- Get link
- X
- Other Apps
Featured Post
- Get link
- X
- Other Apps
බුද්ධ ධර්මයේ සඳහන් වෙන එත් බෞද්ධයන් අතර එතරම් ප්‍රසිද්ධ නැති භාවනාවක් තමයි අනිමිත්ත භාවනාව. එත් මේ භාවනාව සටන් කළා ප්‍රගුණ කරන අය අතරත් චීන හා ටිබෙට් භාවනානුයෝගින් අතරත් ප්‍රසිද්ධ භාවනාවක්. මේ භාවනාව හඳුන්වන්නේ අනිමිත්ත සමාධිය කියලා. සංයුක්ත නිකායේ සලායතන වග්ගයේ මොග්ගල්ලාන සංයුක්තයේ අනිමිත්ත සුත්‍රයේ මේ පිළිබඳව සඳහන් වෙනවා. ගොඩක් අය අසඥ භාවනාව සමග අනිමිත්තය පටලවාගෙන ඉන්නවා. අසංඥ භාවනාව හා අනිමිත්ත භාවනාව කියන්නේ දෙකක්. අනිමිත්ත භාවනාව බුදුරජානන් වහන්සේ අනුමත කරපු භාවනාවක්. මේ භාවනාව ඉතා ඉක්මනින් හා ඉතා ගැඹුරට හිත එක්තැන් කරන භාවනාවක්. මේ භාවනාව නිසි ලෙස ප්‍රගුණ කලොත් පළමු දෙවන, තෙවන ධ්‍යාන වලට නොයා ඍජුවම හතර වන ධ්‍යානයට සමවැදිය හැකියි. මේ භාවනාවට අනිමිත්ත කියන නම ලැබිල තියෙන්නේ මෙහිදී කිසිම නිමිත්තක් ගැන අවධානය නොදක්වන නිසා.
මේ භාවනාවේදී කිසිම අරමුණක් ගැන මෙනෙහි කරන්නේ නෑ. භාවනාවේදී කරන්නේ පහසු ඉරියව්වකින් වාඩිවෙලා කිසිවක් නොහිතා ඉදීම. පද්මාසනය හෝ වෙනත් භාවනා ආසනයකින් හිදගන්න. හිස කඳ ගෙල කෙලින් තබාගන්න. ශරීරයේ සකස් කරන්න අවශ්‍ය සියලු දේ සකස් කරලා ඉවරකරගන්න. නැවත කිසිම සෙලවීමක් නොකර සිටින්න අවශ්‍ය නිසා ශරීරය එහා මෙහා කිරීම අත් කකුල් වල පිහිටීම් වෙනස් කිරීම් සියල්ල භාවනාවට කලින් කරන්න. වම් අත උඩින් දකුණු අත තබාගන්න. එහෙමත් නැත්තම් දණිස් දෙක උඩින් දෙඅත් තබාගන්න.
කයේ කිසිම සෙලවීමක් නොකර හිතින් කිසිවක් නොසිතා ඉන්න උත්සහා කරන්න. ධ්‍යාන ලබාගැනීම සඳහා කයේ සෙලවීම් නතර කරගැනීම අත්‍යවශ්‍යයි. කයත් නිශ්චල කරගෙන සිතත් නිශ්චල කරගන්න. කිසිම අරමුණකට අවධානය නොදක්වා ඉන්න. කිසිම සිතුවිල්ලක් සිතන්නේ නැතිව ඉන්න.
ආරම්භයේදී මේ භාවනාව කිරීම ටිකක් අමාරුයි. කිසිවක් නොහිතා ඉන්න කොච්චර උත්සහ කලත් හිතට එන විවිද අරමුණු වලට ඉබේම අවධානය යොමු වෙලා ඉබේම ඒවා පිලිබඳ සිතුවිලි පහල කිරීම සිද්ධවෙනවා. ටික වෙලාවකින් ආපහු සිහිය පිහිටුනම තමා අපි දන්නෙවත් නැතුව අපේ හිතෙන සංස්කාර පහළ කරමින් ඉදල තියෙන බව තේරෙන්නේ.
සමහර අයට මේ භාවනාව කරන විදිය තේරෙන්නේ නෑ. කිසිවක් නොසිතා ඉන්නේ කොහොමද කියල හිතාගන්න බෑ. එහෙම වෙන්නේ සිතේ සිහිය පිහිටවීම ගැන අවබෝධයක් නැති නිසා. ඒ වගේ අය මුලින්ම වෙනත් භාවනාවක් කරලා මේ භාවනාව කිරීම තමයි හොදම දේ. ඒ වගේම මම සිහිය (click here) ලිපියෙන් විස්තර කරපු කායානුපස්සනා හා චිත්තානුපස්සනා ක්‍රම පුරුදු කරලා මේ භාවනාව දෙවනුව කරන්න.
ආරම්භයේදී අපහසු උනත් ටික වෙලාවක් උත්සහා කලාම මේ භාවනාව මගින් ඉක්මනින් හිත එක්තැන් වෙනවා. ඒ වෙලාවට හිතේ කිසි අරමුණක් නැති නිසා හිතට වෙහෙසක් නැති නිසා හිතට ලොකු සැහැල්ලුවක් සතුටක් ඇතිවෙලා (ප්‍රීති ධ්යානාංගය) හිත හොදින් සමාධිගත වෙනවා.
සාමාන්‍ය භාවනා වලදී ධ්‍යාන ලැබෙන්නේ මේ පිළිවෙලට
1 - විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රතමධ්යානය
2 - විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත දුතියධ්යානය
3 - ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත තෘතියධ්‍යානය
4 - සුඛ ඒකග්ගතා සහිත චතුර්තධ්යානය
ඒත් අනිමිත්ත සමාධියේදී හිත එක්තැන් කරනකොට හිත කෙලින්ම පත් වෙන්නේ 3වෙනි හෝ 4වෙනි ධ්‍යානයට. එකට හේතුව මේ භාවනාවේ අරමුණක් නැති නිසා විතර්කය හා විචාරය කියන ධ්‍යාන අංග හිතේ පවතින් නෑ. අරමුණක් නැති නිසා පවතින්න හේතුවකුත් නෑ.
මේ භාවනාව පොඩි වෙලාවක් උනත් හරියට කලොත් හිතේ ඉබේ සංස්කාර පහළවීම (ඉබේ සිතුවිලි හිතීම, අතීත දේවල් මතක් වීම, අනාගතය ගැන දවල් හීන මැවීම ) නැති වී ඉතා හොදින් සිහිය පිහිටනවා අත්දකින්න ලැබෙනවා. භාවනාව කලාට පස්සේ සාමාන්‍ය එදිනෙදා වැඩ කරනකොටත් ඉතාම හොදින් සිහිය පිහිටලා තියෙනවා. මතක ශක්තිය ගොඩක් වැඩිවෙනවා. ඉතා ඉක්මනින් හිත සමාධිගත වෙනවා.
මේ භාවනාව කරන්න කලින් තමන් ලබන්න කැමති යම් අධිමානසික හැකියාවක් තියෙනවනම් භාවනාව කිරීමෙන් එය ලැබේවා කියල හිතල භාවනාව කලොත් හොදින් හිත එක්තැන් උනාම (මාස 3කින් පමණ) ඒ හැකියාව ලැබෙනවා. ඒත් එක පීට එක විවිද දේවල් ප්‍රර්ථනා කිරීමෙන් ලැබිලා තිබෙන හැකියාවලුත් නැතිවෙලා යනවා. මිට අමතරව භාවනාව ප්‍රගුණ කරනකොට අනාගතේ වෙන දේවල් දැනීම, අනුන් හිතන දේවල් දැනීම වගේ හැකියා ඉබේම ලැබෙනවා.
අනිමිත්ත සමාධිය වඩන ගොඩක් අය තරමක් සාර්ථක උනාම තමන්ගේ හිතේ මුකුත් නැති බවක් දැනෙන නිසා හිතනවා තමන් රහත් වෙලා කියලා. මේක සම්පුර්නෙන්ම මුලාවක්. මේ භාවනාව මගින් මාර්ගඵල ලබාගැනීමට වෙනම ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමය අනුගමනය නොකර නිකන්ම භාවනාව කලාට මාර්ගඵල ලැබෙන්නේ නෑ. හිතේ කිසි දෙයක් නැති උනා කියල රහත් වෙන්නේ නෑ. හිතේ කිසි දෙයක් නෑ වගේ දැනුනට ඇත්තටම නැත්තේ නෑ ඉතාම සියුම් සිතුවිලි පරම්පරාවක් (චිත්ත වීති) මේ භාවනාවෙන් ධ්‍යාන ලැබූ අවස්ථා වලත් හිතේ පවතිනවා. ඒ නිසා තරමක් සාර්ථක උන ගමන් තමන් රහත් වෙලා කියලා මුලා වෙන්නෙපා. රහත් වීම කියන්නේ හිතේ කිසි සිතුවිල්ලක් නැති වීම නෙවෙයි.
ලිපියේ සදහන් කර ඇති කරුණු වලට අමතරව පුද්ගලික යෝග උපදෙස්, භාවනා උපදෙස් හා මනෝවිද්‍යාත්මක උපදෙස් ලබාගැනීමට අවශ්‍යනම් Facebook පිටුවට Message කරන්න ( මෙතන ක්ලික් කරන්න )
- Get link
- X
- Other Apps
Comments
Godak sthuthi..
ReplyDeleteGodak sthuthi..
ReplyDeleteniyamai godak watinawa
ReplyDeleteGodaaaaak sthuthi :-)
ReplyDeleteg-)
Deleteaththatama obta gdak pin.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅනිමිත්ත(නිත්‍ය වූ නිමිත්තක් නැති) චේතෝ සමාධිය - http://visuddhimagga.info/download.php?file=http://secondary4.anaalaya.com/Dhamma2015/M_Culasunnatasutta_27_07_2015.mp3
ReplyDeleteRahath weemakadi sithe swabawaya gena wistharayak karala denna puluwanda ?
ReplyDeleteඕව එක එක්කෙනාගෙන් අහන්න එපා. ඇත්ත කියනවද බොරු කියනවද කියල දැන් නෑනේ? ඕවට ඇත්ත වගේ බොරු සුරංගනා උත්තර දෙන අය ගොඩක් ඉන්නවා. රහත් උන හිතක ස්වාභාවේ දැනගන්න ඕනිනම් කරන්න තියෙන හොදම දේ බුදුරජානන් වහන්සේ දේශනා කරපු රහත් වෙන මාර්ගය වඩන්න එක එක ලෝකල් රහතන්ගේ කතා අහන්නතුව. සතර සතිපට්ඨානය ,සප්ත බෝජ්ජංග, ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන්න.
Deleteගොඩක් ස්තුතියි උත්තරයට. ඒ වගේම ගොඩක් පින් මේ වගේ දේවල් තනියම තියාගෙන ආත්මාර්ථකාමී විදිහට ප්‍රයෝජන ගන්නේ නැතුව, අනිත් අයගෙත් සාර්ථකත්වය වෙනුවෙන් යෙදුව්වට.ඒක ලොකු පිනක්. මේ site එකේ ගොඩක් post කියවන් යනකොට තේරුන දෙයක් තමා මිනිසා හා විශ්වය සම්බන්ද නීති ( ආකර්ෂණ නීතිය වගේ ) වලින් කරන දේවලුත් මේ භාවනා ක්‍රම වලින් කරන දේවලුත් ගොඩක් දුරට සමානයි කියල. ඒක එහෙම නේද ? මේ සැම දෙකින්ම වෙන්නේ මිනිස් මනසට, තමන්ට අවශ්‍ය දේ ඇතුල් කිරීමෙන්, එය විශ්ව ශක්තිය ලවා ඉටුකරගැනීම නේද ?
ReplyDeleteඔවු ආකර්ෂණ නිතිය මගින් කරන දේවලුත් මේවට ටිකක් සමානයි
Deletekochchara wela bawana karanna onada
ReplyDeleteaduma gane peyak
Deleteමේක එක දිගට වඩල මියගියොත් අසඤ්ඤෙ
ReplyDeleteයිය බ්‍රහ්ම තලයෙ ඉපදෙන්න හේතු වනවග අසා ඇත
ඔවු මැරෙන වෙලාවේ ධ්‍යානය තියෙනවනම් අසඥ්ඥයේ
Deleteඒක භයානකයි කියල මං අහල තියනව..බුද්දෝත්පාද කාල සියදහස් ගනන් පහු කරත් අසඤ්ඤ තලයෙ ඉන්න බ්‍රහ්මයොන්ට තේරුමක් නැතිලු..
Deleteඑහෙමනම් ඉතින් මොන බ්‍රහ්ම ලෝකයත් භයානකයි.කල්ප ගණන් යනකන් මොන බ්‍රහ්ම ලෝකේ ඉන්න කෙනෙක්ට උනත් වටේ පිටේ දේවල් තේරුමක් නෑ. සමහර දෙවියන්ටත් තේරුමක් නෑ. එහෙම ප්‍රශ්නයක් නෑ.මුකුත් නැති වෙනවනට වඩා හොදයි මොකක්හරි ධ්‍යානයක් තියෙන එක .අනික ඕනිනම් මැරෙන්න ලං වෙලා භාවනාව නවත්තුවම හරි
Deleteඒක ඇත්ත. ගොඩක් පිං :-)
Deleteහිතවත් ඇදුරුතුමණි, අසඤ්ඥ භාවනාව යනු බුදුන් වහාන්සේ විසින් නින්දා කර ප්‍රතික්ෂේප කරණ ලද බ්‍රාහ්මණ භාවනාවක් මිසක් ආර්‍ය භාවනාවක් නොවන බව කරුණාවෙන් සිහිපත් කරණු කැමැත්තෙමි. සියලු ආර්‍යය භාවනාවන්ගේ අවසාන අරමුණ උතුම් නිවන මිසක් ධ්‍යාන නොවේ. එහෙත් භාවනා මාර්ගයෙහිදී නිතැතින්ම ධ්‍යාන හමු වනු ඇත. යම් මාර්ගපල ලාභියෙකු භාවනාවෙන් ප්රතමධ්‍යානය හෝ ලැබුයේ නම් ඔහු සුද්දාවාස බ්‍රහ්ම තලයේ උපදිනු ඇත. අනාගාමී අයෙකු නම් ඔහු භාවනා නොවැඩුවත් ඔහුගේ චිත්තය නිරායාසයෙන්ම චතුර්තධ්‍යාන තත්වයේ ඇත. මාර්ගපල නොලැබූ අයෙකු නම් ඔහු සිටින ධ්‍යාන මට්ටමේ හැටියට සුද්දාවාස බඹ තලයේ හැර අනෙකුත් රූප ලෝක,අරූප ලෝක බඹ තලයන්හි උපදිනු ඇත. එහෙත් අසඤ්ංඥ භාවනාව වැඩූ අයෙකු උපදින්නේ අසඤ්ංඥසත්ත බඹ ලොව හි ය. එහි උපන් අයෙකුට කයක් ඇත. සිතක් නැත. මල කදන් සේ ඔහේ එකම ඉරියව්වකින් කල්ප දහස් ගණන් ජීවත් වෙය්. හැරෙන්න පෙරලෙන්න වත් සිතක් නැත. රැගෙන ආ බ්‍රහ්ම ආයුශ අවසන් වෙන තුරු මල කදක් සේ ජීවත් විය යුතුය. මෙහේ බුදු වරුන් සිය ගණන් පහල වී බණ දේශණා කර පිරිණිවන් පෑවත්,නිවන් තියා එක බණ පදයක් අහන්න වත් ඔහුට සිතක් නැත. බ්‍රහ්ම ආයුශ ගෙවුණ දාට ආපහු පරණ කර්ම විපාකයක් අරගෙන හතර අපායේ උවද ඊ ලග උත්පත්තිය ලැබීමට පුලුවන. බුදු පියාණන් විසින් බමුණන්ගේ අසඥ්ඤ භාවනාව නින්දා කොට බැහැර කරේ එබැවිණි. සුද්දාවාස බඹ ලොව යන එක අති උතුම් ය. අරූප ලෝක බඹ තලයක උපදින එක උතුම් ය. රූප ලෝක බඹ තලයක උපදින එක යහපත් ය. එහෙත්... අසඤඥ්ඤ බඹ තලයේ ඉපදීම... පාලු අමු සොහොනක සිටින මල මිණියකට වඩා වෙනසක් නැත. යහපත් කුමක්ද යන්න ඔබම තීරණය කර ගණු මැනැවි. මේ ටික ලීවේ කිසිවෙකුටත් අපහාස කිරීමට හෝ,අවමානයට ලක් කිරීමට නොව, ආධුනිකයන් කෙරෙහි අපමණ මෙත් සිතිණි. භාවනාවක් වැරදීමෙන් අයෙකු පිස්සෙක් වීම ගැටලුවක් නැත. එහෙත් සත්‍යය දැන දැන කල්ප ගණන් අන්ත අසරණ වීමට ඉඩ දිය නොහැක. තෙරුවණ් සරණය්...
ReplyDeleteOw meya sathyaki, Arupa brahma loka wala brahma inta deviyan ha anekuth aya samaga sambandatha pawathviya hakiya, Asancha brahma lokaye ayata kisima sanchawak wath sambandatha pawathvimak wath nomatha, e wagema asancha brahma loka wala ayushada anek ewata wada visala pramanayaki.
Deleteමම ඔය කරුණු ටික දේශනා වල කියවල තිබුනා. මුකුත්ම භාවනාවක් සමාධියක් නැති කෙනෙක් වෙනවට වඩා මොනමහරි ධ්‍යානයක් තිබීම හොදයි නේද?
Deleteඑතකොට ඒ ධ්‍යානය උපයෝගී කරගෙන වෙනත් ධ්‍යාන ලබාගන්නත් පුළුවන් වෙනවා.
ඒ නිසා තමයි මේ ගැන පොස්ට් එකක් දැම්මේ. අනික මේක දාපු පලියට මේක බලන බලන කෙනා ධ්‍යාන ලබාගන්නේ නෑ.
දෙකක් කරන්නෙපා.එකක් කරන්න.
ReplyDeleteබිත්තියට හේත්තුවෙලා කලට කමක් නෑ
Me bawanawa karana gaman kundalniya awdiwewa kiyl prarthana kaloth hith ekthn unma kundalniy awdi wenwd guruthmni
ReplyDeletene
DeleteMe bawnwa karangmn om karaya ahuwat kmk ndd??
ReplyDeleteMe bawanaw karanagaman om karya ahuwata kamak nadd
ReplyDeletekamak ne
Deletehebei omkaraya ahana gaman me bawanawa hariyata karanna puluwan bawana krala hoda palapuruddak thiyena kenekta witarai. sadde ehenakota hitha pita yanawa
DeleteOmkarya ahanagaman me bawanw karankota 3d eye wiwra wimata balapamak thyenwda????
ReplyDeletekiyala thiyena dewal era wena dewal karannepa
DeleteMe bawanawa Ade wadi wela karata kamak nadda?dhyana laba ganna bima wadi welama bawana karanna oneda? Puluwan nan dhyana gana irdi gana post ekak Danna..obata bohoma pin..
ReplyDeletebima innawanan hodai
DeleteBima vadi vela bavana karaddi sitya yuthu asanayak thiyenavada
ReplyDeletepadmasana
Deleteardha padmasana
sukhasana
siddhasana
owa internet search karala balanna. owen ekakin inna
මේකෙදි කැමති අධිමානසික හැකියාවක් ප්‍රාර්තනා කරන්න පුලුවන්ද? ලොකු අධිමානසික හැකියාවක් උනත් (තුන්කල් දකින්න, කැමති රූපයක් මවා ගැනීම, රෝග සුව කිරීම වගේ එකක් උනත්...) ප්‍රාර්තනා කරන්න පුලුවන්ද..
ReplyDeletepuluwan
Deleteyogithumani anith samanya pudgalayinta sapekshawa advitheeya mathaka shakthika labeema adhumanasika hakiyawak widiyata salakanna puluwanda?e wage hakiyawan labenna kiyala me bawanawata pera prarthana karoth eka laba ganna puluwan weida?e wageema loku buddhiyak himiweema wage deyak....isthuuthii
ReplyDeleteමතකය වැඩි වීම අධිමානසික ශක්තියක් නෙවෙයි .
Deleteභාවනාව මගින් ඒ හැකියා යම් තරමකට ලබාගන්න පුළුවන්
එහෙම හැකියා ගැන නෙවෙයි මේ කියන්නේ පර සිත් දැකීම වගේ හැකියා
sathipatthanaya nidagena vadannada
ReplyDeletemona sathipattanayada
Deleteයෝගතුමනි,
ReplyDeleteමෙය සිදු කරන විට සෑම විටම හුස්ම කෙරෙහි අවධානය යොමුවේ. ඒ සඳහා උපක්‍රමයක් කියා දෙන්න
මුලින්ම මාස තුනක් තමන්ට ලේසි වෙනත් භාවනාවක් කරන්න. ඊට පස්සේ අනිමිත්ත භාවනාව කරන්න. කාලයක් කලාම හුස්මට අවධානය එන එක නිකන්ම නැතිවෙනවා
DeleteMona wage bawanawakda karanna oni
Deleteමම මේ bawanawa karanna කලින් ඕනෑම sathwayakuge රූපයක් lලබා ganna පුළුවන් wenna kiyala hituwata kamak nadda
ReplyDeleteඅධිමානසික හැකියා කියන්නේ අනාගතය දැකීම හිත කියවීම වගේ ඒවා. ඕවා ඉර්ධි
Deleteමෛත්‍රි භාවනාව හ අනිමිත්ත සමාදිය එකම දවසේ වෙලා දෙකක කලාට කමක් නැද්ද
ReplyDeleteepa
Delete1) යෝගීතුමනි අනිමිත්ත භාවනාව වඩල චතුර්ත ධ්‍යානය ලබා ගත්ත කෙනෙකුට පංච අභිඥා ලබා ගන්න පුලුවන්ද?
ReplyDelete2) එහෙම අභිඥා ලබා ගන්න නම් අනිමිත්ත භාවනාවෙන් චතුර්ථ ධ්‍යානය උපදවා ගත්ත කෙනා වෙනත් භාවනා ක්‍රමයක් මගින් පලවෙනි දෙවෙනි සහ තුන්වෙනි ධ්‍යාන ලබා ගැනීම කල යුතු ද?
1 බෑ ඒ සදහා අනිමිත්තයෙන් සමාධිය ලබලා පස්සේ කසින වඩන්න ඕනි
Delete2. ඔවු
යොගීතුමනි,
ReplyDelete1) බුද්ධානුස්සති භාවනාවෙන් ධ්‍යාන උපදවන්න බැරිද?
2) බුද්ධානුස්සති බාවනාව මගින් උපචාර මට්ටමින් හෝ වැඩුණු සමාධියක් ඇති සිතකට ඇති විශේෂ හැකියාවන් මොනවද
3) තිසරණ සහිත පන්සිල් රකින කෙනෙකුට නිවන් දැකීමට බුද්ධානුස්සති භාවනාව පමණක් ප්‍රමාණවත් ද?
4) මම අහල තියෙනව අතීතයේ දර කපන්නකුගේ පුතෙක් රෑ කරත්තෙ සොහොනක් ලඟ නිදාගෙන ඉද්දි යක්ෂයන් දෙදෙනෙක් පීඩා කරන්න තැත් කරන මොහොතක නමෝ බුද්ධාය කියා බුද්ධානුස්සතිය සිහි කිරීමෙන් ඒ යක්ෂයන්ගේ ග්‍රහණයෙන් බේරුනා කියල. ඒ වගේම ලමයි දෙන්නෙක් පන්දු ක්‍රීඩාවේ යෙදෙන අවස්ථාවක එක ළමයෙක් හැමවිටම නමෝ බුද්ධාය කියා සිහි කොට පන්දු ක්‍රීඩාවේ යෙදෙන නිසා හැම විටම ජය ඔහුටම හිමි වු බවත් මම අසා තිබෙනවා. මේ වගේ දේවල් බුද්ධානුස්සතිය තුලින් වෙන්නෙ කොහොමද විය හැකිද? සමා වෙලා මට පහදා දෙන්න පුලුවන්ද ඔබ තුමාට.
යොගීතුමනි,
ReplyDelete1) බුද්ධානුස්සති භාවනාවෙන් ධ්‍යාන උපදවන්න බැරිද?
2) බුද්ධානුස්සති බාවනාව මගින් උපචාර මට්ටමින් හෝ වැඩුණු සමාධියක් ඇති සිතකට ඇති විශේෂ හැකියාවන් මොනවද
3) තිසරණ සහිත පන්සිල් රකින කෙනෙකුට නිවන් දැකීමට බුද්ධානුස්සති භාවනාව පමණක් ප්‍රමාණවත් ද?
4) මම අහල තියෙනව අතීතයේ දර කපන්නකුගේ පුතෙක් රෑ කරත්තෙ සොහොනක් ලඟ නිදාගෙන ඉද්දි යක්ෂයන් දෙදෙනෙක් පීඩා කරන්න තැත් කරන මොහොතක නමෝ බුද්ධාය කියා බුද්ධානුස්සතිය සිහි කිරීමෙන් ඒ යක්ෂයන්ගේ ග්‍රහණයෙන් බේරුනා කියල. ඒ වගේම ලමයි දෙන්නෙක් පන්දු ක්‍රීඩාවේ යෙදෙන අවස්ථාවක එක ළමයෙක් හැමවිටම නමෝ බුද්ධාය කියා සිහි කොට පන්දු ක්‍රීඩාවේ යෙදෙන නිසා හැම විටම ජය ඔහුටම හිමි වු බවත් මම අසා තිබෙනවා. මේ වගේ දේවල් බුද්ධානුස්සතිය තුලින් වෙන්නෙ කොහොමද විය හැකිද? සමා වෙලා මට පහදා දෙන්න පුලුවන්ද ඔබ තුමාට.
මම ෆේස්බුක් පේජ් එකෙන් මේවට පිළිතුරු දුන්නා නේද
Delete