Featured Post

තෙවැනි ඇස විවර කරගැනීමට ශිව දෙවියන්ගේ පිහිට ලබාගන්නා වත් පිළිවෙත් (භක්ති යෝග)

බොහෝ දෙනෙක් ලිපි කීපයකම ප්‍රශ්න කර අසා තිබුන නිසා ලිපියකින්ම ශිව දෙවියන්ගේ උපකාර ලබාගෙන කුණ්ඩලිනි චක්‍ර අවධි කරගන්න ආකාරය පැහැදිලි කරන්න තීරණය කළා. තෙවැනි ඇස විවර කරන භාවනාව හා කුන්ඩලිනිය අවධි කරන භාවනාවේදී තමන් අදහන දෙවි කෙනෙකුගේ හෝ ශිව දෙවියන්ගේ පිහිට ලබාගැනීම සදහා දෙවියන් වන්දනා කරන ලෙස මම සඳහන් කළා.

*** තෙවැනි අස විවර කරන භාවනාව ලිපිය කියවීමට ( මෙතන ක්ලික් කරන්න click here)


*** කුණ්ඩලිනිය අවදි කරන භාවනාව ලිපිය කියවීමට  ( මෙතන ක්ලික් කරන්න click here)



කුණ්ඩලිනි ශක්තිය අවදි කරගැනීමට එකම මාර්ගය භාවනාව නොවේ. යෝගාසන පමණක් වැඩිමෙන්ද කුණ්ඩලිනිය අවදි කරගත හැකි ක්‍රම ඇත. සුවද ආඝ්‍රානයෙන්ද කුණ්ඩලිනිය අවදි කරගත හැක. ගුරුවරයාගේ ශක්තිය ගෝලයන් හට ප්‍රධානය කිරීමෙන්ද ශක්ති අවදි කල හැක. පතන්ජලි ඍෂි විසින් රචිත යෝග සුත්‍රයේද සදහන් පරිදි භක්ති යෝග වැඩිමෙන්ද ශක්ති අවදි කරගත හැක. භක්ති යෝග යනු දෙවියන්ගේ ශක්තිය ලබාගැනීමෙන් කුණ්ඩලිනි ශක්ති අවදි කිරීමයි.

දෙවියන්ගේ උපකාරයෙන් තෙවැනි ඇස හෝ කුණ්ඩලිනිය අවධි කරගැනීමට කලයුතු පිළිවෙත් කීපයක් තිබෙනවා. පළමු දේ සිල් රැකීම. සාමාන්‍ය විදියට කඩ කඩ සිල් රැකීමෙන් පලක් නෑ. එකදිගට දීර්ඝ කාලයක් තිස්සේ කිසිම අඩුපාඩුවක් වෙන්න නොදී සිල් රැකිය යුතුයි. පෙර කාලයේ සිටි බොහෝ යෝගීන් මෙන්ම ඍෂි වරු පවා දෙවියන්ගෙන් ශක්තින් ලබාගත්තේ වනගත වී තපස් රකිමින් දෙවියන්ට විවිද පුජා කරමින් භාවනා කිරීමෙනුයි. තපස රකින කාලයේදී ඔවුන් තමන්ගේ සාමාන්‍ය ජිවිතයෙන් සම්පුර්ණයෙන්ම මිදී සිට ශක්තිය ලබාගැනීමෙන් පසු නැවතත් සාමාන්‍ය ජිවිත ගත කරනවා. මේ සම්බන්ධයෙන් ලංකාවේ දක්නට ලැබෙන්නේ රාවණා හා ඉන්ද්‍රජිත් ආදීන් පිලිබදවයි. මේ කාලයේ රාවණා පිලිබදව විවිද කතා හදල තිබුනත් රාවණා අමරණිය වරම ලබාගත්තේ මහා බ්‍රහ්මයන්ට වන්දනා කරමින් තපස් රැකීම මගින්. ඒ වගේම රාවණා රජු චන්ද්‍රහාස් අසිපත ලබාගත්තේ ශිව දෙවියන් වන්දනා කිරීම මගින්. ඒ කාලයේ වගේ දැන් වනගත වෙලා තපස් රකින්න නොහැකි නිසා ගෙදර සිටිමින්ම සිල් රකිමින් දෙවියන්ට වන්දනා කිරීමයි කල හැකි දේ. කැලයකට ගිහින් කරනවාට වඩා සාමාන්‍ය ජිවිත ගත කරමින් රකින සීලය ප්‍රභල වැඩි. එයට හේතුව වනයක, සේනාසනයක සිටිද්දී සිල් කැඩෙන්න අවස්ථාවක් ස්වාභාවිකම අඩු වෙනවා. ඒත් සාමාන්‍ය ජිවිත ගත කරමින් නිවසේ සිටිමින් සිල් රැකීමේදී ඒ සිල් කැඩෙන්න ඕනතරම් බාධක එනවා. බාධක මැද අපහසුවෙන් රකින සීලයේ ප්‍රහලකම වැඩියි.


සිල් රකිම ආකාර දෙකකට කල හැකියි.
 භාවනා දියුණුවක් ලබාගැනීම සඳහා තපසක් වගේ සිල් රකිනවානම් ඒ සඳහා පන්සිල් ප්‍රමාණවත් නෑ. ඒත් පන්සිල් පමණක් උනත් දීර්ඝ කාලයක් තිස්සේ හරියටම රකිනවානම් දෙවියන්ගේ උදවු ලැබෙන්න හේතු වෙනවා. ඒත් ඊට වඩා හොදයි අටසිල් දසසිල් රකිනවානම්. දවස් 3ක්, 5ක්, 7ක්, සති 3ක්, මාසයක් ආදී විදියට කාලයක් තෝරාගෙන රකින්න පුළුවන් හැම සිලයක්ම ඒ කාලය ඇතුලත රැකීම සිල් රකින්න පුළුවන් එක් ආකාරයක්. කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් උදවුවක් විදියට කෙටි කාලින සිල් රැකිමකදී මම රකින සිල් සඳහන් කරන්නම්:


1.සිතින් කයෙන් වචනයෙන් ප්‍රාණඝාතයෙන් හා ප්‍රාණ හිංසාවෙන් වැලකීම
(මදුරුවෙක්වත් නොමැරීම, කුහුබුවෙකුටවත් හිංසා නොකිරීම, සතෙකුට හෝ ළමයෙකුට අවවාදයක් දෙන විටවත් පහර දීමක් නොකිරීම, හිංසා කිරීමට සිතින්වත් නොසිතීම )


 2. නුදුන් කිසිම දෙයක් නොගැනීම 

 3. සිතින් කයෙන් වචනයෙන් අබ්‍රහ්ම චර්යාවෙන් වැලකීම
 
(පෙම්වතිය හෝ බිරිද සමගවත් රාග උපදින ක්‍රියා නොකිරීම, අසභ්‍ය දර්ශන හෝ රූප නොබැලීම, රාග සහගත දේ සිතින් දැකීමෙන්, මෙනෙහි කිරීමෙන් වැලකීම)

 4. බොරුවෙන්, කේළමෙන්, පරුෂ (අසභ්‍ය හා සැර) වචනයෙන්, හිස් වචනයෙන් වැලකීම 

 5. 
සියලුම මත්ද්‍රව්‍ය වලින් වැලකීම

 6. විකාල භෝජනයෙන් වැලකීම
(ප්‍රධාන ආහාර වේල් 3 හැර වෙනත් කිසිම ආහාර හෝ පාන නොගැනීම
+ආහාර ගන්නා විට ආහාර කටේ සිට ගුදය දක්වා යන විට වෙනස් වන ආකාරය පිළිකුල් බවට පත්වන ආකාරය සිහි කිරීම
+ආහාරයේ හොදම කොටස් ටික අනා හදාගන්නා පලවෙනි බත් කට සතුන්ට දීමට වෙන් කිරීම )

 7. සැප සහගත උසස් ආසන, ඇතිරිලි, ඇඳ, කොට්ට, මෙට්ට  භාවිතයෙන් වැලකීම

 8. නැටුම් ගැයුම් වැයුම් විහිළු ඇසීමෙන් නැරබීමෙන් වැලකීම
(
tv, radio, facebook, gossip, internet සම්පුර්ණයෙන්ම අත්හැරීම)(සින්දු ඇසීමෙන් කියවීමෙන් වැලකීම ,
නාට්‍ය, චිත්‍රපටි, වීඩියෝ බැලීමෙන් වැලකීම)

 9. 
ආභරණ, සුවඳ විලවුන් , makeup, powder, jel භාවිතාවෙන් වැලකීම
(+කැපී පෙනීමට
 ඇඳුම් නොඇඳ සාමාන්‍ය ඇදුම් ඇදීම)

10.අද්වේශ
( කිසිම ආකාරයකින් තරහ සිතක් ඇති කර නොගැනීම, තරහෙන් කතා නොකිරීම, තරහෙන් යුක්තව කිසිම ක්‍රියාවක් නොකිරීම. )


11.අභිද්‍යා  (අන් සතු දෙයකට ආශා නොකිරීම,
+තමන් සතු වටිනා දෙයකටවත් ආශා නොකිරීම)

 12. ඉන්ද්‍රිය සංවරය
( ඇසින් දකින රූප කිසිවකට නොඇලීම, නොගැටීම, මුලා නොවීම,
කනෙන් ඇහෙන කිසිම ශබ්දයකට ,
නාසයෙන් දැනෙන කිසිම ගන්ධයකට,
දිවට දැනෙන කිසිම රසකට,
සිරුරට දැනෙන කිසිම පහසකට,
සිතට එන කිසිම අරමුණකට ඇලෙන්නේ නැතිව, ගැටෙන්නේ නැතිව, මුලා වෙන්නේ නැතිව සිත රැකගැනීම)

 13. කායානුපස්සනා
( කයෙහි සියලුම චලන ගැන සිහියෙන් ඉදීම ,සියලුම චලන සිහියෙන්ම කිරීම)

 14. චිත්තානුපස්සනා
(සිතට එන සියලුම අරමුණු ගැන සිහියෙන් සිටීම, දවල් හීන නෝමැවීම )

සරලවම කියනවනම් තමන් සිල් රකින කාලය ඇතුලත රහතන් වහන්සේ නමක් අනුගමනය කරමින් ඉදිමයි සිදු කරන්නේ. මේ සියලු සිල් රකිනව නම් තපස් රකිනවට වඩා ප්‍රබල සීලයක් අත්වෙන්න ඉඩ තිබෙනවා.

සිල් රැකීම ආකාර 2ක් තියෙනවා. මේ වගේ ප්‍රභල සීලයක් දවස් 5ක් වගේ කෙටිකාලයක් රකිනවා වගේම දීර්ඝ කාලයක් තිස්සේ යම් සීලයක් රැකීමත් අවශ්‍යයි. මේ වගේ උග්‍ර ශීලයක් එකදිගට සතියකට වඩා රකින්න සාමාන්‍ය ජිවිතයක් ගත කරමින් අපහසු නිසා පන්සිල් වගේ සීලයක් එකදිගට මාසයක්, මාස  කීපයක්, අවුරුද්දක් 2ක් රකින්න.
පුලුවන්නම් පන්සිල් වලට තවත් දේ එකතු කරගන්න. ප්‍රභල සිල් රකින එක වගේම එකදිගට දීර්ඝ කාලයක් සීලයක් රැකීමත් දෙවියන්ගේ ප්‍රසාදයට හේතු වෙනවා.
පන්සිල් රකින අතර අනුන්ට කරදර නොකිරීම, කුහකකම් ඉරිසියා නොකිරීම, මාන්නයෙන් නොසිටීම අත්‍යවශ්‍යයි. දීර්ඝ කාලයක් තිස්සේ සමාජයට අහිතක් නොකරපු කෙනෙකුට විතරයි ශක්ති අවදී කරගන්න ඉඩ ලැබෙන්නේ. ඒ වගේම ශක්ති අවධි කරගැනීමෙන් පසු කිරීමට බලාපොරොත්තු වන දේ අනුන්ට හිංසා පීඩා වංචා වලින් තොර දේවල් හා සමාජ සම්මතයට එකඟ දේ විය යුතුයි.


ශක්ති ලබාගැනීම සදහා අවශ්‍ය දෙවෙනි කාරණය වෙන්නේ දෙවියන්ට භක්තියෙන් පුජා කිරීම.
සියලු දිව්‍යලෝක වල සියලු දෙවියන් අතරින් මිනිසුන්ව දේවත්වයට පත් කිරීම හා මිනිසුන්ට ශක්තින් ලබාදීම සිද්දකරන්නේ මහා බ්‍රහ්ම, ශිව, විෂ්ණු හා සක්‍ර දේවේන්ද්‍ර කියන මහා දෙවිවරුන් සිව් දෙනා පමණයි. වෙනත් කිසිම දෙවි කෙනෙකුට ඒවා සඳහා අවසර නෑ. ඒ නිසා වන්දනා කිරීම හා පිහිට පැතීම සඳහා ඒ දෙවිවරුන් තෝරාගැනීම වඩා හොදයි. ආඥා චක්‍ර භාවනාව කරනවානම් තෙවැනි ඇසට අධිපති ශිව දෙවියන්ටම වන්දනා කිරීමයි වඩාත් උචිත වන්නේ.

මීට අමතරව රාවණා රජු හට මිනිසුන්ට ශක්තිය ලබාදීමේ දේව අවසරය තියෙනවා. ඒ නිසා රාවනා අදහන අය රාවණා රජු හට වන්දනා කිරීමත් හොදයි. ඒත් රාවණාත් ශිව දෙවියන්ට හා මහා බ්‍රහ්මයන්ට වන්දනා කරමිනුයි භාවනා කළේ. මෑත කාලීනව රාවණා පිළිබද අන්ධ මත පතුරවන, තමන් ශිරාලියෙන් ආ රාවණ පරපුරේ ඉතා උසස් පුද්ගලයන් මෙන් මවා පාන පුද්ගලයන් "රාවණා ශිව වන්දනා කළේ නැත" "ශිව යනු සිව හෙවත් හිරු" ආදී ලෙස උන්මත්තක මත ප්‍රචාරය කලත් රාවණා මහා බ්‍රහ්මයන් හා ශිව දෙවියන් වන්දනා කළා. දිවැස් සහිත දෙවියන් අතර ආගම් භේදයක් නෑ.
ආදී ශක්ති දුර්ගා මෑණියන්, මහා බ්‍රහ්මයන්, ශිව දෙවියන් හා විෂ්ණු දෙවියන් මේ විශ්වයේ තිබෙන ප්‍රභලම ශක්ති දරා සිටින්නන් වන අතර චතුර් වේදය රචනා කල රිෂි වරුන් ඔවුන් වන්දනා කිරීමේ පිළිවෙත් නිර්මාණය කළේ ඔවුන්ගෙන් ශක්ති ලබාගැනීමට මිසක් බ්‍රාහ්මණ කියා වංශයක් තනා හින්දු කියා ආගමක් තනා ගැනීමට නොවේ. එහෙත් ශක්ති ලබාගැනීමට දෙවියන් වන්දනා කරන මිනිසුන්ට මෙන්ම ධන සම්පත්, නිරෝගී සම්පත් ලබාගැනීමට දෙවියන් අදහන මිනිසුන් හටත් දෙවියන් වෙනසක් නොකර පිහිට වෙනවා. පරම්පරාගතව වේද ධර්මය ගෙනයන හින්දුන්ට මෙන්ම ඕනෑම ආගමක මිනිසුන්ට දෙවියන් පිහිට වෙනවා.
රාවණා රජු දෙවියන් වන්දනා කළේ ඒ ආකාරයට මහා බ්‍රහ්මයන් හා ශිව දෙවියන් වෙතින් ශක්තින්  ලබාගැනීමට මිස හින්දු ආගම වැළදගැනීමට නෙවෙයි. රාවණා ශිව වන්දනා කළේ නැතිය කියනා පුද්ගලයන් ඒ කරුණ වත් නොදන්නා කමෙන් පෙනෙන්නේ ඔවුන් රාවණ යුගයේ රාවණ වංශිකයන් වී සිටීමට තබා දොරටු පාලකයෙක්වත් වී නොසිටි පුද්ගලයන් බව පමණයි.



හිමාලයේ සමහර ඍෂි වරුන් තපස් රකිමින් "ඕම් නමඃ ශිවාය" යන මන්තරය මතුරමින් ශිව දෙවියන් වන්දනා කරමින් භාවනා කිරීමෙන්ම පමණක් තෙවැනි ඇස විවර කරගන්න බව මා හට දෙවියන්ගෙන් දැනගැනීමට ලැබුනා. ඒ ආකාරයට ශිව දෙවියන් තෙවැනි ඇස විවර කරගැනීමට ශක්තිය ප්‍රදානය කරන්නේ දිගු කාලයක් තිස්සේ සිල්වත්ව සිටි, දෙවියන් ගැන භක්තියෙන් වන්දනා මාන කල අයට පමණයි. මේ භාවනාව කිරීමේදීත් ඕනෑම නිවැරදි තෙවැනි අස භාවනාවක් කිරීමේදීත් භාවනාව තරමක් දියුණු අවස්ථාවට පත්වුණු විට බොහෝ දෙනෙකුට භාවනාව තුලදීම මහා ශිව දෙවියන් දර්ශනය වීම සිදුවෙනවා. සමහර කෙනෙකුට ශිව දෙවියන් සමග සන්නිවේදනය කිරීමේ හැකියාවත් ලැබෙන්න පුළුවන්.

මේ ආකාරයටම මහා බ්‍රහ්මයන් වන්දනා කර "ඕම් මහා බ්ර්හ්මාය නමඃ" ලෙස මතුරමින් භාවනා කිරීමෙන් පමණක් කුණ්ඩලිනිය අවධි කරගත් යෝගීන් සිටිනවා.
 Third eye හෝ කුණ්ඩලිනි භාවනා කරන අය භාවනාවට කලින් විනාඩි 10ක් පමණ වෙලාවක් භක්තියෙන් යුක්තව මේ විදියට මතුරමින් හෝ සිතමින් භාවනා කර යෝග භාවනාව පටන්ගැනීමෙන් දෙවියන්ගේ පිහිට ලැබෙන්න හේතු වෙනවා.

පිරිසිදු තැනක තමන් වන්දනා කරන දෙවියන්ගේ රූපයක් තමන්ගේ මුණ මට්ටමෙන්  තිබෙන විදියට තැනක් සකස් කරගෙන මල් සුවඳදුම් දිනපතා පුජ කිරීමත් දෙවියන්ගේ බැල්ම ලැබීමට හේතු වෙනවා. පහනක් නොතැබීම වඩා හොදයි. පහනක් තබනවා නම් කිලි වලින් ආරක්ෂා වීම වැනි පිළිවෙත් කල යුතුයි. දෙවියන්ට පහනක් තැබීමේදී කල යුතු පිළිවෙත් හොදින් දන්න ඒවා කරන්න කැමති කෙනෙක් විතරක් පහනක් තියන්න. ශිව දෙවියන් වෙනත් දෙවිවරු මෙන් පහන් වලට වඩින්නේ නෑ. එහෙත් මල් පහන් පුජා කිරීමෙන් දේව බැල්ම හා ආශිර්වාදය ලබාගත හැකියි. ශිව දෙවියන් හට වන්දනා කිරීමට රාවණ රජු විසින් නිර්මිත ශිව තාණ්ඩව ස්ත්‍රෝත්‍ර භාවිතා කිරීම වඩාත් සුදුසුයි.






* සක්‍ර දෙවියන් වන්දනා කරන ගාථා හා මන්ත්‍ර :-  ( කියවීමට මෙතන ක්ලික් කරන්න click here)


* පින්කම් කරන වෙලාවට ඒ පින් දෙවියන්ට අනුමෝදම් කිරීමත් දෙවියන්ගේ ප්‍රසාදය ලබාගැනීමට පුළුවන් ක්‍රමයක්. දාන මාන දීම බෝධි පුජා ආදී මහා පින්කම් වගේම බුදුන් වැදීම වැනි සියලු පින්කම් වලදී දෙවියන්ට පින් අනුමෝදම් කරන්න.

* කොනේශ්වරම්, මුන්නේශ්වරම් හා දෙවුන්දර උපුල්වන් මහා දේවාලය වැනි ශිව හා විෂ්ණු දෙවියන්ගේ මහා දේවාල වලට ගොස් වන්දනා කිරීමත් හැකි පමණින් පුජා තැබීමත් දෙවියන්ගේ බැල්ම උදාකරගන්න හේතුවෙනවා.


* තෙවැනි ඇස විවර කරගැනීම සඳහා ශිව දෙවියන්ගේ පිහිට පතන අය දැනගත යුතු විශේෂ කාරණයක් තිබෙනවා. ලෝක විනාශය සිදුවෙන සමයේදී මිනිසුන් අතරින් අධාර්මිකයන් ඉවත් කිරීමට ශිව දෙවියන් මැදිහත් වෙනවා. ඒ කාලයේදී අධර්මිෂ්ඨ පුද්ගලයන් විනාශ කිරීම සඳහා ශිව දෙවියන් තමන් විසින් ශක්ති ප්‍රධානය කරපු අයව භාවිතා කරනවා. වරම් ඉල්ලන්න කලින් ඒ කාරණය ගැනත් සැලකිලිමත් වීම වඩා සුදුසුයි.


ලංකේෂ්වර උතුම් මහ රාවණ රජතුමා විසින් ශිව දෙවියන්ගේ ගුණ ගායනා කිරීම සඳහා නිර්මාණය කරන ලද ශිව තාණ්ඩව ස්තෝත්‍රය 



ජටාටවී ගලඃ ජලඃ ප‍්‍රවාහ පාවිතස්ථලේ
ගලේ වලම්භ්‍ය ලම්බිතාම් භුජංග තුංග මාලිකාම්
ඩම ඩම ඩම ඩම නිනාදව ඩමර්වයම්
ඡකාර චණ්ඩ තාන්ඩවම් තනෝතුනඃ ශිව ශිවම්


ජටා කටාහ සම්බ‍්‍රමබ‍්‍රම නිලිම්ප නිර්ජරී
විලෝලවී චිවල්ලරී විරාජ මාන මුර්ධනී
ධග ධග ධග ජ්වලල් ලලාට පට්ට පාවකේ
කිෂෝර චන්ද්‍ර ශේකරේ රති ප‍්‍රති ක්‍ෂනම් මමා


ධරා ධරෙන්ද්‍ර නන්දිනී විලාස බන්ධු බන්ධුරා
ස්ඵුරද්දිගන්ත සන්තති ප‍්‍රමෝධ මාන මානසේ
ක්‍රපා කටක්‍ෂ ධොරනී නිරුද්ධ ධුර්ධරාපදි
ක්වචිද්දි ගම්බරේ මනෝ විනෝධමේතු වස්තුනී


ජටා භුජංග පිංගලස්පුරත් ප‍්‍රණා මණිඃ ප‍්‍රභා
කදම්භ කුම්කුමද්ධ‍්‍රව ප‍්‍රලිප්ත දිග්වධූමුඛේ
මධංග සින්ධුරස්ඵුරත්වගුත්තරීය මේධුරේ
මනෝ විනෝධමද්බුතම් බිභර්තු භූත භර්තරී


සහස‍්‍ර ලෝචනඃ ප‍්‍රභුත්‍යශේෂ ලේඛ ශේඛරා
ප‍්‍රසූල ධූලි ධෝරනී විධු සරංග‍්‍රි පීඨභූ
භුජංගරාජ මාලයා නිබද්ධ ජාඨ ජූටකා
ශ‍්‍රියී චිරාය ජායටාම් චකෝර බන්ධු ශේඛරා


ලලාට චත්වරජ්වල ධනම් ජයස්ඵුලිංගභා
නිපීඨ පංච සායගම් නමඃ නිලිම් පනායකම්
සුධා මයූක ලේඛයා විරාජමාන ශේඛරම්
මහා කපාලි සම්පදේ ශිරෝ ජඨාල මස්තු නා


කරාල භාල පට්ටිකා ධග-ධග-ධග ජ්වලා
ධනම් ජයා හුතිඃ කෘතඃ ප‍්‍රචණ්ඩ පංච සායගේ
ධරා ධරෙන්ද්‍ර නන්ධිනී කුචග‍්‍ර චිත‍්‍රපත‍්‍රකා
ප‍්‍රකල්පනියික ශිල්පිනී ත‍්‍රිලෝචනී රතිර් මමා


නවීන මේඝ මණ්ඩලී නිරුද්ධ ධුර්ධරස්ඵුරත්
කුහූ නිෂී දිනීතමඃ ප‍්‍රපංධ බන්ධ කන්ධරා
නිලිම්ප නිර්ජරීදරශ්තනෝතු කෘති සින්ධුරා
කලා නිධාන බන්ධුරඃ ශ‍්‍රියම් ජගත් ධුරන්ධරා


ප‍්‍රෆුල්ල නීල පංකජඃ ප‍්‍රපංච කාලිමඃ ප්‍රභා
වීලම්භි කන්ට කන්දලි රුචි ප‍්‍රබද්ධ කන්ධරම්
ස්මරස්චිධම්, පුරච්චිධම් භවච්චිධම් මඛච්චිධම්
ගජචිධාංදකච්චිධම්, තමන්තකච්චිධම් භජේ


අඛර්ව සර්ව මංගලා කලා කදම්බ මංජරී
රසඃ ප‍්‍රවාහ මාධුරී විජෘම්භනා මධු ව්‍රතම්
ස්මරාතකම්, පුරාතකම්, භවාන්තකම් මඛාන්තකම්
ගජාන්ධ කාන්ධ කාන්තකම් තමත්ථ කාන්තකම් භජේ


ජයත්ව්වධ භ්‍රවිභ්‍රමද්  බුජංග තුංග මශ්වසත්
ද්විනිර්ගමද් ක්‍රමස්ඵුරත් කරාල භාල හව්ය වත්
ධිමිඃ ධිමිඃ ධිමිඃ ධ්වනන් ම්රදංග තුංග මංගලඃ
ධ්වනි ක‍්‍රමඃ ප‍්‍රවර්තිතඃ ප‍්‍රචණ්ඩ තාණ්ඩවඃ ශිවහා


දෘශද් විචිත‍්‍ර තල්පයොර් භුජංග මෝක්තිකඃ ස‍්‍රජො
ගරිෂ්ඨ රත්න ලොෂ්ටයො සුහෘද්ධි පක්‍ෂ පක්‍ෂයෝ
ත්‍රණාර වින්දු චක්‍ෂු-ශ්‍රෝත්‍ර ප‍්‍රජා මහී මහේන්ද්‍රයෝ
සමඃ ප‍්‍රව්‍රති ක්හ කධා සදා ශිවං භජාම්‍යහම්


කදා නිලිංප නිර්ජරී නිකුංජ කෝටරේ වසම්
විමුක්ත ධුර්මතිස් සදා ශිරස්ථ මංජලිං වහම්
විලෝල ලෝල ලෝචනු ලලා මපා ලලග්නකා
ශිවේති මන්ත‍්‍ර මුච්චරන් කදා සුඛී භවාම්‍යහම්


ඉමම්හි නිත්‍ය මේව මුක්ත මුක්තමෝ තමම්ස්තමම්
පඨම්ස්මරම් ධෘවං නරෝ, විශුද්ධිමේති සන්තතම්
හරේ ගුරෝ සුභක්තිමා ශුයාති නන්‍යධා ගතීම්
විමෝහනම්හි දේහිනාම් සුශංකරස්‍ය චින්තනම්


ඉති ශ‍්‍රී දශ කණ්ඨ රාවණ කෘතම්, ශිව තාණ්ඩව ශ්තෝත‍්‍රම් සම්පූර්ණම්෴


*** ශිව තාන්ඩවය හා එහි අර්ථය පිළිබද ලිපිය කියවීමට ( මෙතන ක්ලික් කරන්න Click here)


ලිපියේ සදහන් කර ඇති කරුණු වලට අමතරව පුද්ගලික යෝග උපදෙස්, භාවනා උපදෙස් හා මනෝවිද්‍යාත්මක උපදෙස් සේවාවන් ලබාගැනීමට Facebook පිටුවට Message කරන්න ( මෙතන ක්ලික් කරන්න )

මෙම ලිපි අනවසරයෙන් සම්පුර්ණයෙන් හෝ කරුණු වශයෙන් උපුටාගැනීමෙන් හා වෙනත් යමක පළකිරීමෙන් වලකින්න.

Comments

  1. obata saha obe guruwarayata boho pin..

    ReplyDelete
  2. mind reading ganath post ekak danna puluwanda? ,obata pin..

    ReplyDelete
    Replies
    1. dannam. habai tikak kal yanawa. 3rd eye eragattanam mind read karanna puluwan

      Delete
    2. obata bohoma pin! :) kal giyta kamak na api balan innam oba eya palakaranakam :)

      Delete
    3. thewani asata adala abyasa karanawa sulanga aramunu karagena, oba kiyu akarayata,...

      Delete
    4. යොගිතුමනි..මම අවුරුදු 25 මිටි තරුනයකි මගේ උස වැඩි කෙරගනිම සදහා භාවනා ක්‍රම තිබෙනවාද....ඔබතුමට ගොඩක් පින්

      Delete
    5. අවුරුදු 16 විතර වෙනකොට අස්ථි ඵලක ඝන වෙලා ඉවර වෙනවා.ඊට පස්සේ මොනවා කලත් උස වැඩි වෙන් නෑ. පුවක් මල් බුදුන්ට පුජා කරලා උස යන්න ප්‍රර්ථනා කරන්න. ත්රිකොනාසන කියල යෝගාසනයක් තියෙනවා.ඒක හැමදාම කරන්න. calsium තියෙන කෑම කන්න. සමහර විටමින් තියෙනවා උස යන.හොයල බලන්න. සමහර gym වල උස යන්න exice කරනවා.ඒවා කරලා බලන්න. හැබැයි එච්චර ප්‍රතිඵලයක් හම්බෙන එක sure නෑ

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. තමන්ට පත්වෙන්න අවශ්‍ය ආසන්න උසක් ගැන හිතන්න... උද ඔබ අඩි 5ක් උස නම් ඔබේ උස 5.4ක් වෙනවා නියලා වගේ හිතන්න. සුලු අගල් ප්‍රමාණයකින් උස වැඩිවිය යුතුයි කරන අරමුණ හොදින් නිතරම සිතන්න. දැන්නිවැරදිව භාවනා කරන්න. ක්ෂණිකව ප්‍රතිපල ලැබෙන්නෙ නැති වෙන්න පුලුවන් දිගටම විශ්වාසයෙන් උත්සාහයෙන් කරන්න... කාලයක් කරාම ප්‍රතිඵල ලැබේවි.

      Delete
  3. mama kaalayaka patan deviyan adahanava. Wadinava pahan paththu karanava. Ek devathawakata wishesha bakthiyak dakwanava. Mama e devathawiyata wadina mantra strothra gaayana karala tika welawak as piyagena innakoya dam paata bolayak wage ekak penava. Eka tiken tiken sudu paatata harenava. Winadi 5k withara ohoma thibala nathi wela yanava. Wandina welawata witharak newei. Onama welawaka as deka piyagen andakaraya desa balaagena innakota oya de wenna gannava.meka honda deyakda naraka deyakda ? Obathuma me sambandhawa dannavada ? Me thathwaya mokadda ? Mama idiriyata monavada krnna ona ?

    ReplyDelete
    Replies
    1. හැමවෙලාවෙම වෙනවනම් ඕක ඇහේ හැටියක් වෙන්නැති.නැතුව දෙවියන්ට අදාළ දෙයක් නෙවෙයි. ඇස් පොඩි උනාම ආලෝකයක් වගේ පේන එක වෙන්නැති ඕක

      Delete
    2. දෙවියන්ගේ බැල්මක් ලැබුනා කියලා ඔහොම දේවල් වෙන් නෑ.ඕක මානසික රෝග තත්වයක් වෙන්නත් පුළුවන්.හොදම දේ ඉස්සෙල්ලම දොස්තර කෙනෙක් හම්බෙන්න

      Delete
  4. Obathuma daapu 3rd eye baavanava karain passe thamai oka wedi une. Wenada nan wandina welawata laawata penne. E baavanava karain passe eliye brightness eka wedi una. Nikan inna welaawatath as deka piyaagena ona kamin baavanava wage krna kotath penna gannava. Obathuma daapu widiyatama thamai mama bhaavanaava kare. Kisi weraddak adu paduwak une ne. E bhavanava wadala mage mole wikara welaada??? Mama bhaavanaava nawaththannada?

    ReplyDelete
    Replies
    1. දැන් කරන භාවනාව නවත්තලා වායෝ කසිණ භාවනාව කරන්න.එතකොට ඔය ප්‍රශ්න හරියයි

      Delete
  5. mama oba thumage post kiywala beluwa 3rd eye bhawanawa karanna nm samanya wdht mn rakinna oni sil monawada...?? kochchr kalayakinda bhawanawa patan ganna oni...???

    ReplyDelete
    Replies
    1. භාවනාව කරන්න සීලයක් ඕනි නෑ. අදම පටන් ගන්න .ඒ ගමන් ඕනිනම් සිල් රකින්න

      Delete
    2. පන්සිල් රකින්න

      Delete
  6. mama oba thumage post kiywala beluwa 3rd eye bhawanawa karanna nm samanya wdht mn rakinna oni sil monawada...?? kochchr kalayakinda bhawanawa patan ganna oni...???

    ReplyDelete
    Replies
    1. අමුතු සිල් රකිමක් ඕනි නෑ. අදම පටන්ගන්න

      Delete
    2. පන්සිල් රකින එක හොදයි

      Delete
  7. ස්තුති. ශිව තාන්ඩවය මම හොයමින් හිටය‍ෙ

    ReplyDelete
  8. මහා බ්‍රහ්ම කියන්නේ සහම්පති මහා බ්‍රහ්මයාටද? වෙනත් බ්‍රහ්මයෙක්ද?

    ReplyDelete
    Replies
    1. නෑ දෙන්න දෙන්නෙක්

      Delete
    2. මෙතන වෙලා තියෙන්නේ බෞද්ධ සාහිත්‍යය රචනා කරනකොට වෙලා තියෙන වැරද්දක් . සහම්පතී මහ බඹු , ඝටීකාර මහ බඹු , වගේ නම් එක්ක මහ කෑල්ලක් දාලා තියෙන්නේ එයාලා මහා බ්‍රහ්මයා නිසා නෙවෙයි . ඒ අය බ්‍රහ්මයින්ගේ උසස් තත්ත්වයක ඉන්න නිසා . මහා බ්‍රහ්මයා කියලා වෙනම කෙනෙක් ඉන්නවා මම දන්නා හැටියට .

      Delete
    3. එහෙනම් මහා බ්‍රහ්මයා කියන්නේ කවුද යන්න අපිට හදුන්වා දෙන්න...

      Delete
    4. මහා බ්‍රහ්ම කියන්නේ බ්‍රහ්ම ලෝක වල නායකයා .දෙවියන් අතර සක්‍ර දේවේන්ද්‍ර වගේ

      Delete
  9. Hitha palanaya kara ganna vidiyak kiyanna ..hitha hariya duk wenawa..anawassa vidiyata hithanawa godak wela..mata meken midenna vidiyak kiyanna..yoga thumini

    ReplyDelete
    Replies
    1. bhawana kirimen okata labenne thawakalika sahanayak vitharayi. owa godak welawata karma vipaka. tamangen waraddak wela thiyena ayata kata karala eyalage hitha pathule thiyena wedanawa nathi wena vidiyata samawa ganna. nikanma sory kiyala wadak ne.
      katta kakaa duk vida vida tikak kal yanakota hitha haiya wenawa. ethakota owa ganak nathi wenawa. budun wadim wage dewal karanna. maitree bawana karanna . apala tyenawanam ekata karanna oni dewal karanna

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. Ganadewiyanta wadina widiha,padam weda karanna udaw ganna widiha kiyala denna puluwan da

    ReplyDelete
  12. ශිව තන්ඩාව strotra ගයනා කිරීමට පෙර පිරිත් කිව්වට කමක් නැද්ද

    ReplyDelete
    Replies
    1. අා කියන්න කියන්න පුතා දිගටම ස්තෝත්තරේ එතකොට නිකම්ම ඔයාගේ
      3rd eye එකේ පුස් ගැලවිලා නිකම්ම
      අැරෙන්ඩ පටන් ගනී

      Delete
    2. අා කියන්න කියන්න පුතා දිගටම ස්තෝත්තරේ එතකොට නිකම්ම ඔයාගේ
      3rd eye එකේ පුස් ගැලවිලා නිකම්ම
      අැරෙන්ඩ පටන් ගනී

      Delete
    3. තමන් මේවා විශ්වාස නොකරනවානම් නොකර ඉන්න ඒවාට අගෞරව කරන්නේ නැතුව. what goes around comes around. be careful bro

      Delete
  13. මම දවසගානෙම යෝග ව්‍යායාම් කරනවා මේ විදියට ගෙදරදී සිල් ගන්නවානම් යෝග ව්‍යායාම් කරන්න හොද නැහැ නේද මහත්මයාණෙනි ?

    ReplyDelete
    Replies
    1. ව්‍යායාම කලාට ප්‍රශ්නයක් නෑ

      Delete
    2. ස්තුති මහත්මයාණෙනි !

      Delete
  14. Samahara velavat bavana karaddi nalala mada ridenn gnn eka samanya deykd?

    ReplyDelete
  15. යෝගිතුමනි, ශිව දෙවියන් මේ කාලයේදි වුනත් මිනිස්සුන්ට වරයන් ලබාදෙනවද?(raavana maha brahmayagen amaraniiyathwaye waraya laba gaththa wage) ඒ වගේ වරයන් ලබාගන්නනම් මොන වගේ දේවල්ද කරන්න ඕනි?

    ReplyDelete
    Replies
    1. waram labadenawa. habai eka illana warame hetyata, illana pudgalayage hetiyata, pine hetiayata, gunawath kame hatiayata tiranaya wenne .

      Delete
  16. Mama awrudu 2ka babek inna amma kenek.mata bhawana krama gana godak unanduwak tiyanawa.eth hariyata wistarayak danaganna kenek hambune na.obage upades hari kiyala hithenawa.daruwath ekka bhaeana karana eken daruwata prashnayak weida.kohoma hari uthsaha karannada.mata podi kale idan issarahata wenna tiyana dewal gsna hithata ena ekdk tiyanawa.hama welema na.eka eka paratama enne.ehema dewal hari giya ewat tiyanawa eka mokakda theruma obata pahadili katanna puluwanda.

    ReplyDelete
    Replies
    1. Pregnantnan kundalini bawana monawat krnnepa. Baudda bawana kalata kamak ne.
      Alevel walin pahala podi lameknan inne eyata kundalini bawana kiyala dila krwanna yannepa. Lebima tyena kenata mewa gena tamantama danaganna lebenawa. Etkta tanyen krnawa.
      Baudda samata bawana podi lamainta kiyala dila kerewwata prasnayak ne. Vidarsana krwanna epa.
      Anagate gena denena eka godak ayata wenawa. Eka minissunge swabawikAwama tyena hekiyawak. Bawana krnakota eka mathuwela enawa

      Delete
  17. Mata therena wayase idan idiriyata siddawena yam yam dewal hithata danena ekak thibenawa.mama bhawana krama gana godak soya balanna adyanaya keranna kamathi..mama awrudu 2ka babek inna amma kenek..bhawana krama karala balanna bayak hithuna waradunoth manasika leda hadei kiyapu nisa.mokakda obathuma dena upadesa

    ReplyDelete
    Replies
    1. Mita kalin bawana krlama nettan mulinma masa tunak baudda samatha bawanawak krnna. Ita passe kundalini bawana krnna

      Delete
  18. aura balana sarthaka vidi monawa da ? saha aura 1k balima nisa siduwan vasi avasi,aura blanna athi hakiyawa irdiyak da nathnum vena yam hakiyavak da ? mey gana lipiyak danna puluvan num vatinawa.oba thumata saha oba thuma gey guru varaya ta pin

    ReplyDelete
  19. mata bavana wa kara ganimata udawu avshyayi oba thumata udavu kirimat haki num mey e-mail (E-mail-chandima8000@gmail.com)lipinayata e-mail 1k avanna subject 1k adimanisika kiya sadhan kara.mama dushan from dehiwala.obata sha oba gey guru varun sam denata pin.oba thuma athulu siylu loka sthvayo suwapth veth wa.

    ReplyDelete
  20. තෙවැනි ඇස විවර කර ගත්තම අනාගතය දකින්න පුලුවන්ද? එහෙම පුලුවන් නං හෙට අදින්න තියෙන ලොතරැයි අංක ටික බලාගෙන එන්න පුලුවන් නේ. එහෙම බැරිනං අනාගතය දකින්න පුලුවන් කිව්ව එක බොරුවක්ද? මෙ භාවනා බොරුද?

    ReplyDelete
    Replies
    1. Kematinan pariksha krla balanna.
      Akametinan atarinna.
      Pariksha krla pratipala gatta aya pariksha nokara kegahana pissan hata pilituru denna bedi netha

      Delete
  21. Yogithumani, obathuma me post eke sadahan karala thiyenne saptha suuryodgamana sutre dakwala thiyena loka winase kale Shiva dewiyan dhaarmika, adarmikayanwa wen karanna shakthi pradanaya karapu ayawa pawichchi karanawa kiyalada? Api me athmayedi shakthi awadi karagattat e kale weddi Ali kohomath marila noweda pahada denu manawa...

    ReplyDelete
    Replies
    1. me athme merunata apahu upadinna puluwanne manussa lokema

      Delete
    2. Wen kireemedi Owunwa maranayata path kireemata sidu weida ape athin?

      Delete
  22. ඔබතුමන්ගේ yoga panthi thiyenawada?

    ReplyDelete
  23. Yogi thumani, Siva deviyan Diwya loka 6n mona divya lokeda inne?

    ReplyDelete
  24. yogithuma kiwwa thawathinsa diwya loke kiyala.

    ReplyDelete
  25. yogithumani,mama obathumage upades paridi awruddakata adika kalayaka sita shiva dewiyan wandana karanawa.patan gatta dawase idanma mama shiva dewiyangen wadaath ikamanin ha pahasuwen thewani asa wiwara karaganna udaw laba denna kiyala illuwa.idiriyedi mn 3rd eye meditation eka karanna hithan innawa.ehema karaddi shiva dewiyange pihita labenawanam thamanta kumana aakarayaka hageemakda athi wenne?

    ReplyDelete
    Replies
    1. tamanta kumana akraye hegimakda atiwenne kiyana eken adahas karanne mokakda?

      Delete
  26. e kiyanne nikan shiva dewiyan thama lagin innawa wage,thamawa dirimath karanawa wage hageemak danenawada yogithumani?

    ReplyDelete
  27. yogithumani, {1} himalaya wage pradesha wala nithipatha shiva dewiyan wenuwen ugra thapas rakina,maha puda puuja pawathwana bathimathuntath api wage sulu aakarayen unwahansewa wandana karana ayatath shiva dewiyange pihita eka aakarayatama labenawada?

    {2}atham hindu bhakthikayan vimukthiya laba ganeemee aramunin mithya drushtiyen yuthuwa shiva,vishnu aadii dewiwarun sarana yaama sidukaranawa.ithin ema pudgalayinta dewiwarun, thaman wahanse sarana yamen niwana saakshaath kala nohaki bawa wadaarannee nathida?

    ReplyDelete
    Replies
    1. 1) ehema wenna vidiyak nene. api unath apita wediyen salakana kenata tama wediyen udau karanne. hebei kepawimen bawana karanwanam, gunawathkama hodata tyenawanam indiyawe tapas rakina ayata nolabena udau unath labenna puluwan.

      2.ehema deviyo kiyanne ne. vimuktiya hoyana ayata eka labena margayata wetenna salaswanawa

      Delete
  28. pilithuru sapayuwata sththii.. obathumata deergaayu weewaa!!!!

    ReplyDelete
  29. shiva dewiyange waasa bawana kailaasa kuutaya kiyaai boho dena pawasanne...ethakota kailasa kutaya thibenne thawathinsa dewloweda yogithumani?

    ReplyDelete
    Replies
    1. ne himale. deviyan diwyaloketh wada innawa kailasa kuteth weda innawa

      Delete
  30. yogithumani,shiva dewiyan shakthi awadi karana bawana walata witharada udaw karanne?samatha bawana walata shiva dewiyan udaw karanne nadda?

    ReplyDelete
  31. yogithumani,thewani asa open weddi anith chakra 6 ibema awadi weemata shiva deviyangen udaw illuwata kmk nadda?

    ReplyDelete
  32. yogithumani,mn laga shiva dewiyange tharamak wishala ruupayak thiyenawa...eka mage kaamare bittiyaka alewwata kmk nadda?bohoma isthuuthi

    ReplyDelete
  33. Shiva deviyange birida parwathine.lankawe paththini kiyanneth parwathi deviyantamada.shiva deviyan budhist da

    ReplyDelete
    Replies
    1. parwatii paththini dennek
      shiva deviyo baudda newei. hebei anagate buduwena inna dewi kenek

      Delete
  34. Yogithumani mn A/L bio karana lamek nisa kalaya godak watina hinda thandawa strotra waradinne nathuwa saahena weegekin kiyanawa...eka prasnayak na neda mage hithe kisima agawrawa kirime chethanawak nathi nisa? Thawa ehema weegen kiwwa kiyala mata ahithak nathnam labena pihite , udaw wala aduwak wenne na neda? Bohoma isthuuthii

    ReplyDelete
  35. මෙහෙම ඇහවට තරහ ගන්න එපා. මන් අපහාසයක් කරන්න නෙමෙ අහන්නේ.

    මෙ දාල තියෙන ශිව තාණ්ඩවය ගාථා වල අකුරු සියට සියක්ම නිවරදියි නෙද. මොකද මෙ වගෙ දෙවල් වලදි නිවරදි අකුරම සද්ද කළෙ නැත්නම් ප්‍රතිඵල නැති වෙනවනෙ

    ReplyDelete
    Replies
    1. අකුරු දෙක තුනක් වැරදිලා තිබ්බා. දැන් හරි

      Delete
  36. Guruthumani,
    1. 3rd eye / kundalini shakthiya awadi kr ganimt upakara laba gatha haki hodama deviyn shiwa deviyanda ?

    2. Sakra deviyn lankawe inna hinda sakra deviyngen upakara labimata wadi awasthawk thiynwd ?

    3. Shiwa deviyngen upakara laba gath ayawa, shiwa deviyn visin loka vinasayt yoda ganimedi e aya athin akusalayk wenwd.

    Obathumatath obathumage guruthumatath bohoma pin

    ReplyDelete
    Replies
    1. 1,ඔවු

      2. නෑ එහෙම ලැබෙන්නේ නෑ

      3. වෙන්නත් පුළුවන් නොවෙනත් පුළුවන්. හරියටම කියන්න බෑ. ඉල්ලන්න කලින් තමන්ට අකුසල් කරන්න බැරි බව කියල උදවු ඉල්ලන්න

      Delete
  37. තුන්වෙනි ප්‍රශ්නෙ එහෙම්ම මට තිබ්බා, අනික්වත් මීට කලින් මං ලියපු එවද මතක නෑ.
    කුණ්ඩලණියයි, දෙවියනුයි,එ් සම්බන්ධ පුද්ගලයන් අමතක කරන්න ඕන කියල හිතුවත් මොකක් හරි සිද්ධියක් නිසා නැවත අපි සම්බන්ධ වෙනවා. අපිට නොදැනුනාට මොකක් හරි සිද්ධියකින් අපිව සම්බන්ධ කරනව.

    ReplyDelete
  38. Yoga thumani mage amma onawta wada hithanawa nikanma leda wenawa hitha niwaganna theren ne ammta.mekata hethuwa awashaya daththa mole nathi nisada?
    Nathinan karmayakd?
    Budu guna saha thisarnaya gana hithe thanpath krnn krmayak nathida?
    Godak pin

    ReplyDelete
    Replies
    1. oka mano upadeshana sewa walinui hadanna puluwan.
      mano waidya warayek ho mano upadeshaka kenek gawata ekka yanna

      bawana karala owa hadanna amarui. sartaka ne

      Delete
  39. yogithumani
    1.mage kamare shiva dewiyange rupayak alawala thiyenawa.agawrawa kireeme chethanawak nathi nisa e pattata kakul dala nida gattata kmk nadda?
    2.budu radun deshana kala samma samadiyata ashta samapattiyama aithida?prathamadyanaya pamanak gena inpasu widarshana wadeemen niwan dakinna puluwanda?

    ReplyDelete
    Replies
    1. 1 eka prashnayak ne
      2 buddha deshana wala ashta samapaththiyama wadanna kiyala thiyenawa. asta samapaththiyama niwanata upakara wenawa kiyala thiyenawa. mama e gena facebook page eke post ekak dala thiyenawa. eka blog eke ne. සමත භාවනා බුද්ධ දේශනා නොවේද kiyala photo ekak athi

      Delete
  40. Yogithumani udaw illuwoth shiva dewiyan samatha bawana walatath udaw karanawada?

    ReplyDelete
    Replies
    1. ou eke wereddk ne
      e unata samata bawana walata udau ganna nam illanna oni shiva dewiyangen neweyi.
      ekata karanna oni bawana karana karawana swamin wahansela hoyagena gihin upades ganna eka.
      asapu, aranya wala innawa
      dhammasobawa, na uyana, labunoruwa wage then hodai

      Delete
  41. 1.යෝගිතුමනි මහා බ්‍රහ්මයා කියන්නෙ ප්‍රථම ධ්‍යාන භූමි 3 වන බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම යන භූමි 3ට අධ්පතීත්වය දරන බ්‍රහ්ම දේවතාවා ද?

    2.අකණිටා බඹ ලොව වෙසෙන සහම්පතී බ්‍රහ්ම රාජයා ඔහුට වඩා බලවත් ද?

    ReplyDelete
  42. Guruthumani shiva deviyangen waram labagena 3rd eye wiwara karagnna ekada hoda. Bawana karala 3rd eye wiwra karagnna ekada hoda.

    ReplyDelete
  43. යෝගිතුමනි, භාවනා කිරීමේදී ඔබ පවසන ආකාරයට නියමිත වේලාවක් හා දිශාවක් අවශ්‍යද. තෙවනි ඇස භාවනාව වඩන අතරතුර වෙනත් භාවනාවක් වැඩීම යෝග්‍යද. යෝගතුමනි. අද උදේ 3:30 ආරම්භ කරොත් හෙට උදෙත් 3:30 ටම ආරම්භ කල යුතුද???

    ReplyDelete
    Replies
    1. උපදෙස් ලිපියේ ඕවට උත්තර දාලා තියෙනවා

      Delete
  44. මුලින්ම ස්තූතිවන්ත වෙනවා මේ වගේ වටින දේවල් කියල දෙන එකට ගොඩක් පින්. සර්, මට පොඩි කාරණා කිහිපයක් තියෙනවා දැනගන්න. මම බුදු දහමේ සත්‍යතාවය අවබෝධ කරගත්ත බෞද්ධයෙක්. නමුත් මම විනෝදාංශයක් විදියට හින්දු දර්ශනයත් හදාරලා තියෙනවා කාලෙකට කලින්. මම දකින විදියට දැනුම ගන්න පුළුවන් දෙවියන් ගැන ගොඩක් මාර්ගය වෙනස් වුනාට. මම මේ පෝස්ට් දැක්කේ ලඟදී.... මට තේරුනා සර් ගොඩක් අධ්‍යාත්මිකව දියුණු කෙනෙක් කියල....මම පන්සිල් රකින කෙනෙක් ගොඩ කාලෙක ඉදන් නමුත් මට අධිමානසික බලයක් නම් නෑ .... මම ගොඩක් දැනගන්නේ සාක්ෂි, කරුණු වලින්.... ඉතින් මම කුතුහලය නිසා අහන්නේ, මට දැනගන්න බැරිවුණ කාරණා කිහිපයක් තියෙනවා .
    බුදු දහමේ දේවපුත්‍ර මාර කියල පරනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකයේ වසවර්ති මාර නමින් හැඳින්වෙන දෙවිකෙනෙක් ගැන සදහන් වෙනවා. බුදු දහමේ සදහන් වෙන්නෙත් හින්දු ආගමේ තියෙන්නෙත් පධාන දෙවියන් 33 ගැන. මහා සමය සූත්‍රයේ තියෙනවා ඒ ගැන විස්තර. මම හොයාගත්ත විස්තර අනුව, ඔය පරනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකයේ දෙවිවරු 3 දෙනෙක්ගගේ විමාන තියෙනවා.... විෂ්ණු, ඊශාන ඒ කියන්නේ ශිව දෙවියන්, සහ කෘෂ්ණ දෙවිවරුන් ගේ. ඉතින් මම හොයා ගත්ත කාරණා කිහිපයක්ම ගැලපෙනවා මහාභාරතයේ එන කෘෂ්ණ අපේ බුදු දහමේ එන මාරයා බවට. මට මෙතනදි දැනගන්න ඕන සර් බුදු දහමේ එන මාරයා හින්දු ආගමේ ඉන්න දෙවිකෙනෙක් ද කියල.... මොකද මම දන්න විදිහට නම් වේද දෙවියන් ගැන හරියටම කියල දෙන තැනක්. නැති වෙන්න අමාරුයි කිසිම දෙවිකෙනෙක්.

    ReplyDelete
    Replies
    1. මාරයා හින්දු වේද වල කෘෂ්ණ නෙවෙයි යම

      Delete
  45. Yogi thumani gahanu lamayek meka kiria sudusuda? Ownge menses weema meyata balapaanne kohomda

    ReplyDelete
    Replies
    1. ඒ කාලේදී කරන්න හොඳ නෑ
      අනිත් දින වලදී නිර්මාංශ වෙලා කලාට කමක් නෑ

      Delete
  46. Guruthumani ,
    Ekama dinayedi
    Maha brahmayan hata athi manthra bhawana kara.wenath welawaka anapanasathiya wadima sudusuda ? Obathumata bohoma pin

    ReplyDelete
    Replies
    1. ගැලපෙන්නේ නෑ. එකක් එකදිගට කරලා ඒක නවත්තලා අනිත් එක කරන්න

      Delete

Post a Comment