. 1 be
      2 post eke uttare tyenwa
      3 ne
      4 podi udauwak tyenwa
      5 waradak ne .e unata mantara yantara weda danne neti aya ewata adala dewal nokarana ekai hoda

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  52. භාවනා කරන වෙලාවට සහ නොකරන (සමහර) වෙලාවටත් නළල මැද නලියන හැගීමක් දැනෙනවා ඒ අයි මහත්මය ?

    ReplyDelete
  53. yogithumani,shiva deviyanta wandanamaana karanakota katharagama deviyange saha gana deviyange pihita nithathinma labenawada?

    ReplyDelete
  54. Me bawanawa karanneth dawase ekama welawakatada ?. Netinam hemadama puluwan puluwan welawal walata karana eka kamak nedda

    ReplyDelete
    Replies
    1. ekama welawaka karanna. eka eka wela wala karannepa

      Delete
    2. පුලුවන් ම් ුිාා ු ි ි ිො ිෙ?

      Delete
    3. මූලාධාර චක්‍රය අවධි උන බව දැනගන්නේ කෙසේද ?

      Delete
    4. Awadi unama eka tamanta terenawa. Chakrayata adala balayan ha hakiyawan terenawa. Ewa karanna puluwan wenawa

      Delete
  55. 3rd eye bhawanawa patan ganna inna kenekta mulinma karanna one mkd bhawana karana wele mulin anapasatiya karala elagata 3rd eye bhawanawa karama harida? Me bhawanawa karanne one hemadama ekama thanaka idagenada

    ReplyDelete
    Replies
    1. Ne. Post eka haryata kiyawanna. Anapanasatiya wadanna kiyla mama kiyala ne.
      Ekama tenaka idan krnawanan hodai

      Delete
  56. guruthumani mulin karanna oni third eye bawanawada naththam kundalina bawanawada

    ReplyDelete
  57. ekam eka prashnayak obathumagen dena ganna kematiy
    me kundali shakthiya lebunu kenekta athithayata yanna puluwanda

    ReplyDelete
    Replies
    1. Kundaliniya lebunu paliyata be. Kundaliya lebunata passe wadanna oni wenama yogayak tyenawa. Eka wadapu ayata kayath ekka atiteta yanna puluwan

      Delete
  58. ekam eka prashnayak obathumagen dena ganna kematiy
    me kundali shakthiya lebunu kenekta athithayata yanna puluwanda

    ReplyDelete
  59. මේ බාවනාව කරලා අතරමග නතර කරොත් ඒක ප්‍රශ්නයක් වෙයිද?..

    ReplyDelete
    Replies
    1. Ehema ekak ne. Kiyala tyena vidiyata haryata kaloth mukut wen ne. Balapemak wena dewal mama kiyala tyenawa. Ewa erenna wena kisi dekin balapemak wenne ne

      Delete
  60. Mata puluwannam me bhawanawa mulasita kiyala denawada? Mokadda muladara kiyanne ?

    ReplyDelete
    Replies
    1. Kundaliniya pilibanda mulika hadinwima kiyana post eka kiyawanna

      Delete
  61. Yogithumni
    1)Me bawanawa bima wadi wennathuwa nida ganna adata giypu welawata ada uda idan kalata kamak nadda
    Ade kakul walin wishwa shakthiya enawa kiyala hithala

    2)Stress wela inna welawata me bawanawa karanna hoda nadda
    3)mulma dawaswala karanna hoda third eye open krna bawanawada me bawanawada ??

    ReplyDelete
    Replies
    1. 1.epa. Eka sampurnen ahitakatai. Kiyala tyena bawana asana walin vitarak karanna

      2. Ehema prasnayak ne. Bawana krnakota kohomat hite stress netiwenawa.tamanta tamanwa palanaya krganna beri taram antagami widiyata stress wenawanan nokarana eka tama hoda. Samanya manasikatwak tyena aya kalata prasnayak ne

      3.kemati bawanawak krnna

      Delete
  62. Me kundalini shakthiya awadi karana bawanawa nidaganne ඉරියව්වෙන් kalata kamak nadda
    මේක කරන්න දවසේ හොදම වෙලාව මොකක්ද??

    ReplyDelete
  63. ගුරුතුමනි,මට ප්‍රශ්න කීපයක් තියෙනවා.
    1.කාන්තා පිරිමි භේදයකින් තොරව මේ භාවනාව වැඩීමට හැකිද?
    2.කාන්තාවන් සදහා භාවනවේ යම් වෙනසක් තිබේද?
    3.යම් හෙයකින් භාවනාව කරගෙන යන අතරතුර එක් දිනක් අතපසු වුණොත් එයින් භාවනාවට වන බලපෑම කුමක්ද?
    4.කොදුඇටපෙලෙහි ආබාධ (පිහිටීමේ)සහිත අයට වුවත් භාවනාව කල හැකිද?
    5.සෙම් රෝග බහුල වීම භාවනාවට බාධාවක් ද?

    ReplyDelete
    Replies
    1. 1.ou eka wenasak ne
      2. Wenasak ne
      3.mukuth prasnayak ne. Pratipala lebima parakkuwenawa witarai
      4.karala tama balanna wenne. Pratipalayak nolebenna ida tyenawa. E wagema hanikara wennath ida tyenawa. Patangannakotama godak wiryen kranne netuwa hemita podda podda kaloth getaluwak ne. Issellama masa dekak pranayama karala itapasse bawanawa karana eka hodai
      5.podi badawak tyenawa. Eth bawanawa haryata getaluwak wen ne. Ekatat mulin masayak pranayama karala bawanawa patanganna eka hodai

      Delete
  64. කරුණාකර මෙයට ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි
    මෙම භාවනාව මුලින්ම third eye chakra එක Active කර ගන්න කරනවනම්
    ශක්තිය ගබඩා කරන එක කරන්න ඕනි third eye එකේද
    Third eye එකේනම් ශක්තිය ගබඩා කරන්නෙ පොලොවෙ ඉදන් ඇවිල්ල යට චක්‍ර 5 හරහා ඇවිත් third eye ශක්තිය ගබඩා වෙනවද හිතන්න ඕනි නැත්තම් කෙලින්ම අවකාශය හරහා ඇවිල්ල third eye එකේ ශක්තිය ගබඩා වෙනවද ??

    ReplyDelete
    Replies
    1. Polawe idan susumnawa haraha ewit third eye eke gabada wenawa hitanna

      Delete
  65. yogithumani,me bawana walin prathipala labagath yogiwaru obathuma wage me bawana samajagatha kara pin sidu karaganeemata pelabenne naththe ai? iita wishesha hethuwak thibenawada?

    ReplyDelete
    Replies
    1. Eyalata pinkam kirime loku awasyatawak ne. Eka pudgalabaddai. Samaharunta mewa anit ayata kiyadenna hitenawa. Samaharu nihadawa tamange gamana yanawa. Samaharu bawana wedasatahan krla ugannanawa. Kohoma unath Tamanta uwamana una paliyatat be mewa lokayata helikaranna maha rishiwarunge ho deviyange awasaraya lebennath oni

      Delete
  66. Yogithumani, mama adae me bawanawa karanna patan gatte. 3rd eye bawanawa karaddi pahan dalla dha balan idala as piya gattama dallak wage deyak thabili patata penawane. Ekada 3rd eye eka haraha Yana widiyata htanna one? 3rd eye haraha Yana widiya htannada one natnam eka aththatama chalanaya wennada one. Man e diha balan iddi eha meha yanawa pen Na. Eka hariyatama karanne kohomada kyala obathumada kyala denna puluwanda?

    ReplyDelete
    Replies
    1. gindara bawitayen teweni esa vivara kirima post eka hariyata kiyawanna

      Delete
  67. Yogithumani, kundalaniya awadi karagath samagikayangen samanwitha sangam lokaye sthapitha Kara thibeda?

    ReplyDelete
    Replies
    1. nenee ehema ewa ne. ehema ewa tyenawa kiyanawanam pisso tikak hadagena ette.

      Delete
  68. මහත්මයාණෙනි
    මං දැනට අවුරැද්දක සිට මෛ ත්‍රී භාවනාව සහ අනාපාන සති භාවනාව කරන නමුත් කුන්ඩලිනි භාවනාව කරන්නේ ලඟදි ඉදලා . මම භාවනා කරන මේ පිලිවෙලෙහි (Schedule ) එකේ වෙනසක් හෝ වැරද්දක් තියේනම් කරුණාකර පහදාදෙන්න

    1. උදෑසන 5 මෛත්‍රි භාවනාව පසුව 5.30 - 6 කුන්ඩලිනි අවදි කිරීමේ භාවනාව
    2. පෙ ව 11 කුන්දලිනි අවදි කිරීමේ භාවානාව
    3. හවස බුදුන්වැද පසුව මෛත්‍රී භාවනාව (6.30 ට පමණ )
    4. රාත්‍රී 10.30 අනාපාන සති භාවනාව පැ 1/2 පමණ සහ පසුව කුණ්ඩලිනි භාවනාව.
    ස්තුතිය්

    ReplyDelete
    Replies
    1. okkoma bawana karanna yannepa. eka parata eka bawanawak witarak karanna.
      anika kundalini bawanawa karanawanam dawase deparak karannepa ekaparak witarak karanna

      Delete
  69. බොහොම පිං . කුන්ඩලිනි භාවනාව හවස කරාට කමක් නැද්ද ? 7 ට විතර ?

    ReplyDelete
  70. YOGI tumani.... kundalini bawanawa karana vita vinadi 45k tula chakra 7 ma aka sereta muladara chakkraye sita akin akata shakkthiya gabada kalata kamakk neddha?

    ReplyDelete
  71. YOGI tumani.... kundalini bawanawa karana vita vinadi 45k tula chakra 7 ma aka sereta muladara chakkraye sita akin akata shakkthiya gabada kalata kamakk neddha?

    ReplyDelete
  72. Gurutumani mama monday muladaea chakrayata vitharak shakthi deposit kaeala circulate karanawa. Me vidiyata saturday wenakan chakra 6 in eka eka eva witharak energy deposit karala circilate karala sunday chakra 6 tama energy deposit karala circulate karanawa ehema kamak nadda, ethakota vadi kalayak eka chakrayata labena nisa

    ReplyDelete
  73. Gurutumani mama monday muladaea chakrayata vitharak shakthi deposit kaeala circulate karanawa. Me vidiyata saturday wenakan chakra 6 in eka eka eva witharak energy deposit karala circilate karala sunday chakra 6 tama energy deposit karala circulate karanawa ehema kamak nadda, ethakota vadi kalayak eka chakrayata labena nisa

    ReplyDelete
    Replies
    1. wereddak ne. hebei oken pratipala labena eka sure ne. eka chakrekata hemadama abhyasa karanna oni. eka eka dawase eka eka chakra karala wedak ne. mama dala thiyena vidi walin ekak toragena karanna aluth ewa hadanna yannepa. pratipalayak thiyena krama okkoma mama daala thiyenne. anith ewa dala nette ewa wedak neti nisa

      Delete
  74. Yogi thumani, Kundalini chakra awadiweemath samaga hithe samadiyak athiwenawada?

    ReplyDelete
  75. yogithumani,obathuma kundaliniya awadi karagath kenek nisa kundalaniya awadi karaganeemata uthsahawath wana ayata "ikmanin ha pahasuwen kundalaniya awadi karaganeemata haki weewaa" yi obathuma pathuwoth eken anith ayata yam balapaamak thiyenawada?

    ReplyDelete
  76. Kundalani shakthiya awadi una kiyala hari awadi wenna lagai kiyala hari danaganne kohomada?

    ReplyDelete
    Replies
    1. අවදි උනාම එක තමන්ට අවබෝධ වෙනවා. අනික අවදි උනාම ශක්තිය භාවිතා කරන්න පුළුවන් වෙනවා. අධිමානසික හැකියාවන් ලැබෙනවා

      Delete
  77. මම ස්වයං මෝහන ක්‍රම භාවිතා කර තිබෙනවා.ඒත් භාවනා ක්‍රම කරලා නැහැ.මේ ලිපි කියවලා අවබෝධයක් ලැබුණා අධිමානසික භාවනා පිළිබදව.එයට ආධුනිකයෙක් විදිහට මම ⁣මුලින්ම භාවනාව පටන් ගත යුතු වන්නේ කෙලෙසද,එම භාවනා තනිවම කිරීම සුදුසුද,

    ReplyDelete
    Replies
    1. ආධුනිකයන් භාවනා ආරම්භ කල යුතු අආකාරය කියල ලිපියක් දාල තියෙනවා. එක කියවන්න

      Delete
  78. yogithumani,upathinma adhimanasika hakiya labagannanam karanna oni pinkam monawada?mata loku dukak danenawa edgar kesi mahathmayata wage mata upathinma adhimansika hakiya nolabunu eka gana....

    ReplyDelete
    Replies
    1. karana hema pinakma karala prartana karanna. pin deviyanta anumodam karanna. visheshayen maha brahma, vishnu, shiva, sakra dewiwarunta anumodam karala deviyangen illanna

      Delete
  79. putuwak uda eraminiya gothagena wadi wela bawana karata kamak nadda?

    ReplyDelete
    Replies
    1. kamak ne. hebei pratipala labagnna amarui

      Delete
    2. bima wadi wela biththiyata heththu wela karata kamk na neda

      Delete
    3. obata bohoma pin..thawa deyak,nidi iriyauwen iddi karanna sudusu honda bawana monaada ? mokada mata pahasuma iriyauwa eka...hondata hithath ekanga wenawa.....

      Delete
    4. nidagena udu athata hansi wela bawana karata kmk nadda ?

      Delete
  80. obata bohoma pin.. :)

    ReplyDelete
  81. උදේ හිස්බඩ භාවනාව කරාට කමක් නැද්ද?
    පොඩි මෙට්‍රස් එකක් බිම දාගෙන එක උඩ ඉඳන් කරාට කමක් නැද්ද?
    එකම ඉරියව්වෙන් එක දිගට කරන්න අමාරු නිසා විටෙන් විට පොඩ්ඩක් සැහැල්ලු වෙලා නැවත පටන් ගත්තට කමක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. 1. ude pandara kamak ne. samnaye ude 7, 8 wagenam monawahari kala bila karna eka thama hoda. bawanawata kisima adalatwayak ne hisbada karanna gihin gastritis hadenna puluwan

      2. kmk ne

      3.ehema karala wedak ne

      Delete
    2. obata saha obe guruwarayata boho pin...

      Delete
  82. mama ardha padmasanayen thamai bawana karanne....ekadigata uparima aasane inna puluwan welawa winadi 30k withara thamai iita passe poddak kakul diga aragena bima waadi welama innawa...obathuma pawasanne ehema karala wadak na ekadigatama bawanawa iwara wenakalma aasanaye inna oni kiyalada?

    thawa deyak bawanawa magadi aasana maaru karanna hoda nadda? udaharana widiyata arda padmasanaye idala passe sukaasanayata maaru wenna hoda nadda? [MAMA KALIN PRASHNE AHAPU KENA NEWEI]

    ReplyDelete
    Replies
    1. tika tika welawa wedikraganna.

      aasana maru nokarana eka tama hoda

      Delete
  83. තුනව ඇස විවර කරගන්න දගලන්න එපා .ඔබට දැනටමත් තුන්වන ඇසක් තියනව මෙ බොරුව කවද වෙනකම් මිනිස්සු පිලිගනීද.තුනව ඇස වැඩි දිවිනු කරගන්න.පුලුවන් දෙවල් තියනව තුන්වන ඇස කියන්නෙ මනස.ඔබ දින කීපයක් මෙ තුනව ඇස ගැන බාවනා කරත් අවුරුදු ගනන් කල්ප ගනන් කරත් ඔබේ නලල මැද කිසිම ඇසක් විවර වන්නෙ නැ.ඔබේ මනස දැනටමත් තියන තුන්වන අදි බලැති මනස පාවිච්චි කරන්න.ඔබට තේරෙයි එහි බලය ලොකයම දකින්න පුලුවන් මනසින් .දින 21 විතර ඔබ සත්‍ය ගැනම බාවනා කරන්න ඔබටම වැටහේවි මේ මාවන කරන විදිය වැරදී කියල ...අපේ මන්සින් කල නොහැක්කක් නැ ඔයා ඔන්නම් ඔයාගෙ මනස තේරුම් ගන්න එ ගැන හිතන්න හොදට හිත සැහැල්ලු කරන් මට මනස ගැන දැනගත් යුතුයි සිතන්න ඉක්මනින් ඔබට් වැටෙහෙයි ඔබේ මනස ගැන.මෙක ඉතාමත් ලේසි..මම අබියෝග කරනව ඔය ඔබලා බලාපොරොත්තුවන තුන්වන ඇස කිසිදා විවර වෙන්නෙ නැ....මා ඉතාම හිගන්නෙක් වෙලා හිටියෙ එ කාලෙ මෙව මම අදයනය කලා අද මම කෝටි පතියෙක්.ඔයලට ඔන දේ හදවතින් හිතට ඉයන්න ඉමැජිනේශන් වලින්.කියන්න පුලුව්න් මෙ ගැන තව ඔයාල ඉන්නෙ වැරදි මතයක.මෙ පෝස්ට් එක ලිව්ව ඔබ තෙවනි ඇස විවර කරගත්තද සහෝදරය හොදට හිතන්න.ඔයාට ඔන්නම් දවසක් 20 හිතන්න මගෙ ඇස් ඇතුලෙ රතු එලියක් තියනව කියල එ ගැන හිතින් දකින්න ඔයාට පුදුම හිතෙයි ඇස් නිතරම රතු එලියක් පෙනෙයි ඇස් ඇතුලෙන් ඔයාට.මෙව අත්දැකීම්.තමාට ඔනෙ තෙවනි ඇසක්නම් එ ඔබේ ගාව දැනටත් තියන අනසයි

    ReplyDelete
    Replies
    1. ඔයා ඔය කියන ධනාත්මක චින්තන හා visualisation ගැනත් මම ලිපියක් දාලත් තියෙනවා. මම කරලත් තියෙනවා.
      ඔයා ඒක තමන්ගේ ලෝකය කරගෙන ඒකට කොටුවෙලා ඉන්නවා. මම ඊට වඩා දේවල් කරනවා.

      Delete
  84. Yogithumani,
    1 #hewani asa wiwara kara gathtama thamnge pera athma bawayan kotharam athakata bala ganna pluwanda

    kalpa ganak kalin athma bawayan pawa balagatha hakida<?

    2 #api kundalini shakthiya laba gena me wishwaye buduwarayek sitina wenath mandakiniyaka grahalowaka ipadimata prarthana kala hakida?

    3 #Loka winashayedi me lokaye siyaluma dewal dawi aluwi sampurnayenma winasha wela yanawanam (manushya lokaya, siyaluma diwya loka pawa) ita passe dawi aluwi yana jiwin ipadenne koheda?

    4 #(ema loka winashayen galawimata nam bodhisathwayan pitupasa giya pudgalayek widiyata arya bumiyakata ipadima ho niwan dakima ho shuddawasa arrupawachara brahma lokayyaka ipadima bawa mama ahuwa deshanawaka)
    https://www.youtube.com/watch?v=b1XQMh9zomE
    Mehi arya bumiyak lesa dakwa aththe wenath mandakiniyaka grahalowakda?
    5)loka winashe wenakota siyaluma diwyaloka manushya loka winasa wenawanam margapala labagath dewiwaru sitiyoth owunuth dawi aluwi yanawada?

    ReplyDelete
    Replies
    1. 1. kenage hetyata dakinna puluwan aatma ganana wenas wenawa. tika tika purudu wela penena pramanaya wedikaraganna puluwan

      2. puluwan. ekata kundaliniya awadi wenna oni ne. pinkam karala prartana kaloth eti. eka newei prasne wena mandakiniyaka ehema budu kenek nattam mokada karanne?
      anika me loketh taama buduwarayek innawa. thripitakaya nirupadrithawa thiyenawa kiyanne buduwarayek innawata samanayi. mehedi triptakaya kiyawala karaganna beri wede wena mandakiniyakta giya kiyala karaganna be

      3. 4. 5. owata uttara denna be. taman bawana karala ewa dakinna hakiyawak upadawagena balanna

      Delete
    2. sthuthiyi obathumata.😍
      Tawa prashnayak thiyenwa, shiwa dewiyan kundalini shakthiya laba ganimata shakthiya Pradanaya Kala aya kali yugayedi adharmishtakayan winasha Karanna bawitha karanawa kiyala thiyenawa dakka ,
      Ethakota shakthin laba gath ayata saha dewiyanta eyin pawak sidu wenne nadda?

      Delete
    3. godak welawata pawak wenne ne. samaharawita wenna puluwan. hebei ekath yuddekadi thrasthawadiyek parada karanawa wage deyak. eken lokyata loku sethak wenawa. e nisa karma wipakaye balapema ithama podii. ita wada pine balapema wedi

      Delete
  85. Yogithumani, Kundalini bawanawa karaddi chakra awadi wenna lan unama ema chakraya thibena sthanaye rideemakata lak wenawada?

    ReplyDelete
    Replies
    1. samanyen ehema wenne ne. samaharawita wenna puluwan.
      hebei asamanya widiyata ridenawanam eka chakra awadi wimata wada ledaroga thatwayak ho shakthi wishamathaawak wenna puluwan

      Delete
  86. Sarin sareta hithannati welawalwalata dilisena nilpata eliyak penne ai. Eka Pena welawa hoyaganna baa dawal Ra kiyala naa ekaparama penawa. Thathpara ganen nathiwelayanawa palanayak Na Eka kathakarakara iddith hitapugaman penila yanawa wishesha awasthawal kiyalath naa Eka Penna. Hitapu gaman penawa aye ekaparama nathuwa yanawa. Ai e

    ReplyDelete
  87. mema bhawana karanakota konde wedana athi wenawada?

    ReplyDelete
  88. මම බුද්ධ ධර්මය අවබෝධ කරගැනීමට උත්සාහ ගන්නා කෙනෙක්. මම කතරගම, විශ්ණු වැනි හින්දු දෙවි වරුන් අදහන්නේ නැහැ. නමුත් බුදු දහමට අනුව දෙවියන්ගේ පැවැත්මක් ගැන විශ්වාස කරනවා. හින්දු දේව වන්දනාවක් කරන්නේ නැතුව කුන්ඩලිනී ශක්ති ලබාගන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. විශ්වාස කලත් නැතත් ප්‍රතිපදාව හරියට වඩනවානම් ප්‍රතිපල ලැබෙනවා

      Delete
    2. Third eye eka karana ekada chakra 7ma karana ekada wadath sudusu. Wada hoda prathipala laba ganna puluwan mona kramayatada.

      Delete
  89. මමත් කලා.නලල ටිකක් රිදෙනව.ඔබ තුමා තෙවැනි ඇස විවර කල කෙනෙක් නම් ඔබතුමාට පුලුවන්ද අදිමානසික දේවල් කරන්න.

    ReplyDelete
    Replies
    1. භාවනා කරන්න කලින් අනිවාර්යෙන් කියවන්න කියල තියෙනවා මම උපදෙස් ලිපිය.
      ඒකෙ ඕකට උත්තරේ තියෙනවා.
      කියල තියෙන දේවල් හරියට සම්පුර්නෙන් කරලා විතරක් භාවනා කරන්න. නැත්තම් නොකර ඉන්න එක තමා හොද

      Delete
  90. Youtube Chanel akakuth karannako...plzzzz

    ReplyDelete
  91. mage friend kenek ta thiyenawa skin eke ledak, ekata doctors la kiyanne life time treat karanna wenawa kiyala, ithin mama me dewal gana wishwasa karanawa wagema me dewal wala anisansa ath widala thiyenawa,ithin mama kamathi me prashnayatath oyalagen help eka ganna wagema e sanda kala yutu dewal gana dana ganeemata, apita udaw karanna puluwan nam godak pin oyata..

    ReplyDelete
  92. බොහෝම වැදගත් ලිපියක්. කාලයක සිට සොයමින් සිටිය විස්තර ගොඩාක් දැනගන්න පුලුවන් වෙන ලිපි මාලාවක්. ඉදිරියටත් අපව දැනුවත් කරන්න ගැටලු ඇති වන විටදි.
    බොහෛාම පින්

    ReplyDelete
  93. ශරීරයේ විකෘතිතාවයන් හොද කරන්න පුළුවන්ද???ඒ සදහා භාවනාව යොදාගන්නේ කොහොමද???

    ReplyDelete
  94. පන්සල් වල බුද්ධ ප්‍රතිමාවක් අසලට ගිය විට නලල මැදින් යමක් විහිදෙන්නාක් මෙන් දැනෙයි ඊට හේතුව කුමක් විය හැකිද?

    ReplyDelete
    Replies
    1. ශක්ති උත්තේජනය විම් වලදි ඒ වගේ දැනිම් එන්න පුලුවන්

      Delete
  95. Guruthumani, Mama bawanawa sandaha asanaya sakas karagena (sukasanaya) bhawanawe yedenawita peyabagahak pamana yanawita den ethi kiya sithuwillak peminei. Sharira apahasuthawayakda denei.

    Mama denata pudrudu karanne bhawanawe mulika adiyarai. Adunikayan bhawanawa aramba kirima thena sitayi.

    Ese sithuwillak enne eida? Eya ewatha dama newathath bawanawe yedeemata upadesak ma balaporoththu wemi. Therun saranai...! Rawana pihitai.

    ReplyDelete
    Replies
    1. එක හැටි
      ඒවා අමතක කරලා භාවනා කරන්න

      Delete
  96. Guruthumani mama danata anapanasathi bawanawa karagena yanawa eka masa 3k karala husma nalala atharin eha meha yana bawanawa karannai inne mama eka karannada me wakra wala shakthiya gabada karana eka karannada mokakda godak hoda

    ReplyDelete
  97. Me bawanawa karaddi loku mahansiyak danenawane guruthumani ekata mokada karanna one

    ReplyDelete
  98. කුණ්ඩලීන ශක්තිය ලබාගැනීම එකවර සිදුකරගන්නවන්ම් කල යුත්තේ කොදුඇට පේළියේ අගසිට හිසටත්,හිසේ සිට ශරීරයෙන් බාහිරට පැමිණ,නැවත නැවත එම ආකාරයෙන්ම ශක්තිය සංසරණය කිරීම මගින්ද?
    හැකිනම් පහදල දෙන්න පුලුවන්නම් හොඳයි..

    ReplyDelete

Post a Comment