Featured Post

ඔබත් ආමිසය නොපිළිගන්න half බෞද්ධයෙක්ද?

ලංකාවේ බෞද්ධයෝ  වර්ග කීපයක් ඉන්නවා. එයාලා  හිතන්  ඉන්නේ  තමන් තමයි නියම බෞද්ධයා කියලා. බුදුහාමුදුරුවන්ටත් බණ උගන්නන  වගේ ප්‍රකාශ කලාර මෙයාල ධර්මය එහෙන් මෙහෙන් අතගාල විතරයි. නමට බෞද්ධ උනාට ධර්මයක් අතගාලවත් නැති නිගන්ටනාතගේ ගෝලයෝ, සංජය බෙල්ලට්ඨිපුත්තගේ ගෝලයෝ  ගොඩක් ලංකාව් බුද්ධාගම  ඇතුලේ  ඉන්නවා

සමහරු ඉන්නවා කෑලි කෑලි බෞද්ධයෝ. මෙයාල  තමන් කැමති  තමන්  පිළිගන්න  ටික  විතරක්  ධර්මය කියල  හිතල  අනිත්  දේවල්  බුදු හාමුදුරුවෝ කිවුවේ  නෑ  වගේ  කතා කරන්නේ. මෙයාලගෙත් කට්ටියක් භෞතිකවාදී බෞද්ධයෝ. එයාලගේ හැටියට පන්සිල් හොදයි, කාලාම සුත්‍රය හොදයි. හැබැයි අපායවල් දිව්‍යලෝක, කර්මය එහෙම විශ්වාස නෑ. ඒවා ඔප්පු කරන්න බැරිනිසා. චන්ද්‍රිකා රූප වල දිව්‍යලෝක නෑනේ. එතකොට මෙයාලට බුදුහාමුදුරුවන්ගේ දිවැස්, බුද්ධ ඥාන, ඉර්ධි  හරියට විශ්වාස නෑ.   මෙයාලා පිළිගන්න හැටියට බුදුරජාණන් වහන්සේ දාර්ශනිකයෙක්.
 මෙයාලගේ හැටියට බුදුහාමුදුරුවෝ උපතේදී නෙලුම් මල් 7ක් උඩින් ඇවිදලා සිංහනාද කරපු එක  අතිශයෝක්තියක්. මොකද මෙයාල  හිතන් ඉන්නේ  බුදුහාමුදුරුවොත් මෙයාල වගේ සාමාන්‍ය කෙනෙක් කියල. කල්ප ගානක්  පෙරුම් පුරලා නැතුව එකපාරට  බුද්ධත්වයට  පත්වෙනවා කියල. ඒ හින්ද  සාමාන්‍ය මිනිස්සු වගේම බෝදිසත්ව වරුත් උපදිනවා කියල මෙයාල හිතන් ඉන්නේ. මොකද මෙයාලට බුදු කෙනෙකුගේ බුද්ධානුභාවය, පින පිළිගන්න පුළුවන් ජාතියේ ශ්‍රද්ධාවක් නෑ. බුද්ධානුභාවයක් ඇතිවෙන විදියක් තේරුම් ගන්න තරම් ධර්මය වඩලා නෑ. ඉර්ධියක් ඇතිවෙන ආකාරය පිළිබද අත්දැකීමක් හෝ දැනුමක් නෑ. මෙයාලට තියෙන්නේ මොඩ්, පොෂ් ශ්‍රද්ධාවක්.

අනිත් කට්ටිය සුපිරි බුද්ධිමත් දාර්ශනික බෞද්ධයෝ. ගොඩක් වෙලාවට මේ තත්වේ ඉන්නේ හොඳට ඉගෙනගත්ත උපාධිදාරියෝ වගේ අය. මෙයාල තමන්ගේ ලෙවල් එකට මැච් වෙන ටික විතරයි ධර්මය කියල පිළිගන්නේ. දෙවියෝ ගැන එහෙම පිලිගන්නවා කිවුවම scientifically ඔප්පු කරන්න විදියක් නෑනේ. අනිත්  අය ඉස්සරහ  තත්වය අඩු වෙනවා වගේනේ. මෙයාලගේ තියෙන මාන්නය හින්ද මෙයාල හිතන් ඉන්නේ තමන් තෝරාගෙන තියෙන ටික විතරයි බුදුහාමුදුරුවෝ කියල ඇත්තේ කියල.  තමන් වගේ බුද්ධිමතුන් පිළිගන්නේ නැති අනිත් දේවල් බුදුහාමුදුරුවෝ කියල නැතුව ඇති කියල හිතනවා. මල් පලතුරු දහස් ගණන් පුජා කරන පුජා වගේ ඒවා නිකන් ලෝබකම වගේ පේන හින්ද ඒ වගේ දේවල් බුදුදහමට එකඟ නෑ කියල මෙයාල හිතන් ඉන්නේ. ස්ථුප වන්දනා බෝධි වන්දනා බුදුදහම නෙවෙයි කියල හිතනවා. මෙයාල දන් නෑ  පාරමිතා විදියට බෝධිසත්වවරු ඒ වගේ මහා දාන කියක් දීලා තියෙනවද කියල. බුදුරජානන් වහන්සේ නැති අවස්ථා වලදී බුදුන් වෙනුවට වන්දනා කිරීමට බෝධියක් රෝපණය කිරීම ආනන්ද තෙරුන් වහන්සේට අනුදැන වදාළේ බුදුරජානන් වහන්සේමයි කියල මේ පිරිස දන්නේ නෑ.

තව කට්ටියක් ඉන්නවා A.level වගේ 2nd shy බෞද්ධයෝ. එයාල ඉතින් හැමදාම මෛත්‍රී බුද්ධ ශාසනේ නිවන් දකින්නේ. එයාල හිතන් ඉන්නේ දැන් විදර්ශනා මුකුත් කරලා පව් ටිකක්වත් ගෙවාගන්න ඕනි නෑ මෛත්‍රී බුද්ධ ශාසනේ වෙනකොට එයාල  අපායකට එහෙම නොවැටී මනුස්ස ආත්මෙකින්ම ඉපදිලා එකපාරට කර්ම ටික ඔක්කොම නැති කරන්න පුළුවන් කියලා. එයාලගේ හැටියට දැන් ධ්‍යාන මාර්ගඵල එහෙම ලබාගන්න බෑ. නටන්න බැරි හින්ද පොලව ඇද වෙලා මේ කාලේ.

 තවත් කට්ටියක් ඉන්නවා  ප්‍රඥාව  විතරයි  ශ්‍රද්ධාව නෑ. ප්‍රතිපත්තිය විතරයි ආමිසය නෑ. එතකොට ආමිසය ගැන කියල තියෙන්නේ බුදුහාමුදුරුවෝ නෙවෙයි. මෙයාලත් ටිකක් සුපිරි දාර්ශන්කිකයෝ කියල හිතන් ඉන්න කට්ටියක්. හැබැයි එයාල  දන් නෑ අග්‍ර ශ්‍රාවක උන රහතන් වහන්සේලාගේ ප්‍රධානම අංගය ශ්‍රද්ධාව කියල. ප්‍රඥාව වැඩනකොට ශ්‍රද්ධාව ඊට වඩා දෙතුන් ගුණයකින් වැඩෙනවා කියල මෙයාල දන්නේ නෑ මොකද ප්‍රතිපත්තිය ගැන විදර්ශනාව ගැන කියෙව්වට මෙයාල ජිවිතේට විදර්ශනාවක් පුරුදු කරලා දියුණුවක් ලබල  නැති නිසා. ප්‍රතිපදාව වඩනකොට විදර්ශනා වඩනකොට ශ්‍රද්ධාව වැඩිවෙන හැටි මේ පිරිස කවදාවත්   අත්විදලා නෑ.

කැම්පස්  වල අමුතුම ජාතියේ බෞද්ධයෝ ටිකක් ඉන්නවා. ඒ වාමාංශික බෞද්ධයෝ. එයාල හිතන් ඉන්නේ  සමාජ වගකීම වෙනුවෙන් සිල් කැඩුනට කමක් නෑ, සමාජ වගකීම ඉෂ්ට කරනවානම් පවක් දෙකක් කලාට කමක් නෑ කියල. හාමුදුරුවරු නිවන පැත්තක දාල බුද්ධ ශාසනෙම බාල්දු කරගෙන පාරවල් ගානේ කෑගහුවම් බැරියර් පෙල්ලන් ගියාම මෙයාලගේ  හැටියට කිසි ප්‍රශ්නයක් නෑ. ගිහියන්ට අමතරව අමුතු බුද්ධාගමක චිවරධාරියොත් මේවයේ ඉන්නවා. හිස බූ ගාන එක එයාලට හරි ප්‍රශ්නයක්. සමහරු රැවුලත් වවල. සමහරු හොරෙන් කලිසම් කමිස ඇඳගෙන ජිම් ඒකටත් යනවා ඇඟ හදාගන්න. සමහරු හොස්ටල් වලට අරක්කු සිගරට් ගෙනල්ලත් බොනවා. හැබැයි ඒවා කිසි ප්‍රශ්නයක් නෑ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කෑගහුවම හරි.

තවත් කට්ටියක් ඉන්නවා සරල බාසාවෙන් ධර්මය කියල දෙනවට කැමති නෑ. සිංහලට පරිවර්තනය කරනවට කැමති නෑ පාලි විතරයි. ධර්මයේ ඝාම්භිරත්වය නැතිවෙනවා කියල මෙයාලා හිතනවා. ධර්මය කියන්නේ පෙට්ටගමක් නෙවෙයි. ධර්මය තියෙන්නේ පම්පෝරි ගහන්න නෙවෙයි අවබෝධ කරන්න. අවබෝධ කරන්න ලේසි වෙන්නේ තේරුම්ගන්න පුළුවන් වෙන තරමට, සරල වෙන තරමට. සමහර හාමුදුරුවරුත් රුපවාහිනී වැඩසටහන් වලට ඇවිල්ලත් මේ වගේ මත කියනවා. හැබැයි හොයල බැලුවම ඇත්තම ප්‍රශ්නේ තියෙන්නේ එයාලට ධර්මය සරලව විග්‍රහ කරන්න බැරිකම. ධර්මය සරල බසින් මිනිස්සු අතරට ගිය නිසා භික්ෂුන්ට වඩා ගිහියන් ධර්මධර වෙලා නිසා ඔහේ කකා බිබී ඉන්න භික්ෂුන් අසරණ වෙලා ඉන්නවා. ගිහියන්ගේ ප්‍රශ්න වලට  තමන්ට උත්තර දිගන්න බැරිවෙනවා. භික්ෂුන් කරන විනය විරෝධී වැඩ මිනිස්සු විවේචනය කරනවා. ඒ විදියට තමන්ට පහර වදින නිසා ධර්මය සරලව පරිවර්තනය කිරීමට විරුද්ධව කතා කරනවා.



ලංකාවේ  බුදුදහම විනාශ වෙන්නේ මේ වගේ Half බෞද්ධයෝ හා පන්සල් වලට පිනට කකා බිබී ඉන්න දේපල වලට පොර කන හිස් චිවරදාරියෝ නිසා. බුදුහාමුදුරුවන්ම ශාසනේ විනාසය ශාසනය තුලින්ම වෙනවා කියල දේශනා කරපු නිසා අපි මේවට කලබල  වෙලා වැඩකුත් නෑ. මේ වගේ මෝඩයෝ බුද්ධාගම වගේ බුද්ධිමත් ආගමක් තුල ඇතිවෙන්න හේතුව ලංකාවේ බෞද්ධ අධ්‍යාපනය අන්තිම මෝඩ ක්‍රමයක් වීම. ලංකාවේ බුද්ධාගම කියල උගන්වන්නේ සමාජ අධ්‍යනය වගේ දේවල් ටිකක් මිසක් සමථ විදර්ශනා සතිපට්ටාන වගේ සත්‍ය ධර්මය නෙවෙයි.

මේ වගේ මත දරණ හාෆ් බෞද්ධයන්ට කියන්න තියෙන්නේ  ඔයාලගේ අන්ධ කමට හේතුව බුද්ධාගමේ කෑලි කෑලි පිළිගැනීමට හේතුව ඔයාලට
බුදු බණ  විශ්වාස නැති වීමයි-
ඒ කියන්නේ  ශ්‍රද්ධාව නැති කම-
ඒ කියන්නේ සම්මා දිට්ඨිය  නැතිකම  -
ඒ කියන්නේ විදර්ශනා  වඩලා නැති වීම.
කවුරුහරි  ශ්‍රද්ධාව පහත කරලා විදර්ශනාව ගැන ලොකු ටෝක් දානවනම් එකෙන්ම තෙරුන්ගන්න එයා කවදාවත් විදර්ශනාවක් දියුණු කරලා නෑ.

බොරු ප්‍රඥාවෙන් සත්‍ය  ප්‍රඥාව වෙන් කරගන්න පුළුවන් ප්‍රධානම ක්‍රමය තමයි සත්‍ය ප්‍රඥාව තියෙන කෙනා ගාව ප්‍රඥාවේ ප්‍රමාණයටම ශ්‍රද්ධාව තියෙනවා. ඕනෑම කෙනෙක්  විදර්ශනා වැඩුවානම් විදර්ශන ඥාන ඇතිවෙලා  තියෙනවනම් ඒ වෙලාවට යම් තරමකට හෝ  පරම  සත්‍ය  තේරෙනවා. සෝවාන් වෙන්නම අවශ්‍ය නෑ .ඊට මෙහා තත්ත්ව වලදී විදර්ශනා ඥාන ඇතිවුනාම ලෝකේ අනිත්‍ය දුක්ක අනාත්ම ගති බණ වලින් අහනවට වඩා 1000 ගුණයකින් වගේ තේරෙනව.
(හරියට අපි මෙච්චරකල් වෙන කෙනෙක්ගේ විස්තරයකින් අහල විතරක් තිබුන තැනකට ඇත්තටම ගිහින් එතන දකිද්දී ඇතිවෙන හැගීම වගේ දෙයක්)
ඒ  වෙලාවට තමන්ට තේරෙනවා තමන්ට මෙහෙම  තේරෙනවනම් බුදුහාමුදුරුවන්ට කොහොම තේරෙන්න ඇතිද කියල. තමන් මෙච්චරකල් සම්පුර්ණ මුලාවක් ඉදල ඝන අන්ධකාරයක ඉදලා  දැන් යම් තරමක හෝ ආලෝකයක් ඇතුව ලෝකේ දකිනවා කියල තේරෙනවා. මේ වෙලාවට අන්ධයෙක්ට ඇස් පෙනෙන්න ගත්තා වගේ ඇඟ කිලිපොලා යන සතුටක් එනවා. ඒ වගේම තමන්ව අන්ධ කමින් මුදවපු බුදුරජාණන් වහන්සේ ගැන වචන වලින් කියල ඉවර කරන්න බැරි ගෞරවයක් ශ්‍රද්ධාවක් ඇතිවෙනවා. අපිට ජිවිතේ පොඩි හරි උදව්වක් කරපු කෙනෙක්ට අපේ හිතේ යටහත් කමක් පැහැදීමක් ඇතිවෙනවා වගේ සිය දහස් ගුණයක පැහැදීමක් අචල ශ්‍රද්ධාවක් බුදුරජාණන් වහන්සේ ගැන ඇතිවෙනවා. මේ තත්වය ඇතිවෙන්නේ විදර්ශනාවෙන් ලබපු ප්‍රඥාව නිසා. ප්‍රඥාව නැත්තම් මේ ශ්‍රද්ධාව අතිවෙන් නෑ. ඒ වගේම තමයි ශ්‍රද්ධාව නැතිනම් ඒ කියන්නේ එයාට කවදාවත් විදර්ශනා ඥානයකින් ලැබුණු ප්‍රඥාවක් නෑ. ශ්‍රද්ධාව හෑල්ලු කරලා ප්‍රඥාව ගැන කියන කෙනෙක් ඉන්නවනම් ඒ කියන්නේ එය අනිවාර්යෙන්ම සත්‍ය ප්‍රඥාවක් නැති පුද්ගලයෙක්. කෙනෙක්ට විදර්ශනා වඩලා ප්‍රඥාවක් ඇතිවෙලා තියෙනවනම්  එයා කවදාවත් බුදු බණ filter කර කර  තමන් කැපී පෙනෙන්න හදන්නේ නෑ. මොකද එයාට සිය දහස් ගුණයක විශ්වාසයක් තියෙනවා බුදුරජානන් වහන්සේ වදාළ හැම වචනයක් ගැනම. එයාට බුදු බණට වඩා තමන්ගේ මතය ලොකු  වෙන් නෑ. ඒ විශ්වාසය ඇතිවෙන්නේ විදර්ශනා ඥාන ඇතිවෙන වෙලාවේදී. ඒක නිසා කවුරුහරි ශ්‍රද්ධාව හෑල්ලු කරලා ප්‍රඥාව ගැන කියනවනම් ආමිසය හෑල්ලු කරලා ප්‍රතිපත්තිය ගැන කියනවනම් ඒ ලකුනෙන්ම අදුරගන්න එයාට ශ්‍රද්ධාවවත් ප්‍රඥාවවත් දෙකෙන් එකක්වත් නෑ.

යම් කෙනෙක්ට විදර්ශනා කරලා  විදර්ශනා පහල වෙලා තියෙනවනම් ප්‍රඥාව ඇතිවෙලා තියෙනවනම් එයාට කවදාවත් බුදුන්ගේ වචන ගැන සැකයක් ඇති වෙන් නෑ මොකද එයාට තේරෙනවා තමන්ගේ හුණු බිත්තර මොලේට වැටහෙන් නැති අනන්තවත් දේවල් බුදු නුවනට අවබෝධ වෙනවා කියල. බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා  පටිච්චසමුප්පාද ධර්මය නුවනින් මෙනෙහි කරලා පුරුදු කරපු කෙනෙක් ඇර වෙනත් කෙනෙක් තමන් වහන්සේගේ වචන පිළිගන්නේ නෑ කියලා. මේ හින්දා තමා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ධර්මය දකින කෙනා තමන් වහන්සේව දකිනවා කියලා. ඒ නිසා කාටහරි බුදු බන විශ්වාස නැත්තම් බුදු බන ෆිල්ටර් කර කර පිලිගන්නවනම් එකෙන් තේරුම් ගන්න තමන් තුල ශ්‍රද්ධාවවත් ප්‍රඥාව වත් නෑ කියල.

Comments

  1. Good reading about Buddhist community

    ReplyDelete
  2. thera/theri apadana kiyawala thiyenawanam, amisha puja wala haraya watinakama watahenawa...

    ReplyDelete
  3. වටිනා ලිපියක්..

    ReplyDelete
  4. ඒ වගේ ම ඔබත් තව එක බෞද්ධ කුලකයක් කියන එක අමතක කරන්න එපා. ඔබ මේ වදාරන්නෙත් බෞද්ධ සමාජයක ජීවත් වීමෙන් අත්පත් කරගත් යම් යම් තොරතුරැ ගැන ඔබේ පුද්ගලබද්ධ වැටහීම. අනිත් අය හිතන්නෙ මෙහෙමයි කියමින් ඔබ වෙන් කර පෙන්වන්නේත් ඔබ හිතන විදිහ. අනිත් අය වගේ ම ඔබ හිතනවා ඔබ හිතන විදිහ ඉහළයි කියලා. ඒ වගේ ම ඔබට ඕනැ වෙලා තියෙනවා ඔබ හිතන විදිහ තමයි බුදු හාමුදුරැවො කියල තියෙන්නෙ කියල පෙන්වන්න. මොකද ඒක තමයි බෞද්ධ සමාජයක බලය දිනා ගත හැකි විදිහ. නමුත් ඇත්තට ම මේ වගේ ඉතිහාසය පුරා බෞද්ධ සමාජය ඇතුළේ බලය පරිහරණය කළ අය ලියපු හෝ කට වහරෙන් අනිත් කොටස් පරදමින් ඉදිරියට ගෙනා සාහිත්‍ය තමයි බුද්ධාගම කියන්නේ. හරියට බැලුවොත් තම මතය තමයි බුදු හාමුදුරැවො ඇත්තට ම කිව්වෙ කියල කියන්න කාටවත් බැහැ. නමුත් බලය වෙනුවෙන් ඇති උවමනාව තියෙනකල් ඒ ඒ අය, තමන්ගේ මතය තමන්ට තියා ගෙන ඉන්නෙ නැතුව, ඒක බුදුන්ගේ මතය කියල පෙන්නන්න ඉස්සරහට එනවා. මොකද බෞද්ධ සමාජයේ බලය තියෙන්නේ බුදුන් කේන්ද්‍ර කර ගෙන නිසා. ඒක අයිති කර ගන්න කෙනා බලවන්තයා වෙන නිසා. අනිත් ආගම් සියල්ලත් ඒ වගේම යි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔයා කියන එකේ ඇත්තක් තියෙනවා. ඒ උනාට මම කියන්නේ මම හිතන දෙයක්වත් මගෙ මතයක්වත් නෙවෙයි භාවනා කරද්දී මම අත්දැකපු දේ. ඒක මතයකට හිතලුවකට සමාන නෑ. විදර්ශනා භාවනා කරලා බැලුවොත් තමා මේක අත්දැකීමෙන් තේරෙන්නේ . බලය ලබාගැනීමේ අවශ්‍යතාවයක් නිසා නෙවෙයි මම මේ දේවල් කිවුවේ වැරදියි කියලා මම ප්‍රතක්ෂ ලෙසම දන්නා දෙයක් හරි විදියට සමාජයේ මතයක් පතිරෙනකොට ඒකට මිනිස්සු මුලා වෙන එක බලා ඉන්න බැරි කමට

      Delete
    2. ඇනෝ . එතකොට ඔයා වැරදියි කියලා කියන්නේ ඇත්ත බුදු දහම දන්නවද ? . දන්නවනම් අපිටත් දේශනා කරන්නකෝ .

      Delete
    3. @අධිමානසික: main post එකේ කියල තියෙන කතාව නම් අැත්ත.නමුත් ඔබතුමා තමන් භාවනාවෙන් ලබපු අත්දැකීම 100% නිවැරදියි කියන base එකට සාපේක්ෂව නේද හිතන්නෙ?
      තමන්ට sure කියල හිතුවට එ්ක බොරු වෙන වෙලාවලුත් තියෙනවා.ඉතිහාසෙත් එහෙව්දේ වෙලා තියනවා...

      Delete
    4. සාපේක්ෂ ඇත්ත කියල දෙකුයි නිරපේක්ෂ ඇත්ත කියල දෙකුයි දෙකක් තියෙනවා. ඇස් වහගෙන ඉන්න මිනිස්සු ටිකක් අතට අහුවෙන දෙයක් ගැන හිතන දේවල් සාපේක්ෂයි. ඇස් අරගත්තත කෙනෙක් අතේ තියෙන දේ ගැන කියන දේ නිරපෙක්ෂයි. ඒක තේරෙන්නේ ඇස් ඇරියම තමා. ඇස් ඇරෙන්න විදර්ශනා කරලා බලන්න. නිරපේක්ෂ සත්‍ය වෙන කෙනෙක්ගේ වචන තුලින් දකින්න බෑ තමන් තුලින්මයි දකින්න ඕනි

      Delete
  5. භාවනා කරද්දි අත්දකිනවා කියන්නේත් එක්තරා සිතුවිල්ලක් ඇති කර ගැනීම; ඒක ප්‍රකාශ කළහම ඒක තවත් මතයක්. බෞද්ධ සාහිත්‍යය සහ දහම ගැන පෙර මත නැත්නම් ඔබ ඔබේ මේ සිතුවිලි බුදුන් කියූ දෙය විදිහට අර්ථ දක්වන්නේ නැහැ. ඒ වගේ ම තම තමන්ගේ පුද්ගලික මතය බොහෝ විට එක එක්කෙනාට ප්‍රත්‍යක්ෂ යි. ඒක නිසා තමයි බුදුන් කිව්ව දේ තමන් හිතන දේ බවට පත් කර ගන්න හදන්නේ. නමුත් ඇත්ත නම් භාවනාවෙන් ලැබෙන පලය (මානසික ව්‍යායාමය සහ තමන් විශ්වාස කරන දේ ගැන ඇති වෙන තාවකාලික සැනසිල්ල හැර) ඉතුරැ සියල්ල බෞද්ධ සාහිත්‍යයටම අයිති දේ. ඒ පිළිබඳ ඔබ දැනට දන්න දේ ම භාවනාවෙන් ලැබෙන බව හිතා ගන්නවා. පෙරදිග ජීවත් වෙන මහායාන බෞද්ධයෝ (ඒ අය පුරැද්දෙන් ම, සංස්කෘතියෙන් ම අපිට වඩා භාවනා කරන අය) භාවනාවෙන් ලැබෙනවා යැයි හිතන්නේ ඒ අය කියවා ඉගෙන ගෙන ඇති දේ. බුදුන් කී දේ කියල පිළිගන්නේ කුඩා කළ සිට ම ඒ අයට සමීප මහායාන අදහස්. මුස්ලිම්, කතෝලික අයත් එහෙමයි. ආගමික සාහිත්‍යයෙන්, ආගමික ඇසුරෙන් අපිට උගන්වන දේ ඇත්තයි කියල විශ්වාස කිරීම ඇරෙන්න, කවදාවත් ලැබෙන දෙයක්වත්, ලබා ගත්ත කෙනෙක්වත් නෑ. ඒ පිළිබඳව හැමදාට ම තියෙන්නෙ සාහිත්‍යයක් විතරයි. හාමුදුරැවරැ සහ ගිහියෝ පරම්පරා ගානක් වසර දහස් ගානක් තිස්සේ මේ සාහිත්‍යය ඉස්සරහට අරං යනවා. අපි වගේ ම තම තමන්ගේ මත එක්ක ඒ අය ජීවිතේ ඉවර කරනවා. හොයනව නම් කියවනවා නම් ආගමික මතවලට වඩා නිදහස් මත සැනසිලිදායක යි. හැබැයි මේ ඉතින් මගේ මතය. කොහොම වුනත් ඔබේ නිහතමානීකම අගය කරනවා. මොකද ආගමික මතවාදවලට දැඩිව නැඹුරැ අය විරැද්ධ මත නොඉවසන නිසා. නමුත් ඔබ වෙනස්, නිදහස් කෙනෙක් තවමත්. ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. බුදු දහම නැතිවෙලා යයි . එතකොට ඔය ප්‍රතිපත්ති රකින අයට ඉතුරුවෙන්නේ තමන් කරන ටියුෂන් එක තමයි . ටියුෂන් එකෙන් බැරිය අලුත් ආගමක් ප්‍රචාරය කරන්න . හඃ හඃ හඃ

      Delete
    2. ඇත්ත බුදු දහම කියල දෙයක් නැහැ. ඔයාට ඕනැ නම් එහෙම දෙයක් ගැන විශ්වාස කර ගෙන ඉන්න පුළුවන් අනිත් ඔක්කොම ආගම්වල අය වගේ. ඔයා පිළිගන්න දහම තමයි ඔයාට ඇත්ත දහම. නමුත් පුළුල් අර්ථයෙන් 'දහම' තමන්ම සෙවීමෙන් සහ අනිත් අය සොයා ගත් දේ ඉගෙනීමෙන් අත් පත් කර ගන්න දෙයක්. බුදු දහම/සාහිත්‍යය අධ්‍යයනයත් ඒකෙ කොටසක්. හරි වැරුද්ද නොතකා ශුද්ධ වූ දෙයක් රුක ගැනීමට තැත් කිරීම බුදුන් දේශනා කර ඇති බව කියන දහමටත් විරැද්ධයිනේ? නමුත් හැමෝම කරන්න හදන්නේ ඒකයි. ඒක නිසා තමයි හැමෝම තමන්ගේ ආගම තමන් විසින් ම හදා ගෙන තමන්ට සමීප ආගමික පරමාදර්ශයට ඒක පවරන්න හදනවා කියන්නේ. මුලු ලෝකෙ පුරාම වෙන්නේ මේකයි.

      Delete
    3. හරි හරි . වෙන්න ඇති . ඕවා අහනකොට මට මතක් වෙන්නේ එක ටියුෂන් ගුරුවරයෙක් . එයත් කියන්නේ ඔයා කියනවා වගේම දේවල් . කිසි දෙයක් අහන්නේ බලන්නේ නැතිව ඔහේ ජීවත්වෙන්නන් වාලේ ජීවත්වෙන අරමුණක් නැති හිස් ජීවත තමයි ඔය දර්ශනයෙන් බිහිවෙන්නේ . ඔය දර්ශනය වෙන මිනිස්සුන්ට ළමයින්ට තමන්ගේ අනුගාමිකයින්ට දෙන්න එපා ! තමන්ම තියාගන්න .

      Delete
    4. හ්ම්ම් මම මුකුත් කියන්නතුව හිටියේ මේක නිසා තමයි. කිවුව කියල මට වැඩකුත් නෑ ඔයාට වැඩකුත් නෑ. විදර්ශනා භාවනා කරලා බලන්න. එක කරනකන් ඔයාට මේ කියන දේ තේරෙන් නෑ. ඔයා විදර්ශනා නොකර විදර්ශනාව ගැන මතයක් විතරක් තියාගෙන ඉන්න ඒකයි ප්‍රශ්නේ. වතුරට බහින්නේ නැතුව පීනන එක ගැන සම්පුර්ණ අදහසක් කාටවත් ගන්න බෑ. භාවනත් ඒ වගේ තමා. එක භාවනා වර්ගයකින් සුපිරි පොරක්ට උනත් වෙන භාවනා වර්ගයක් ගැන එක නොකර හරි අදහසක් ගන්න බෑ. දාර්ශනික මත තුල පරම සත්‍යවත් ලෝක සත්‍යවත් නෑ.සත්‍ය තියෙන්නේ විදර්ශනාව තුල. සරලවම කියන්න තියෙන්නේ ටික කාලයක් විදර්ශනා කරලා බලන්න

      Delete
    5. ඇනෝ මම ඊලඟ පොස්ට් එක දාන්නේ විදර්ශන භාවනාවක් .කැමතිනං කියවල කරලා බලන්න . ඔයා හින්දම තමා ඒක දාන්න හිතුවේ

      Delete
    6. වයලීනෝ: ජීවත් වෙන්නන් වාලේ ජීවත් වෙන හිස් ජීවිත ආගමික නිරාගමික ඕනැම දර්ශනයකින් බිහි වෙනවා. වැඩ කිරීමෙන් පමණයි ජීවිත සහ අදහස් වෙනස් වෙන්නේ. මං ගැන කියනවා නම් (මගේ නම දන්නැති නිසා මේක පම්පෝරියක් ලෙස සලකන්න එපා.) මාත් පාසල් කාලේ ඉඳලා එක එක දර්ශනවාදවල කරක් ගහලා අන්තිමට නිදහස් අදහසකට ආපු කෙනෙක්. ඔබට අනුව මගේ දර්ශනය මිත්‍යා දෘෂ්ටියක් බවත් මම දන්නවා. මම ලෞකික ජීවිතේ සහ සම්මත අධ්‍යාපන පඩිපෙළේ ඉහළ ම තැනකට ආපු කෙනෙක්. ඒ වගේ ම මම විදේශීය විශ්ව විද්‍යාලයක පරිගණක පිළිබඳ දර්ශනවාදය උගන්වන, පර්යේෂණ කරන, මට පුළුවන් විදිහට මේ රටේ සහ අපේ රටේ හැමෝට ම උදවු කරන කෙනෙක්. ඉතින් අඩු ගානේ මගේ ජීවිතය හිස් ජීවිතයක් නෙමෙයි. අපි වගේ තවත් අය ලෝකෙ පුරා හිටපු නිසා තමයි අපි අද මේ අන්තර්ජාලයෙන් සම්බන්ධවෙලා මේ ගැන කතා කරන්නේ. මගේ දරැවන් මම ඇති දැඩි කළේ සම්පූර්ණ නිදහස් අදහස් අනුව. ඒ අයට අවශ්‍යනම් ආගම් ඉගෙන ගන්නත් අත අරින්නත් නිදහස දුන්නා. ඒ අයත් අද නිරාගමික සහ අධ්‍යාපනයෙන් ඉහළ මට්ටමට යමින් සිටින හොඳ පුරවැසියන්. අවසාන වශයෙන් මම කියන්නේ අපිට සංස්කෘතියෙන් උරැම වෙන පටු අදහස් මත දැඩිව සිටිමින් වෙනත් අදහස්වලට විවෘත නොවීම හොඳ දෙයක් නෙමෙයි කියලයි.

      අධිමානසික: මමත් පාසල් යන කාලේ රේරැකානේ හාමුදුරැවන්ගේ පොත් කියවමින්, උන් වහන්සේ සහ වෙනත් බෞද්ධ දැණුවත් පිරිස් ඇසුරැ කරමින්, විවිධ මානසික අත්දැකීම් ලබමින්, ඒවායේ ප්‍රතිඵල ගැන උදම් අනමින් භාවනා කළ කෙනෙක්. කෙසේ වෙතත් ඔබ මා වෙනුවෙන් ලිපියක් ලිවීමට සිතුවාට ස්තුතියි. නමුත් මම හිතන්නේ මේ ලිපි ලිවීම අවසාන වශයෙන් ඔබ වෙනුවෙන්ම යි; අවංකව හිතල බලන්න. ඉතින් කිය යුතු, කිය හැකි සියල්ල මම කිව්වා. මගේ සංවාදය මෙතනින් තවත්වනවා. ලබා දුන් අවස්ථාවට ස්තුතියි.

      Delete
    7. පසු වදනක්: ඔබට අවශ්‍යනම් කියන්න පුළුවන් ඔබේ ක්‍රමය, අවබෝධය වඩා නිවැරදියි කියලා; එහෙම නැත්නම් රේරැකානේ හාමුදුරැවන්ගේ විදර්ශනාව පිළිබඳ උපදෙස් වැරදියි හෝ ඒවා මා අවබෝධ කරගත් ආකාරය වැරදියි කියලා. එහෙමත් නැත්නම් මගේ පෙර පින් නැහැ කියලා; අවාසනාවට මේ වගේ සංවාද ඉදිරියට අරං යන්න පුළුවන් එක ම විදිහ ඒකයි.

      Delete
    8. පොස්ට් එක දැම්මා .කියවල බලන්න

      Delete
  6. mata oba thumagen yamak vimaseemata awashshai.pahata email ekata reply mail ekak dameemata hakida?
    thushararavinath@gmail.com

    ReplyDelete
  7. https://www.youtube.com/watch?v=Vy5lDmqiUJY&list=PLB4cM-diiyKsgJs-0_Ylf9s3CdvJA9rIS

    ReplyDelete
  8. ඒක නිකන් අපි මෙච්චරකල් වෙන කෙනෙක්ගේ විස්තරයකින් අහල විතරක් තිබුන තැනකට ඇත්තටම ගිහින් එතන දකිද්දී ඇතිවෙන හැගීම වගේ දෙයක්

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete

Post a Comment