Featured Post

මොළය 100%ක් සක්‍රිය කරගැනීම Boosting IQ





බුද්ධිමත් භාවයට බලපාන්නේ මොළයේ ක්‍රියාකාරිත්වයයි. මොළය සම්පුර්ණයෙන්ම තැනි තිබෙන්නේ ස්නායු සෛල වලින්. රුප දැකීම, ශබ්ද ඇසීම ආදී සියලු සංවේදන ක්‍රියා වගේම තර්කනය, සිතුවිලි පහල කිරීම ආදී සියලුම මානසික ක්‍රියාවලි සිදුවන්නේ මොළයේ ස්නායු අතර සිදුවන ස්නායු ආවේග සම්ප්‍රේෂණයක් විදියටයි. ස්නායු ආවේග ගමන් කරන වේගය බුද්ධිමත් භාවය තීරණය කරන එක සාධකයක්. ඒ වගේම මොළයේ සක්‍රිය ස්නායු සෛල ප්‍රමාණය හා ආවේග ගමන් කරන ස්නායු පථ ප්‍රමාණයත් බුද්ධිමත් භාවය තීරණය කරන සාධක වෙනවා. සාමාන්‍ය පුද්ගලයන් භාවිත කරන්නේ මොළයෙන් 5%ක් පමණයි. සාමාන්‍ය අධ්‍යාපනය ලබාගෙන රැකියාවක් කිරීමට අවශ්‍ය වෙන්නේ මොළයෙන් 5%ක් පමණයි. බුද්ධි වර්ධන ක්‍රම මගින් අපේ මොළයේ සාමාන්‍ය අවස්ථා වලදී අක්‍රිය පවතින ඉතිරි 95% සක්‍රිය කරගැනීමේ හැකියාව පවතිනවා.

බුද්ධිමත් භාවය සදහා ස්ථිර එක් නිර්වචනයක් සම්මත වී නෑ. දැනුම හා හැකියාවන් අත් කරගැනීමටත් භාවිතා කිරීමටත් ඇති හැකියාව පොදුවේ බුද්ධිමත් භාවය විදියට හදුන්වන්න පුළුවන්. එයට හේතු දැක්වීම, මතකය, ගැටළු විසදීම, නිර්මාණාත්මක භාවය, තර්කනය, අවබෝධ කිරීමේ හැකියාව, සැලසුම් කිරීම හා ගැටළු විසදීම ආදී අංග විශාල ප්‍රමාණයක් ඇතුලත් වෙනවා. intelligence quotient හෙවත් IQ කියන්නේ බුද්ධිමත් භාවය නිර්ණය දැනට පිළිගත් ක්‍රමවේදයයි. සාමාන්‍ය පුද්ගලයන්ගේ IQ අගය 80 - 120 අතර පවතිනවා. 120ට වැඩි      අගයන් සහිත පුද්ගලයන් ඉහල  බුද්ධිමතුන් විදියට සලකනවා. IQ අගය සදහා උපරිම ඉහල අගයක් නෑ. සියවසේ මහා විද්වතා ලෙස සලකන ඇල්බර්ට් අයින්ස්ටයින් සතුව තිබී තියෙන්නේ 160ක අගයක්. එහෙත් මෑතකාලීනවත් IQ අගය 200ට වඩා වාර්තා වුනු පුද්ගලයන් කිහිප දෙනෙක්ම ඉන්නවා. IQ අගය 180, 190 ආදී අගයන් දරන බොහෝ දෙනෙක් සිටියත් සමාජයට විශාල බලපෑමක් කළ, ලෝකය වෙනස් කල බොහෝ දෙනෙකුගේ IQ අගය 160 ආසන්න අගයක් බව දකින්න ලැබෙනවා. 

අධ්‍යාපනය ලැබීමේ සිට පරිඝනක ක්‍රීඩා කිරීම, තේ හැදීම පවා බුද්ධිය ඉහල නංවාගැනීමට උපකාර කරගන්න පුළුවන්. මෙතැන් සිට එම එක් එක් ක්‍රමය පිළිබදව සලකා බලමු.


නිවැරදි පෝෂණය ලබාගන්න

* කළු/ දුඹුරු චොක්ලට් වල ඇති anti oxydents මගින් මොළයට ඇති රුධිර සැපයුම වැඩි කරනවා.
B විටමින් වැඩිපුර තිබෙන කොළ පැහැති කොළ වර්ග හා දොඩම් නාරං වැනි පලතුරු ආහාරයට ගැනීම මගිනුත් මොළයට ඇති රුධිර සැපයුම වැඩිවෙනවා.
මොළයේ සියලු ක්‍රියාකාරිත්ව කාර්යක්ෂම වීමට එය උපකාර වෙනවා.

* Fish oil හා කජු, රටකජු, මෑ, කවුපි, කඩල වැනි ධාන්‍ය ආහාරයට ගැනීමත් මොළයේ වර්ධනයට උපකාර වෙනවා.

* අධිකව ලුණු ආහාර සීනි ආහාර හා තෙල් ආහාර පරිභෝජනය කිරීම මොළයට හිතකර නෑ. ඒ නිසා හැකිතරම් ඒවා සහිත ආහාර වලින් වැළකෙන්න.

* මස් මාළු හා බිත්තර ආහාරයට ගැනීම මොළයේ ක්‍රියාකාරිත්වය වැඩිවීමට උපකාර වනවා. එම ආහාර වල ඇති ප්‍රෝටීන ලබාගැනීමෙන් ස්නායු ක්‍රියාකාරිත්වයට අවශ්‍ය dorpamine, noradrenaline වැනි ස්නායු සම්ප්‍රේශක නිපදවීම ඉහල යනවා. එය සිතීමේ වේගය වැඩිවීමටත්, තර්ක හැකියාවටත් උපකාර වෙනවා.


* ලොකු ආහාර වෙල් තුනක් ගැනීමට වඩා කුඩා ආහාර වෙල් 5-6ක් පමණ ලබාගැනීම මොළයේ ක්‍රියාකාරිත්වයට වැඩි රුධිර ප්‍රමාණයක් ඉතිරි කරනවා. සාමාන්‍යයෙන් ආහාර ගැනීමෙන් පසු   නිදිමතක් ඇතිවෙන බව බොහෝ දෙනෙක් අත්දැකලා ඇති. මේ නිදිමත ඇතිවෙන්නේ ලොකු ආහාර වේලක් ගත් විට එය ජීර්ණය කිරීමට හා අවශෝෂණය කිරීමට ලොකු රුධිර පරිමාවක් ආමාශය ඇතුළු ආහාර මාර්ගය වටා රැස් වීම නිසා. එවිට සිරුරේ තිබෙන රුධිර පරිමාවෙන් විශාල කොටසක් බඩ ප්‍රදේශයේ රැදී තිබෙන නිසා මොළය වෙත ඉහලට යන රුධිර ප්‍රමාණය සාමාන්‍ය අවස්ථා වලට වඩා අඩුවෙනවා. එවිට මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයන් පෙර පරිදි සිදුකිරීමට අපහසු නිසයි නිදිමත ඇතිවෙන්නේ. විශාල ආහාර වෙල් 3ක් 2ක් ලබාගැනීම වෙනුවට කුඩා ආහාර වෙල් 5ක් පමණ ලබාගැනීමෙන් මේ තත්ත්වය නැතිකරගන්න පුළුවන්.

* වැඩියෙන් ජලය පානය කිරීමත් මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කරගැනීමට උපකාර වෙනවා. මොළයේ බරින් 90% ක්ම  තිබෙන්නේ ජලයයි. මොළයේ සිදුවන ස්නායු ආවේග සම්ප්‍රේෂණය ආදී සියලු ක්‍රියා නිසි පරිදි සිදුවීමට ජලය අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා උදයකාලය, දවල් හා සවස් කාල වලදී හොදින් ජලය පානය කල යුතුයි. සවස 7.30 න් පමණ පසු වැඩිපුර ජලය පානය කිරීම සුදුසු නෑ. නින්දට ගිය පසු මුත්‍රාශය තුල මුත්‍ර වැඩි ප්‍රමාණයක් රැදී පැවතීම මුත්‍රා ගල් ආදිය ඇතිවීමට හේතුවෙන්න පුළුවන්.


අවශ්‍ය විවේකය ලබාගැනීම
* අවමයෙන් පැය 6ක අඛණ්ඩ නින්දක් ලබාගැනීම මොළය වර්ධනයට හා යහපත් පැවැත්මට අතිශයින් වැදගත් වෙනවා. පැය 6ට අඩු නින්දක් ලබාගැනීම මොළයට හිතකර නෑ. අධ්‍යාපන කටයුතු කරන සමහර සිසුන් පැය 4, 3 වැනි කෙටි කාලයක් නින්දට වෙන් කර පාඩම් කටයුතු කලත් විභාග ප්‍රතිපල ලැබීමේදී අපේක්ෂා කල ප්‍රතිපල නොලැබෙන අවස්ථා බහුලයි. එයට හේතුව වෙන්නේ පැය 20ක් පාඩම් කලත් එම කරුණු මතකයේ තැන්පත් වීමට නම් අවමයෙන් පැය 6ක නින්දක් අවශ්‍ය වීමයි. නින්දේ අවස්ථා කීපයක් තිබෙන අතර ගැඹුරු නින්දට පත්වීමට නිදාගත් අවස්ථාවේ සිට පැය 2ක් පමණ ගතවෙනවා. මතකය හා බුද්ධිමත් බව වර්ධනය කරගැනීමට ගැඹුරු නින්ද තුල පැය 3 - 4 ක් පමණ කාලයක් මොළය විවේකිව පැවතිය යුතුයි.

* රාත්‍රී නින්ද ලබාගැනීම වගේම මොළය වෙහෙසවා කරන කටයුතු වලදී කෙටි විවේක ලබාගැනීමත් මොළයේ යහපැවැත්මට අතිශයින්ම වැදගත්. පාසල් වල එක විෂය කාල පරිච්චේදයක් සදහා විනාඩි 45ක් පමණක් සිමා කර තිබෙන්නේ එකදිගට විනාඩි 50 කට වඩා මොළය වෙහෙසවීමේදී කාර්යක්ෂමතාව අඩුවන නිසයි. එහෙත් මෙය සියලු විෂයන්ට හා කාර්යයන්ට අදාළ වෙන්නේ නෑ. සමහර විෂයන් ඉගෙනගැනීම හා වෙනත් මොළය වෙහෙසවා කරන කටයුතු එකදිගට පැය කිහිපයක් වුනත් මොළයට වෙහෙසක් නැතිව    සිදුකරන්න පුළුවන්.


ව්‍යායාම කිරීම 
මොළයට හා සිරුර පුරා රුධිර සැපයුම හොදින් සක්‍රිය වන aerobics ව්‍යායාම දිනපතා සිදුකිරීම මොළයේ වර්ධනයට දැඩි ලෙස උපකාර වෙනවා. සාමාන්‍ය ව්‍යායාම සිදුකිරීමට වඩා දිවීම වැනි ශරීරය තරමක් මහන්සි වන, හෘද ස්ඵන්ධනය තරමක් වැඩි වන cardio exerxises සිදු කිරීමයි සුදුසු වෙන්නේ. මෙම ව්‍යායාම මගින් මොළයට රුධිර සැපයුම ඉහල යන නිසා කෙටි කාලින වගේම දිර්ඝකාලින වර්ධනයක් සිදුවෙනවා.


අධ්‍යාපනය ලැබීම
බුද්ධිය වැඩි කරගන්න පුළුවන් ප්‍රධානම ක්‍රමය වෙන්නේ අධ්‍යාපනය ලැබීම. තමන්ගේ මොළයේ ඕනෑම ප්‍රදේශයක් තමන්ට අවශ්‍ය විදියට වෙනස් කරගන්න පුලුවන් tool kit එකක් අධ්‍යාපනය කියන්නේ. අධ්‍යාපනය ලබන ක්ෂේත්‍රය අනුව ලෝකය දකින දෘෂ්ඨිය වෙනස් වන බව ඉතාම පැහැදිලිව උසස්පෙළ සිසුන් නිරීක්ෂණය කිරීමෙන් දකින්න පුළුවන්. එයට හේතුව වෙන්නේ එක් විෂය ක්ෂේත්‍රයකට අදාලව ඉගෙනගැනීමේදී එයට අදාළව අවශ්‍ය වන මොළයේ ප්‍රදේශ හරහා නිතර ස්නායු ආවේග ගමන් කිරීම නිසා එදිනෙදා ජිවිතයේ තීරණ ගැනීමේදීත් එම ප්‍රදේශ සක්‍රිය වීමෙන්ම සිතුවිලි පහල වීමට නැඹුරු වීමයි.

විවිද විෂය පතයන් ඉගෙනගැනීමෙන් මොළයේ විවිද ප්‍රදේශ වර්ධනය වෙනවා. සියලු විෂය ක්ෂේත්‍ර අතරින් මොළය වඩාත්ම සක්‍රිය කරන්නේ විද්‍යාව හා බුදුදහම අධ්‍යනය කිරීමෙනුයි. ඕනෑම පාසලක හෝ විශ්ව විද්‍යාලයක සංගීතමය හෝ නර්තනමය හැකියා සම්බන්ධ තරගයකදී වුනත් ක්‍රීඩා තරගයකදී වුනත් ජයග්‍රහණ ලබාගන්නේ බොහෝ විට විද්‍යා විෂය හදාරන අය විසින්. එයට හේතුව විද්‍යාව හැදැරීමේදී මොළයේ සියලු ප්‍රදේශ උපයෝගී වීමයි. එමනිසා විද්‍යාව තුල දක්ෂයෙක් වන පුද්ගලයා ඕනෑම දෙයකට දක්ෂ ස්වභාවයක් ඇතිවෙනවා.
අනෙක් විෂයන් වලදී බොහෝවිට උපයෝගී කරගන්න අවශ්‍ය වෙන්නේ මොළයේ සීමිත කොටසක් පමණයි.
එමනිසා තමන් කුමන විෂය පථයකින් අධ්‍යාපනය ලැබූ කෙනෙක් වුනත් ඒවාට අමතරව විද්‍යාව විෂයට අදාළ පාඨමාලා, ඩිප්ලෝමා, උපාධි ආදිය කිරීම මගින් බුද්ධිය ඉහල නංවාගැනීම සිදුකරගන්න පුළුවන්. පාඨමාලා ආදිය සිදුකලේ නැතත් විද්‍යා පොත් පත් කියවීම, youtube video නැරඹීම වැනි දේ මගින් විද්‍යාව අධ්‍යනය කල හැකියි. ඒවා මගින් විද්‍යා දැනුම පමණක් ලබාගැනීමත් බුද්ධි වර්ධනයට උපකාර වෙනවා. එහෙත් විද්‍යා දැනුම ලබාගැනීමට අමතරව ගැටළු විසදීම, ප්‍රායෝගික පරීක්ෂණ කිරීම වැනි ප්‍රායෝගික භාවිත සහිත පාඨමාලා ආදියේදී බුද්ධිය සිඝ්‍රයෙන් වර්ධනය වෙනවා.

විද්‍යා විෂය මගින් අධ්‍යාපනය ලැබූ කෙනෙක් එයින් නොනැවතී කළා හා වාණිජ ක්ෂේත්‍ර වලට අදාළ පාඨමාලා ආදිය කිරීමෙන් ඉතා ඉහලට බුද්ධිය වර්ධනය කරගැනීමේ හැකියාවක් ලැබෙනවා.



අලුත් ක්‍රියාකාරකම් උත්සාහ කරන්න
අප කරන විවිද ක්‍රියාකාරකම් සදහා යෙදවෙන්නේ මොළයේ විවිද ප්‍රදේශයි. පෙනීම, ඇසීම, කථනය, චලනය, සමබරතාව, තර්කනය, විශ්ලේෂණය, අත් වල චලන, පාද වල චලන ආදී විවිද ක්‍රියා සදහා වෙන්වුනු වෙනම ප්‍රදේශ මොළයේ පවතිනවා.



චිත්‍ර අදින පුද්ගලයෙකුගේ මොළයේ ක්‍රියාකාරී වන්නේ අත්වල චලන පාලනය කරන ප්‍රදේශය, වර්ණ හා හැඩ සංයෝජනය කරන ප්‍රදේශ, නිර්මානාත්මක පරිකල්පන යාමනය කරන ප්‍රදේශ, දෘෂ්ඨිය පාලනය කරන ප්‍රදේශ ආදියයි. වෙනත් ආකාරයකට කියනවා නම් චිත්‍රයක් ඇදීමේදී මොළය තුල ස්නායු ආවේග ගමන් කරන්නේ ඉහතින් දක්වපු ප්‍රදේශ වල ඇති ස්නායු හරහා පමණයි.
තර්කනය, ගණිත හැකියා, පාද වල චලන ආදී ක්‍රියා පාලනය කරන ප්‍රදේශ හා වෙනත් ප්‍රදේශ චිත්‍ර ඇදීමේදී අවශ්‍ය නොවන නිසා ඒවාට අදාළ ස්නායු තුලින් ආවේග ගමන් කිරීමක් සිදුවන්නේ නෑ. මේ වගේ පුද්ගලයෙක් ජිවිතයේ ගැටලුවකට මුහුණ දීමේදී විසදුමක් කල්පනා කරන විට පවා සක්‍රිය වෙන්නේ තමන් බහුලව භාවිත කල නිර්මාණාත්මක භාවය ආදී ප්‍රදේශ හා ඒවාට අනුරූප බුද්ධිමය ප්‍රදේශයි. එවැනි පුද්ගලයෙකුට ගැටලුව විශ්ලේෂණය කර වඩා තාර්කික විසදුමක් ලබාගැනීමට අපහසු වෙන්නේ මොළයේ තර්කනය, විශ්ලේෂණය ආදියට සම්බන්ධ ස්නායු හරහා ආවේග ගමන් කර හුරුවක් නොමැති නිසයි.

එමනිසා මොළයේ ව්විද කොටස් සක්‍රිය වී තිබීම වඩා පහසුවෙන් යමක් අවබෝධ කරගැනීමටත්, ගැටලුවකට විසදුමක් ලබාගැනීමටත් උපකාර වෙනවා. එයින් අදහස් වෙන්නේ මොළයේ විවිද ප්‍රදේශ සක්‍රිය වීමෙන් බුද්ධිමත් භාවය ඉහල යනවා. එමනිසා තමන් මෙතෙක් කල් උත්සහ කර නැති ක්‍රියාකාරකම් හුරුවීම සුපිරි බුද්ධියක් ඇති කර ගත හැකි ප්‍රධානම මාර්ගයක්.

ඒ සදහා මෙම ක්‍රියාකාරකම් උපයෝගී කරගන්න පුළුවන්;

1. හැදී ගෑරුප්පු භාවිතයෙන් ආහාර ගැනීම

2. නර්තනය
නර්තනය සිදුකිරීමේදී අත් කකුල් හා ශරිරයේ වෙනත් විවිද කොටස් එකවර චලනය කරන නිසා මොළයේ ප්‍රදේශ කිහිපයක් එකවර සමගාමිව ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍ය කටයුතු වලදී බොහෝ විට සිදුවෙන්නේ එක් ශරීර අංගයක් පමණක් චලනය වීමයි. ශරීරයේ විවිද අංග එකවර චලනය කිරීමේදී ස්නායු ආවේග ගමන් කරන නව පථ නිර්මාණය වෙනවා.

3. පිහිනීම

4. සටන් කලාවක් ඉගෙනගැනීම
මෙහිදීත් අත් පා චලන, වේගය, සමබරතාව ආදී අංග රාශියක් එකවර සමායෝජනය වන නිසා මොළය වර්ධනයට ඉහල බලපෑමක් සිදුවෙනවා.

4. විවිද සංගීත භාණ්ඩ වාදනය
මොළයේ විශාල ප්‍රදේශයක් අත්ල හා ඇගිලි සදහා වෙන් වී තිබෙනවා. සංගීත භාණ්ඩ වාදනයේදී අත් දෙකෙහිම ඇගිලි විවිද ආකාරයෙන් සමගාමිව ක්‍රියාකිරීම නිසා ඒ මගින් මොළයේ විශාල ප්‍රදේශයක් සක්‍රිය වෙනවා.
පරිඝනක වල Keyboard මගින් වේගයෙන් type කිරීම මගිනුත් මේ හා සමාන ප්‍රතිපල ලැබෙනවා. මේ සදහා නිවැරදිව ඇගිලි නියමිත ස්ථාන වල තබාගෙන type කිරීම හුරු කරවන Typing master වැනි software භාවිත කරන්න පුළුවන්.

5. සින්දු ගායනය

6. චිත්‍ර ඇදීම

7. අලුත් භාෂාවක් ඉගෙනගැනීම
විවිද භාෂා ඉගෙන ගැනීමත් මොළය අතිශයින් දියුණු කරන ක්‍රියාවක්. භාෂාවක් ඉගෙන ගන්න හරිම අපහසුයි. විවිද භාෂා වලදී ව්‍යාකරණ හසුරවන ආකාරය හා වචන යොදන ආකාරය එකිනෙකට වෙනස්. ඒ නිසා නව භාෂාවක් භාවිතා කිරීමේදී මොළයේ ක්‍රියාකාරිත්වය සිඝ්‍රයෙන් ඉහල යනවා.

8. සාමාන්‍ය ඉගෙනගත් විෂය ධාරා වලට අයත් නැති ඩිප්ලෝමා, පාඨමාලා කිරීම

9. පොත් කියවීම
එක වර්ගයකට සිමා නොවී නව කතා, කෙටි කතා, පරිවර්තන, සිංහල පොත්, ඉංග්‍රීසි පොත්, ආදර කතා, අධ්‍යාපනික පොත් ආදී විවිද වර්ගයේ පොත් පත් කියවීමෙන් මොළයේ විවිද ප්‍රදේශ සක්‍රිය කරගන්න පුළුවන්. එක් වර්ගයක පොත් වලට සිමා නොවී විවිද පොත් කියවීම වඩා සුදුසුයි.
පොත් කියවීමේදී සිදුවන චිත්ත රුප මැවීම මොළයේ වර්ධනයට දැඩිව බලපානවා. චිත්‍රපටයක් නැරඹීමේදී සියලු තොරතුරු දර්ශනය වෙන නිසා මොළය වෙහෙසවා සක්‍රිය වීමක් වෙන්නේ නෑ. ඒත් එම චිත්‍රපටයට මුල්වූ පොත කියවන විට එහි සදහන් රුප ශබ්ද රස සුවද ආදී සියල්ල සිතින් මවාගැනීම කල යුතුයි. ඒ මගින් පරිකල්පන හැකියාව විශාල ලෙස වර්ධනය වෙනවා.


සාපේක්ෂතා වාදය, ක්වොන්ටම් විද්‍යාව ආදී  ආදර්ශක පියවි ඇසින් දැකිය නොහැකි විද්‍යා ක්ෂේත්‍ර වලට අදාළ මුලධර්ම බිහිකිරිමේදීත් ගැටළු විසදිමේදීත් ඒවාට අදාළ පද්ධති models නිර්මාණය කිරීමට පරිකල්පන හැකියාව අතිශයින් වැදගත් වන බව ඇල්බර්ට් අයින්ස්ටයින් වැනි විද්‍යාඥයන්ගේ ප්‍රකාශ වලින් පැහැදිලිව දකින්න පුළුවන්.


10. කවි, නිසදැස් ලිවිම

11. තමන් කැමති වර්ගයේ රස වින්දන වලට සිමා නොවී විවිද වර්ගයේ සින්දු ඇසීම, චිත්‍රපට නැරඹීම

12. තමන් නිතර භාවිතා කරන laptop, mobile phone වර්ගය වෙනස් කර නව වර්ග භාවිත කිරීම. Operating system වර්ග වෙනස් කර නව වර්ග භාවිත කිරීම.

13. සංචාරය කිරීම
තමන් ජිවත් වුනු පරිසරයට වඩා වෙනස් ප්‍රදේශ වලට විනෝද චාරිකා ආදිය මගින් සංචාරය කර කදු නැගීම, වනාන්තර නැරඹීම හා වෙනස් ප්‍රදේශ වල නවාතැන් ගැනීම   ආදිය මගින් මොළය මෙතෙක් කල් පරිසරය සංජානනය කල ආකාරයට වඩා වෙනස් ක්‍රම වලින් සංජානනය වන නිසා ඒ මගිනුත් නව ස්නායු පථ නිර්මාණය වනවා.

මෙම ක්‍රියාකාරකම් වගේම තමන් මෙතෙක් කල් හුරු වී නැති ඕනෑම අලුත් ක්‍රියාකාරකමක් කිරීමට හුරුවීමෙන් එයට අදාළ මොළයේ ප්‍රදේශය සක්‍රිය වෙනවා.


නුහුරු අතට මාරු වීම
මොළයේ විශාල ප්‍රදේශයක් අත් හා ඇගිලි වෙනුවෙන් වෙන් වී පවතින නිසාත් අපගේ එදිනෙදා කටයුතු විශාල ප්‍රමාණයක් එක් අතකට සීමාවී සිදුකරන නිසාත් හුරු අත මාරු කිරීමෙන් මොළය සංවර්ධනයට විශාල බලපෑමක් සිදුකරන්න පුළුවන්. මේ සදහා ;

* දකුණු අතින් බත් කන කෙනෙකු නම් වම් අතින් බත් කන්න
* දත් මදින අත මාරු කරන්න
* තේ හදන විට සිනි දිය කරන අත මාරුකරන්න
* අත් මාරු කර ලිවිමට හුරුවෙන්න ( මේ සදහා අවුරුදු කීපයක් ගත වේ )
* computer සදහා භාවිත කරන mouse භාවිතා කරන අත මාරු කරන්න


බුද්ධි වර්ධන අභ්‍යාස


1. හාෆ්ශිට් හෝ A4 කොළ දෙකක් ගන්න. අත් දෙකට පෑන් දෙකක් ගන්න. අත් දෙකින්ම එකවර කුඩා රවුම් දෙකක් දක්ෂිනාවර්තව අදින්න.
මීලගට වම් අතින් වාමාවර්ත දිශාවටත් දකුණු අතින්   දක්ෂිනාවර්තවත් රවුම් දෙකක් අදින්න
මීලගට වම් අතින් දක්ෂිනාවර්තවත් දකුණු අතින් වාමාවර්තවත් රවුම් දෙකක් අදින්න
මේ ආකාරයටම ත්‍රිකෝණ, ඍජුකෝනාශ්‍ර, චතුරශ්‍ර ඇදීමට උත්සහ කරන්න

2. පෙර පරිදිම අත් දෙකට පෑන් දෙකක් ගන්න.
වම් අතින් දක්ෂිනාවර්තව රවුමක් අදින අතර දකුණු අතින් දක්ෂිනාවර්තව ත්‍රිකෝණයක් අදින්න
මීලගට වම් අතින් වාමාවර්තව රවුමක් අදින අතර දකුණු අතින් වාමාවර්තව ත්‍රිකෝණයක් අදින්න
මීලගට වම් අතින් දක්ෂිනාවර්තව රවුමක් අදින අතර දකුණු අතින් වාමාවර්තව ත්‍රිකෝණයක් අදින්න
මීලගට වම් අතින් වාමාවර්තව රවුමක් අදින අතර දකුණු අතින් දක්ෂිනාවර්තව ත්‍රිකෝණයක් අදින්න
මේ ආකාරයටම වම් අතින් ත්‍රිකෝණයක් හා දකුණු අතින් රවුමක් අදින්න

මේ ආකාරයට
රවුම - ත්‍රිකෝණය
රවුම - චතුරශ්‍රය
රවුම - ඍජුකොනාශ්‍රය
ත්‍රිකෝණය - චතුරශ්‍රය
ත්‍රිකෝණය - ඍජුකොනාශ්‍රය
චතුරශ්‍රය - ඍජුකොනාශ්‍රය                අත් හා දිශා මාරු කරමින් අදින්න

3. ඉහත ආකාරයට අත් දෙකට පෑන් දෙකක් ගන්න
වම් අතින් A අකුර ලියන අතර දකුණු අතින් B ලියන්න
මීලගට වම් අතින් B අකුර ලියන අතර දකුණු අතින් A අකුර ලියන්න
මේ ආකාරයට විවිද අකුරු මාරු කරමින් ලියන්න

4. සිතින් 90 සිට ආපස්සට ඉලක්කම් ගණන් කරන්න. මෙහිදී ගණන් කල යුත්තේ එකින් එක නෙවෙයි ඉලක්කම් තුනෙන් තුනටයි. 90, 87, 84 ... ආදී විදියට ඉලක්කම් තුනෙන් තුනට ඉලක්කම් ගණන් කරන්න.

5. මෙම වීඩියෝවේත් බුද්ධි වර්ධනයට හොද අභ්‍යාස කිහිපයක් තිබෙනවා


6. පරිඝනක ක්‍රීඩා හා ජංගම දුරකථන ක්‍රීඩාවන් කිරීමත් මොළය වර්ධනයට උපකාර වනවා. ඒවා සදහා අත් වල චලන, දෘෂ්ඨිය හා ශ්‍රවණය වැනි අංග කීපයක් එකවර ක්‍රියාත්මක කලයුතු නිසා මොළයේ විශාල ප්‍රදේශයක් පුරා ආවේග ගැලීම සිදුවනවා.
ඕනෑම ක්‍රීඩාවක් මොළය වර්ධනයට උපකාර උනත් මොළය වර්ධනය සදහාම මේ වනවිට විවිද apps හා games නිර්මාණය කර තිබෙනවා. "IQ games" "Improve IQ" "Brain games"ආදී ලෙස search කිරීමෙන් මේවා සොයාගත හැකියි.
Smart phone වලට අදාළ app store වල ඇති Dual n back ක්‍රීඩාව IQ වර්ධනය හා මතකය වර්ධනය සදහාම නිර්මාණය වුනු ක්‍රීඩාවක්. මෙවැනි තවත් games රාශියක් app store වල තිබෙනවා.


7. චෙස්, දාම් හා sudoku, minesweeper බුද්ධි වර්ධනයට ඍජුවම උපකාර වන ක්‍රීඩාවන් කීපයක්. ඒ වගේම රූබික් කැටයක් විසදිමත් බුද්ධි වර්ධනයට උපකාර වෙන ක්‍රියාකාරකමක්.

8. ෆේස්බුක් වැනි සමාජ ජාල පිටු වලින් බුද්ධිමය ගැටළු අන්තර්ගත පොස්ට් නිතර පළවනවා. පහතින් දැක්වෙන එවැනි ඒවා දකින විට මගහරින්නේ නැතිව ඒවා විසදීමට උත්සහ කරන්න.





9. උසස් පෙළ පොදු පරීක්ෂණ විෂය සදහාත් රාජ්‍ය පරිපාලන විභාග ආදිය සදහාත් ඇති බුද්ධි පරීක්ෂණ ගැටළු විසදිමත් බුද්ධි වර්ධනයට ඉතාම උපකාර කරගන්න පුළුවන්. ඒ සදහා ප්‍රකාශනයට පත් කල පොත්පත් රාශියක් පොත්සල් වලින් ලබාගන්න පුළුවන්.

10. මැහුම් ගෙතීම, කැටයම් නිර්මාණය වැනි විවිද අත්කම් නිර්මාණ කිරීම මගිනුත් බුද්ධිය වර්ධනය වෙනවා.


නිතරම සතුටින් මෛත්‍රියෙන් හා ධනාත්මකව සිටින්න
අපගේ විවිද හැගීම් වලට අනුරූපව රුධිරයේ ඇති රසායනික සංයුතිය හා ස්නායු සම්ප්‍රේශක වර්ග වෙනස් වෙනවා. දුක, තරහ, ආතතිය හා ඍණාත්මක ආකල්ප සිතින් සිතන විට ඒවාට අනුරූප අහිතකර රසායනික ක්‍රියාවන් රුධිරය තුල හා මොළයේ ස්නායු තුල සිදුවෙනවා. ඒවා මගින් ස්නායු සෛල වලට කෙටි කාලින මෙන්ම දිගු කාලින හානි වීමෙන් මතකය අඩුවීම, සිහිය පවත්වාගැනීමට අපහසු වීම ආදී බලපෑම් ඇතිවෙනවා. ඒ නිසා මොළයේ   යහපැවැත්ම මෙන්ම සිරුරේ සියලු ඉන්ද්‍රියන් වල යහපැවැත්ම සදහා සතුට, මෛත්‍රිය හා ධනාත්මක ආකල්ප උපකාර වෙනවා.
ඕනෑම පුද්ගලයෙකුට ජිවිතයේ ගැටළු තිබෙනවා, දරාගත නොහැකි දුක් වේදනාවන් තිබෙනවා, කෝපයට පත් වන සිදුවීම් වෙනවා. මොළයේ යහපැවැත්ම හා වර්ධනය බලාපොරොත්තු වන කෙනෙක් කල යුත්තේ එවැනි අවස්ථා වලදී දුකට, කෝපයට, ආතතියට පත් නොවී   ඒවාට කල යුතු පිළියම් කර සිත සතුටින් තබාගැනීමයි. නිතරම තමන්ගේ ගැටළු පිළිබද කල්පනා කරමින්   ඒවා තුල ජිවත් වෙන්නේ නැතිව ඒවා සදහා ගත හැකි විසදුම් ක්‍රියාත්මක කර ඒවා අමතක කර සතුටින් ජිවත් වන්න. තමන්ට පැමිණෙන දුක් කරදර වලත් හාස්‍යක් දකින්න සිත පුරුදු කරන්න. ප්‍රශ්න සමග ගැටීම වෙනුවට ඒවා තුලින්ද සතුටක් ඇතිකරගැනීමට හුරුවෙන්න.


පවුල තුල සම්බන්ධතාවය දියුණු කරගන්න
පවුලේ අය, නෑදෑයන්, අසල්වාසීන් සමග කතා කිරීමත් මොළයේ වර්ධනයට දායක වනවා. දෙමාපියන් හා වයසක වැඩිහිටියන් සමග කතා කිරීමටත්, වැළදගැනීමටත් සුහදශීලි පුරුද්දක් ඇතිකරගන්න. කුඩා කාලයේදී දෙමාපියන් හා පවුලේ අය සමග කතා කිරීමට නොහැකි   වීමෙන් හා ස්ඵර්ශ නොකිරීමෙන් මොළයේ කොටසක් වර්ධනය වීම වැලකි යනවා. ඒ පුද්ගලයන් වැඩිමහල් වූ පසු සාමාන්‍ය පුද්ගලයන්ට වඩා තරමක් අසාමාන්‍ය ස්වභාව දක්වනවා. මේ ස්වභාවයට තමයි පුර්ව ළමා විය සංවර්ධනය නොවීම කියල හදුන්වන්නේ. ඒ නිසා කුඩා කාලයේදී වගේම වැඩිහිටි වූ පසු පවුලේ අය සමග කතා බහ කිරීම හා ස්ඵර්ශ  කිරීම මොළය වර්ධනයට බලපානවා. කාමරය තුල සිරවී දුරකථනය හෝ පරිඝනකයට මුහුණ ඔබාගෙන නිවැසියන් කිසිවෙක් සමග කතා නොකර සිටීමෙන් මොලයේ විශාල ප්‍රදේශයක් අක්‍රිය වෙනවා, මොලය වර්ධනය වීමේ සීඝ්‍රතාව අඩුවී යනවා.



භාවනා කිරීම
ඕනෑම භාවනාවක් මොළය දියුණු වීමට උපකාර වනවා. භාවනා කර ධ්‍යාන හෝ ශක්තින් ලබා ගැනීමෙන් හෝ මගපල ලබාගැනීමෙන් මොළය 100%ක් සක්‍රිය වෙන්නේ නෑ. ලංකාව තුල ඇති බෞද්ධ සංස්කෘතිය නිසා බාහිරින් එන සියලු සංකල්ප වලට බෞද්ධ සංකල්ප අනුගත කරගෙන අර්ථ දක්වන්න හුරු වෙලා තිබෙනවා. ඒ අනුව මොළය 100%ක් කාර්යක්ෂම වීම යනු සත්‍යාවබෝධ වීමයයි මිත්‍යා විශ්වාසයක් තිබෙනවා. ධ්‍යාන, ශක්ති, මගපල ලැබීමේදී මොළයේ සක්‍රියතාව සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහල ගියත් එම තත්ත්ව වලට මොළයේ ධාරිතාව සමග ඍජු සම්බන්ධයක් නෑ.
එහෙත් භාවනාව මගින් මොළයේ ධුසර ද්‍රව්‍ය ප්‍රමාණය ඉහල යන බව හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණයකින් තහවුරු කර තිබෙනවා.


MRI scan භාවිතයෙන් කල මේ පර්යේෂණයේදී භාවනා නොකළ පුද්ගලයෙකුට වඩා භාවනා කරන පුද්ගලයෙකුගේ මොළයේ ස්නායු ඇහිරීම ඉතා දියුණු මට්ටමෙන් සිදුවන බව සනාත වී තිබෙනවා. ඒ මගින් මතකය වැඩිවීම, බුද්ධිමත් භාවය වැඩිවීම හා ස්නායු සම්ප්‍රේෂණ වේගය වැඩිවීමෙන් ඉහල බුද්ධි වර්ධනයක් සිදුවන බව හොයාගෙන තිබෙනවා. ඒ වගේම භාවනා කිරීම මගින් මොළයේ අර්ධ ගෝල දෙක අතර මනා සම්බන්ධීකරණයක් හා සමබරතාවයක් ඇතිවෙන බව මේ මගින් පැහැදිලි වී තිබෙනවා. 

තර්කනය, ගණිත හැකියාව, විශ්ලේෂණ හැකියාව ආදීය සිදුවන්නේ මොළයේ වම් කොටසින්.
කලාත්මක හැකියා, නිර්මානාත්මක හැකියා ආදිය තීරණය කරන්නේ මොළයේ දකුණු කොටසින්.

බුදුදහම ඇසුරින් විස්තර කරනවා නම් මොළයේ වම් කොටස ප්‍රඥාවටත් දකුණු කොටස ශ්‍රද්ධාවටත් හේතුවෙනවා.
මෙයින් එක කොටසක් අධිකව ක්‍රියාකාරී වීම මානසිකව අසමතුලිත අන්තගාමි බවක් ඇතිවීමට හේතුවෙනවා. භාවනා කිරීමේදී මොළයේ වම් හා දකුණු අර්ධ ගෝල දෙක අතර තිබෙන වර්ධන අසමතුලිතතාවන් නැතිවී සම මට්ටමට පත්වෙනවා.
[ මෙයින් පැහැදිලි වන ප්‍රධාන කරුණක් වෙන්නේ කවුරුන් හෝ ශ්‍රද්ධාවට අදාළ ක්‍රියා වන බුදුන් වැදීම,    පින්කම් කිරීම, බෝධි වන්දනා කිරීම, ත්‍රිපිටක දේශනා සැක නොකර ඒ ආකාරයෙන්ම පිළිගැනීම, දෙවියන් අමනුෂ්‍යයන් පිළිගැනීම ආදී ක්‍රියාවන් වලට ගරහා භාවනා කිරීම හෝ විදර්ශනා වැඩිම පමණක් අනුමත කරනවා නම් ඔවුන් කිසිසේත්ම සත්‍ය ලෙස භාවනා දියුණු වූ පුද්ගලයන් නොවන බවයි. සත්‍ය ලෙස භාවනා දියුණු වූ පුද්ගලයන් ප්‍රඥාව මෙන්ම ශ්‍රද්ධාවත් සම සමව වර්ණනා කරනවා ]

* භාවනා මගින් මොළය වර්ධනය කරගැනීමට මෙම බ්ලොග් අඩවියේ පලකල සියලු භාවනා ලිපි කියවීමට :- ( මෙතන ක්ලික් කරන්න )


බුදුදහම හැදෑරීම
ධර්මය බුද්ධිය අතිශයින් ඉහල නැංවීමට උපකාර වනවා. බුදුදහම ප්‍රභන්ද වලින් තොර හේතු සාධක සහිතව සියල්ල විස්තර කර ඇති ගැඹුරු ධර්මයක් වන නිසා එය නිවැරදිව හැදෑරීමෙන් බුද්ධිමත් භාවය සීඝ්‍ර ලෙස වර්ධනය වෙනවා. විශේෂයෙන්ම සතර සතිපට්ටානය, පංච උපාධානස්කන්ධය, පටිච්ච සමුප්පාදය, අභිධර්මය ආදී ඉගැන්වීම් හදාරා අවබෝධ කරගැනීමේදී ඉතා ඉහල බුද්ධිමත් භාවයක් උදාවෙනවා.


බුද්ධි වර්ධනයට යෝග
1. ශිර්ශාසනය

ශිර්ශාසනය දිනපතා භාවිතා කිරීම මගින් මොළයට ලැබෙන රුධිර සැපයුම වැඩිවනවා. ඒ මගින් මොළයට අවශ්‍ය ඔක්සිජන් හා පෝෂණය හොදින් ලැබෙන නිසා මොළයේ වර්ධනය ඉහල යාම සිදුවනවා.

ආසනය සිදුකරන ආකාරය
ඝනකම් ඇතිරිල්ලක් හෝ මෙට්ටයක් මත පමණක් මේ ආසනය පුරුදු කරන්න. ඒ වගේම මෙය කලයුත්තේ හිස්බඩ පමණයි. ආරම්භයේදී බිත්තියක් අසල පුරුදුවෙන්න. හිස නමා දෙවැලමිට අතරින් නළල බිම තියන්න. ඉන්පසු සෙමින් කකුල් ඉහලට ඔසවන්න.
විනාඩියකින් පමණ පටන්ගෙන දිනෙන් දින ක්‍රමයෙන් කාලය වැඩි කර පැය භාගයක් පමණ තෙක් කාලය වැඩි කරගන්න. මේ ආසනය පුරුදු කිරීමෙන් පසු විනාඩි 5ක් පමණ උඩුකුරුව සයනය කර විවේක ගන්න. ශිර්ශාසනය කිරීමේදී ශරීරයේ  මුළු බරම හිස හා ගෙල මතට එන නිසා පියවරෙන් පියවර සෙමින් පුරුදු වෙන්න. විශේෂයෙන් මහත ශරීර තියෙන අය හොඳ සැලකිල්ලෙන් හා අවධානයෙන් ශිර්ශාසනය පුරුදු කරන්න.

2. ප්‍රාණයාම
ප්‍රාණයාම මගින් හොදින් පෙනහළු වාතනය වීම නිසා මොළයට අවශ්‍ය ඔක්සිජන් හොදින් සැපයෙනවා. මොළයේ ක්‍රියාකාරිත්වයට මෙය ඉතාම උපකාරී වෙනවා. ඒ වගේම ප්‍රාණයාම මගින් සිතත් කයත් සැහැල්ලු වී ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය ක්‍රියාකාරී වෙනවා. එය මොළය ආශ්‍රිත ස්නායු ක්‍රියාකාරිත්වයට ඉතාම   හිතකරයි. ප්‍රාණයාම සිදුකරන ආකාරය ලිපිය කියවීමට ( මෙතන ක්ලික් කරන්න )


අතීතයේ රජ කුමාර වරුන්ට යුධ ශිල්ප වගේම ආයුර්වේදය මුර්ති කලාව කවි කලාව ආදී සියලු සූසැට කළා ශිල්ප ඉගැන්වීම සිදුකලේ ඒ විවිද ශාස්ත්‍ර වලින් මොලයේ විවිද ප්‍රදේශ සක්‍රිය වන බව පෙර සිටි ඍෂි වරු දැනසිටි නිසා වෙන්න ඇති...

[මෙම ලිපියට සම්බන්ධ නොවුනත් මේ කරුණු කීපය මේ සමග ඉදිරිපත් කිරීම සුදුසුයි කියලා මම හිතනවා. වර්තමානයේදී තමන් අධ්‍යාත්මික යයි කියන බොහෝ පුද්ගලයන් හා බොහෝ බෞද්ධ භික්ෂුන් වර්තමාන අධ්‍යාපන ක්‍රමයටත්, නුතන විද්‍යාවටත්, තාක්ෂණික විප්ලවයටත් අන්තගාමි ලෙස දෝෂාරෝපණය කරන බව දකින්න ලැබෙනවා. ඔවුන් කිසිවෙක් අධ්‍යාපනය හෝ විද්‍යාව හදාරා එහි ඵල ලබාගත් අය නොවන බව ඉතා පැහැදිලියි.
බුද්ධිය වර්ධනය කරගැනීමටත් ඕනෑම දැනුමක් ලබාගෙන බහුශ්‍රුත වීමටත් ඉතාම කලාතුරකින් ලැබෙන මේ අවස්ථාව උදාකර දී තිබෙන්නේ වර්තමාන අධ්‍යාපන ක්‍රමය මගින් පමණයි.

මේවාට චෝදනා කරන පුද්ගලයන් නැවත රජ යුගයකට යමු යයි ආරාධනා කරනවා දකින්න ලැබෙනවා. එවැනි යුගයක් නැවත ඇති වූවානම් සිදුවන්නේ බලවන්තයන් රදළයන් සුළුතරයක් ඉහල වරප්‍රසාද ලබමින් ජිවත් වන අතර ඉතිරි සියල්ල ඔවුන්ට යටත්ව ජිවත් වීම පමණයි. එසේ නැතිව සියලු සාමාන්‍ය ජනයාට පෞද්ගලික පිටසක්වල අහස් යානා ලැබුන යුගයක් හෝ ලැබෙන යුගයක් කිසිදු     රජෙකුගේ සමයේ මේ පොලව මත තිබුනේ නෑ අනාගතයේ තිබෙන්නේත් නෑ.

ලෝකයේ හැම කාලයේම මේ කාලයේදී මෙන් සියලු දෙනාට අධ්‍යාපනය ලබන්න අවස්තාවක් එන්නේ නෑ. අතීත කාලයේදී රජවරුන්ට බමුණන්ට විතරයි ඉගෙනගන්න හැකියාවක් තිබුනේ. සාමාන්‍ය මිනිසුන්ට තමන්ට අදාළ රැකියාව මගින් විතරයි බුද්ධියක් ලැබෙන්නේ. ඒ නිසා ගොවිතැන් කරන කෙනාට ගොවිතැන් කිරීමෙන් මොළයේ වර්ධනය වෙන කොටස් ටික හැර සංගීතය කිරීමෙන් මොළයේ වර්ධනය වෙන කොටස් වර්ධනය කරගන්න අවස්තාවක් නෑ. ඒ නිසා මේ වගේ කාලයක ඉපදුන අපිට ලැබිලා තියෙන්නේ ලෝකේ හැමදාම නොලැබෙන අවස්ථාවක්. ඒ නිසා මේ අවස්තාව අපතේ හරින්න එපා. පුළුවන් තරම් හැම දෙයක්ම ඉගෙන ගන්න. කාර්මික විප්ලවයේ මොන ආකාරයේ අඩුපාඩු තිබුනත් ඕනෑම සමාජ මට්ටමක කෙනෙකුට ඕනෑම මට්ටමක අධ්‍යාපනයක් ලබාගැනීමේ නිදහස ලැබුනේ තාක්ෂණික යුගයකට ලෝකය පැමිණි නිසා පමණයි. රජවරුන් විසින් පාලනය කරන යුගයක් අඛණ්ඩව පැවතුනා නම් ලංකාව මෙන්ම එංගලන්තය ආදී රට වලත් වරප්‍රසාද ලාභී රදළයන් පිරිසකට පමණක් අධ්‍යාපනය ලැබීමේ අයිතිය සිමා වෙනවා.

වර්තමාන අධ්‍යාපන පද්ධතියටත් නවීන තාක්ෂණයටත් දෝෂාරෝපණය කරන අන්ධ පුද්ගලයන් ඒවා අධ්‍යනය කර භාවිතා කර ඒවා මගින් ප්‍රයෝජනයක් ලබාගෙන තමන්ගේ බුද්ධිය දියුණු කරගත්තා නම් ඒවායේ තියෙන වටිනාකම දශමයකින් හෝ අත්වින්දා නම් කිසිවිටෙකවත් මේවාට චෝදනා කර කර නැවත රජ යුගයකට යා යුතුයි කියවීම සිදුකරන එකක් නෑ. දැන් පවතින සමාජ ක්‍රමය යටතේ අපිට හොදින් අධ්‍යාපනය ලැබීම හා විද්‍යාව හැදෑරීම මගින් ඇතිකරගත හැකි බුද්ධිමත් බව නිසා පහසුවෙන් ධර්ම කරුණු අවබෝධ කිරීමටත් පහසුවෙන් භාවනා වැඩීමටත් හැකියාව ලැබෙනවා.]

 Facebook පිටුවට :- ( මෙතන ක්ලික් කරන්න )

(මෙම ලිපි අවසරයකින් තොරව කොටස් වශයෙන් හෝ සම්පුර්ණයෙන් උපුටගැනීමෙන් හා පළකිරීමෙන් වලකින්න )


Comments

  1. වැදගත්, කාලෝචිත උපදෙස් ඇති ලිපියක්.

    ReplyDelete
  2. ඉතාම වැදගත් .බොහොම ස්තූතියි...

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. This article is so worthful!!! Thank you......

    ReplyDelete
  5. Yogithumani, kisiyam balagathu devi keneku (lord shiva,lord vishnu wani) wenuwen thapas rakimin digu kalak thisse bhakthimathwa wandana kireemen supiri buddhiyakata himi warayan lada minissu innawada? Ehwma karanna puluwanda ? .....sthuthi. ....

    ReplyDelete
    Replies
    1. පුළුවන්. කාලිදාස කවියා කාලි දේවියගෙන් එහෙම වරයක් ලබාගෙන තමයි විශිෂ්ටත්වයට පත් වුනේ

      Delete
  6. Yogithumani ,kundalini shakthiya ho dyana thiyena knkta devivarungen buddhiya,mathakaya godak diyunu wena diwyamaya awshada wage dewal labaganna barida? Puluwan nam e sadaha karanna oni dewal monawada?

    ReplyDelete
    Replies
    1. පුළුවන්
      දෙවියන්ට පින්දීම හා වන්දනා කිරීම කාලයක් තිස්සේ කරන ගමන් දෙවියන්ගෙන් ඉල්ලීම කරන්න

      Delete
    2. නිර්මාංශ වීමත් ඕනවෙනව සමහර වෙලාවට. මතකයට අදාළ ඖෂධ ගොඩක් ඒවාට මස් මාංශ විසයි

      Delete
  7. Yogithumani ekedi vishesa devi knk wa aramunu kireema awashyada? Mn obathuma kiyala thibunu widiyata shiv deviyanwa wandana karanawa awrudu 2k pamana kalayaka idan?

    ReplyDelete
  8. Thawa deyak...ethakota dewiwarun warayan labadeemedi karanne ewage awshada laba deemak noweda?deviyan wisinma neurona wala kriyakareethwaya wadi kireemakda?

    ReplyDelete
    Replies
    1. ශිව දෙවියන්ගෙන් ඉල්ලිමත් හොදයි. විශේෂ දෙවි කෙනෙක් කියලා නැ. ඝන දෙවියන් සරස්වති මැනියන් තමා ඕවට වැඩියෙන් අදාල. ඒ දෙවියන්ම අනිවාර්ය නැ.

      වරම දෙන එක විදියක් නැ. නියුරෝන බලගන්වන්නත් පුලුවන්
      ඖෂධ ශරිරගතකරන්නත් පුලුවන්
      සරස්වති තෙල වගේ එකක් ලැබෙන්න සලස්වන්නත් පුලුවන්
      ඒ වගේ ඕනතරම් විදි කරනවා

      Delete
  9. Yogithumani, vegetarian kenekuta dopamine,noradrenaline pala warga adiyen laba ganna barida?

    ReplyDelete
    Replies
    1. පුළුවන් ඒවා තියෙන කෑම හොයල කන්න ඕනි

      Delete
  10. නියමයි කියලා වැඩක් නැහැ ඔබ තුමා නියම සත්‍ය පෙන්නලා දීලා තියෙනවා අන්ධ විශ්වාස පස්සෙ යන කට්ටියට මේ ලිපි ගොඩාක් වැදගත් ඔබතුමට මම සුබ පතනවා මේවගේ ලිපි ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා කියලා

    ReplyDelete
  11. ඉතාමත් හොදයි මේ කරුණු .. ලොකු ප්‍රයෝජනයක් මට ගන්න ඇහැකි ... නමුත් එක් දෙයක් ගැටලු සහගතයි .. බුදු දහමේ මම දන්න විදියට මොළය ගැන සදහනක් නෑ ...

    ReplyDelete
    Replies
    1. මොළය ගැන සඳහන් කරලා තියෙනවා නමුත් ස්නායු ක්‍රියාකාරිත්වය ගැන නෑ. මොළය ගැන දේශනා කරලා නැත්තේ සිත දියුණු කිරීමට හා නිවන් දැකීමට මොළය ගැන දැනගැනීම අත්‍යවශ්‍ය නැති නිසා.

      Delete

Post a Comment