Featured Post

තෙවැනි ඇස විවර කරගැනීමේ භාවනාව (3) (ජලය භාවිතා කරන ක්‍රමය)


ආඥා චක්‍රය, ඍෂි ඇස හෙවත් 3rd eye ලෙසින් හදුන්වන තෙවැනි ඇස විවර කරගැනීමට යොදාගන්නා ශක්ති ප්‍රභව තුනෙන් අවසාන ප්‍රභවය වෙන්නේ ජලය. මිට පෙර ලිපි දෙකකින් අනෙක් ශක්ති ප්‍රභව භාවිතයෙන් තෙවැනි ඇස විවර කරන භාවනා විස්තර කළා. තෙවැනි ඇස පිළිබඳව මුලික හැදින්වීම නොකියවපු අය මුලින්ම ඒ ලිපිය කියවීමට (මෙතන ක්ලික් කරන්න )  .


                                   ආපෝ කසිණ භාවනාව වඩා තිබෙන අයත් ගින්දර හෝ හුස්මට වඩා ජලය භාවිතයෙන් හිත එකඟ කිරීම හොදයි කියල හිතෙන අයත් ජලය භාවිතයෙන් තෙවැනි ඇස විවර කරගන්න භාවනාව කිරීම වඩා ප්‍රතිපලදායකයි. මේ ක්‍රමයේදී මුලින්ම ජලය පිළිබඳව සිත එකඟ කරගන්න අවශ්‍යයි. ඒ සඳහා භාවනා දෙකක් උපකාර කරගන්න පුළුවන්.

        පලවෙනි ක්‍රමය වෙන්නේ ආපෝ කසිණ භාවනාව. ආපෝ කසිණය වැඩීමට පාත්‍රයක් තරම් ප්‍රමාණයේ  රවුම් ජල භාජනයකට කට දක්වාම වතුර පුරවල භාවනා කරන තැන දෙරියනක් පමණ ඉදිරියෙන් තියාගෙන ඒ දිහා බලාගෙන හිත එක්තැන් කරන්න ඕනි. භාජනයක තිබෙන ජලය වෙනුවට ගංගා ඇල දොළ ආදියේ තියෙන ජලය ගැන උනත් අරමුණු කලාට කමක් නෑ. එත් ඒ සඳහා ඒ වගේ තැනකට නිතර යන්න පුළුවන් වෙන්න ඕනි. ඒ වගේම එසේ කිරීමේදී ජල භාජනයක් මගින් කරනවාට වඩා හිත එක්තැන් කිරීම අමාරුයි. භාවනා කිරීමේදී වතුර දිහා බලාගෙන "වතුර වතුර" හෝ "ජලය ජලය" හෝ "ආපෝ ආපෝ" ආදී විදියට තමන්ට හුරු වචනයක් හිතමින් හිත එක්තැන් කරන්න.


      දෙවෙනි ක්‍රමයට වෙනම ඇටවුමක් සකස් කරගත යුතුයි. මේ සඳහා ප්ලාස්ටික් බෝතලයක් වගේ දෙයක පතුලේ පොඩි සිදුරක් හදාගන්න. බෝතලයට වතුර පිරවූ විට වතුර බිංදු ඉතා හෙමින් වැටෙන විදියෙ පොඩි සිදුරක් හදාගන්න. මේ බෝතලය තමන් භාවනා කරන තැන ඉදිරියෙන් තරමක් උසින් එල්ලන්න. බෝතලයෙන් වැටෙන වතුර බිංදු එකතු වීමට ඊට පහලින් භාජනයක් තබන්න. මේ විදියට සකස් කරගෙන පහසු භාවනා ආසනයකින් හිදගෙන වතුර බිංදු වැටෙන දිහා බලන් ඉදිමින් ඒ ශබ්දය අහමින් ජලය පිලිබදව හිත එක්තැන් කරන්න.

      මේ ක්‍රම දෙකෙන් එකක් තෝරාගෙන මාස 3ක් පමණ හිත සමාධිගත කරගන්න උත්සහ කරන්න. මේවා මගින්  යම් තරමකට හෝ හිත එක්තැන් කරගැනීමෙන් පස්සේ දෙවන පියවරට එන්න. හිත එක්තැන් නොවී ශක්ති අවධි කරන්න ඉතාම අමාරුයි වගේම එසේ කරන්න යාමෙන් මොලයට හානි වී සිහි විකල් වෙන්නත් පුළුවන්.

 මීළඟට කල යුත්තේ කුණ්ඩලිනිය අවධි කිරීමේ අභ්‍යාසය කිරීම. ඒ සඳහා පාත්‍රයක් වැනි වතුර භාජනයක් තමන් ලඟින් තියාගන්න. හැකිනම් පතුල් උඩු අතට තිබෙන විදියට පද්මාසනයෙන් හිදගන්න. ඒ විදියට ඉන්න අපහසුනම් සිද්ධාසනය, අර්ධ පද්මාසනය හෝ සුඛාසනය කියන ආසන තුනෙන් එක් විදියකින් බිම හිඳගන්න. පොඩි වෙලාවක් ජලය ගැන හිත සමාධිගත කරන්න. මීලගට භාජනයේ සිට ජලය පැමිණ නළල මැද හරහා තෙවැනි ඇස හරහා ඇවිත් තෙවැනි ඇස හරහා නළල මැද හරහා නැවත භාජනයට යනවා හිතින් දකින්න. මේ භාවනාව අතරත් මේ link එකෙන් දාලා තියෙන ඕම් කාරයේ හඬ පටය ලබාගෙන එය අහන ගමන් භාවනාව කිරීම ඉක්මනින් 3rd eye විවර වෙන්න උදවු වෙනවා.

තෙවැනි ඇස විවර කරගැනීමට නළල හරහා ජලය යනවා එනවා සිතීම අත්‍යවශ්‍යයි. පළමු වරට තෙවැනි ඇස විවර උනාට පස්සේ නැවත භාවනා කරන වෙලාවට ජලය නළල හරහා යනවා වෙනුවට ජලයේ තියෙන ශක්තිය නළල හරහා යනවා සිතමින් භාවනා කරන්න.

*තෙවැනි ඇසට අධිපතිව ඊශ්වර දෙවියන් හා පරිවාර දෙවියන් සිටින නිසා මේ භාවනා වඩන සියලුම දෙනා උන්වහන්සේලාගේ බැල්මට ලක් වෙනවා. සමාජයට අහිතරකර අරමුණු හෝ පැවතුම් සහිත අයට ආඥා චක්‍රය අවධි කරගන්න ඉඩක් ලැබෙන් නෑ. තෙවැනි ඇස විවර කරගත් කෙනෙක් සමාජයට අහිතකර දෙයක් කලොත් දඩුවම් විදීමට හෝ ශක්තිය අහිමි කරගැනීමට හො මරණයට පත්වෙන්න සිද්දවෙනවා. ඒ වගේම ආපහු ලබන ආත්මයකදී මේ භාවනා අහන්නවත් ලැබෙන එකක් නෑ.

*ගොඩක් පොත්පත් වල තියෙන්නේ දෙබැම මැද තෙවැනි ඇස පිහිටනවා කියල උනත් තෙවැනි ඇස පිහිටන්නේ දෙබමට ඉහලින් නළල මැදින්. ආඥා චක්‍රයට අදාළ මොලේ කොටස වන pineal gland තියෙන්නේ දෙබැමට සම්රෙකියව උනාට ආඥා චක්‍රය තියෙන්නේ නළල මැද මිසක් දෙබැම මැද නෙවෙයි

*මේ භාවනාවේ දියුණුවේ රහස වන්නේ එකදිගට හැකිතරම් කාලයක් භාවනාව වැඩිම හා හැමදාම භාවනා කිරීම. සැරින් සැරේ එහෙන් මෙහෙන් භාවනා කලොත් සාර්ථක ප්‍රතිපල නැතිවෙනවා මෙන්ම ශක්ති විෂමතා ඇති වි ලෙඩ රෝග, මානසික ව්‍යකුලතා ඇතිවෙන්න පුළුවන්. එමනිසා පිළිවෙලකට නිවැරදිව භාවනාව වඩන්න. ඉක්මන් ප්‍රතිපල බලාපොරොත්තු වෙලා වැඩ වරද්ද ගන්න එපා. ඉවසීමෙන් ප්‍රගුණ කරන්න.

*ශක්ති භාවනා සාර්ථක කරගැනීමට දෙවියන්ගේ හා ශක්තිය අවදි කරගත් අයගේ හා රාවණ රජතුමාගේ උදවු ලබාගන්න පුළුවන්. තෙවැනි ඇසට අධිපති ඊශ්වර දෙවියන් හෝ තමන් අදහන දෙවිවරු නැමදීමෙන් උපකාර ලැබෙන්න පුළුවන්. ශක්තිය ලබා ගැනීමට අංගම්පොර හදාරන අය රාවණ රජතුමාට විවිද පුජා සිදුකරනවා.

*මේ භාවනා කරන අතරතුර සෙම ඇවිස්සිම් හෝ උන ගැනීම් සිද්දවෙන්න පුළුවන්. එවැනි දේ තදබල විදියට වෙනවනම් භාවනා කිරීම නවත්තල ලෙඩ රෝග සනීප උනාට පස්සේ ආපහු කරන්න. සාමාන්‍ය තරමින් වෙනවනම් භාවනා කරන කාලය ටිකක් අඩු කරන්න. ලෙඩ රෝග සමග කුන්ඩලිනි භාවනා කිරීම කොහෙත්ම හොඳ නෑ . මානසික රෝග වැළදී තියෙන අයත් මේ භාවනා කරන්න කලින් අනිවාර්යෙන් වෛද්යවරයෙක්ගෙන් උපදෙස් ලබාගන්න.

*** භාවනා කිරීමට පෙර අනිවාර්යෙන් කියවිය යුතු උපදෙස් සහිත ලිපිය කියවීමට මෙතන ක්ලික් කරන්න ( Click here )

* ආධුනිකයන් භාවනා ආරම්භ කල යුතු ආකාරය පිළිබද ලිපිය කියවීමට ( මෙතන ක්ලික් කරන්න )
තෙවැනි ඇස භාවනා හෝ කුණ්ඩලිනි භාවනා වඩන සියලු දෙනා එම ලිපියේ සඳහන් මුල් පියවර සිදුකිරීමෙන් පසුව පමණක් භාවනා ආරම්භ කරන්න!


* කුණ්ඩලිනි ශක්තිය සම්පුර්ණයෙන් අවදි කරන භාවනාව ලිපිය කියවීමට ( මෙතන ක්ලික් කරන්න )


යෝග ඍෂි වරුන් හදුන්වා දුන් මෙම නිවැරදි භාවනා අනුගමනය කර ඔබත් තෙවෙනි ඇස විවර කරගත හොත් මගේ ගුරුවරයන්ටත්  මටත් ඒ පින් අනුමෝදන් කරන්න අමතක කරන්නෙපා..

 Facebook පිටුවට :- ( මෙතන ක්ලික් කරන්න )

 (මෙම ලිපි අවසරයකින් තොරව සම්පුර්ණයෙන් හෝ කරුණු වශයෙන් උපුටාගැනීමෙන් හා වෙනත් යමක පළකිරීමෙන්ද ඉගැන්වීම් කිරීමෙන්ද වලකින්න.)

Comments

  1. Hugak hoda post akkak

    ReplyDelete
  2. Hugak hoda post akkak...obata jaya...

    ReplyDelete
  3. jalayen hari,gindaren hari kundalini awadi karagaththama deke wenasak thiyenawada???

    ReplyDelete
  4. Obathuma third eye open karagaththe Mona kramayenda?

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලාම ගින්දරින්. පස්සේ අනිත් ක්‍රම වලිනුත් කරගෙන තියෙනවා

      Delete
    2. Obathuma anith krama walin passe kare eka parak awadi unata passe Nathiunada?

      Delete
  5. යෝගිතුමනි ආඥා චක්‍රය අවදි කරගත්තහම අනිත් චක්‍ර සියල්ලම අවදි වෙනවද?

    ReplyDelete
  6. Anikuth chakra awadi karaganne keseda

    ReplyDelete
    Replies
    1. post ekak dala thiyenawa kundaliniya awadhi karana bhawnaw kiyala .eka kiyawanna

      Delete
  7. Anikuth chakra awadi karaganne keseda

    ReplyDelete
  8. 3 ඇස බාහිරයට පේනවද

    ReplyDelete
    Replies
    1. ගින්දර භාවිතයෙන් තෙවැනි ඇස විවර කිරීම පොස්ට් එකේ ඕකට උත්තරය තියෙනවා.කියවල් බලන්න. මුලික හැදින්වීම තියෙන පොස්ට් එක

      Delete
  9. 3rd eye විවර උනාම අමනුෂයින් පේනවද? බයවෙනවද? ඒ් වගේම 3rd eye විවර කරන භාවනාව කරනකොට අමනුෂයින් බලපෑම් කරනවද ?

    ReplyDelete
    Replies
    1. පේනවා.
      බයවෙන්නේ නෑ. විවර වෙනකොට අමනුෂ්යන් දැක්කත් බය නොවෙන මට්ටමට හිතේ එකඟ කම හා හයිය වැඩි වෙනවා.
      සාමාන්‍යයෙන් බලපෑම් කරන්නේ නෑ. තමන්ට හෝ තමන් ඉන්න ඉඩමට ,ගෙදරට කොඩිවින හූනියම් වගේ ලොකු බලපෑමක් තියෙනවනම් බලපෑම් කරන්න පුළුවන්. එහෙම නැතුව සාමාන්‍ය අමනුස්සයෝ බලපෑම් කරන්නේ නෑ

      Delete
  10. බොහොම ස්තුතියි
    හොද post ekak මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්ත දිගටම මේ වගේ වටින ෙද්වල් ගැන ලියන්න

    ReplyDelete
  11. මම දැනට මාස 9 විතර ආනා පාන සති භාවනාව කරනවා. භාවනා කරනකොට නළල මැද නලියනවා වගේ දැනෙන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ewa gena hitanne netuwa bawana aramunata hitha ekaga karanna

      Delete
  12. තෙවැනි ඇස අවදි කලාම අනාගතය දකින්න පුලුවන්ද..? එහෙම පුලුවන් නං හෙට අදින්න තියෙන ලොතරැයි අංක ටික බලාගෙන එන්න පුලුවන් නේ. ? එහෙනං ඕක බොරුවක්ද?

    ReplyDelete
  13. තෙවැනි ඇස විවර කර ගත්තම අනාගතය දකින්න පුලුවන්ද? එහෙම පුලුවන් නං හෙට අදින්න තියෙන ලොතරැයි අංක ටික බලාගෙන එන්න පුලුවන් නේ. එහෙම බැරිනං අනාගතය දකින්න පුලුවන් කිව්ව එක බොරුවක්ද? මෙ භාවනා බොරුද?

    ReplyDelete
  14. තෙවැනි ඇස විවර කර ගත්තම අනාගතය දකින්න පුලුවන්ද? එහෙම පුලුවන් නං හෙට අදින්න තියෙන ලොතරැයි අංක ටික බලාගෙන එන්න පුලුවන් නේ. එහෙම බැරිනං අනාගතය දකින්න පුලුවන් කිව්ව එක බොරුවක්ද? මෙ භාවනා බොරුද?

    ReplyDelete
  15. තෙවැනි ඇස විවර කර ගත්තම අනාගතය දකින්න පුලුවන්ද? එහෙම පුලුවන් නං හෙට අදින්න තියෙන ලොතරැයි අංක ටික බලාගෙන එන්න පුලුවන් නේ. එහෙම බැරිනං අනාගතය දකින්න පුලුවන් කිව්ව එක බොරුවක්ද? මෙ භාවනා බොරුද?

    ReplyDelete
  16. Mata dne gnne oni 3 ase bahiret pnwed kiyla mn kiyewwat ek tarune na

    ReplyDelete
  17. Replies
    1. man patangannakotama kiyala thiyenawa meka kiywanna kalin mulika hadinwima post eka kiyawanna kiyala. etana link eka dila tyenawa

      Delete
  18. Oyawa hambenna krqmayak nadda 0763172561 or msg ekak danna obathuma panthi karan nadda me pilibadawa

    ReplyDelete
  19. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  20. mm inne muhude ship ekkak job eka karanne . ship ekw idan kranakota samahara welawat muhuda rough unama meka karanna amatu wenawa et hita samadhi karaganna ppukuwan nm eka aulk nadda

    ReplyDelete
    Replies
    1. ehema karala echchra wedak ne.
      ita wada hoda samata bawanawak kirima

      Delete
  21. භාවනා කරද්දි මස් මාළු කන්න බෑ නෙද

    ReplyDelete
    Replies
    1. oka sampurna boru mathayak. bawanawata mas malu wala kisima sambandyak ne

      Delete
  22. wathuren karanakota udraha nimiththa mokakda ?

    ReplyDelete
    Replies
    1. ජලය

      ඒක නිමිත්ත ඇතිවෙනකොට තේරෙනව

      Delete
    2. ජලයෙන් භාවනාව වඩද්දි, ගින්දරින් කරන විදිහට ටික වෙලාවකින් ඇස් පියාගෙන මනසින් ජලය දකින්න ඕනද..? නැති නම් ඇස් ඇරගෙනමද භාවනාව වඩන්නේ..?

      Delete
  23. යෝගි තුමනි, යම් ලෙසක තෙවන ඇස විවර කරගත් පසුව අසරන මිනිසුන්ට උදව් කිරීමට හැකියාවක් අපිට තිබෙනවාද?

    ReplyDelete
  24. Guruthumani, me kundalini bawanawa karanta kalin sitha samadigatha kireema athyawashyada,a sandha anapanasathi bawanawa karata kamak nadda?

    ReplyDelete
    Replies
    1. Mata man hadagaththa kemak arenna wena pitin kisima kemak kanna be.pirisak ekka kema ekata dagena kanna be ethakota kema eka apirisidui wage denenawa,mn wathura bonneth wenama.mata kema hadaganna beri unoth man badaginne innawa eth kadekinwath kanna be pirisidu ne mas mansha gewila kiyala hithenawa a kema wala.ane guruthumani mn mokakda mekata karanna ona.

      Delete
    2. ඕක මානසික රෝගයක්. ගොඩක් අයට තියෙනවා. මනෝවිද්‍යාවේ මුලදීම උගන්නනන් එකක්. මනෝවෛද්‍ය වරයෙක් හම්බවෙලා බෙහෙත් ගන්න. කාලයක් බෙහෙත් හා ප්‍රතිකාර ගත්තම ඕක නැතිවෙලා යනවා

      Delete
  25. Guruthumani,man den masa 3 withara indan badra kali meniyanta pahana thiyanawa.mata sihinen manthayakuth kiyala dunna katawath kiyanna epa kiyala.mn ammawa sihinen dakinawa.den man ammage pinthure issarahata giyahama amma tika tika wishala wewi mage langata enawa wage penawa.mulin thibune ammage pinthurayak witharai.den shiwa dewiyange,gana dewiyange,paththini meniyange,lakshmi meniyange pinthurath mn ethanin thiyala thiyenne.mata samahara welawata dewa sthothra ahanna ona.samahara welawata mn husband ekka car eke yaddi gaman atharamagadi badha wenawanam mn eka kalinma kiyanawa mata eka eka dewal denenawa.a hema dema essarahata wena dewal.man patalewili ganaka inne.man mokakda karanna ona.

    ReplyDelete
    Replies
    1. හීනෙන් දකින ඒවා ඇත්තට වෙනවා නම්, මගදී වෙන බාධා ඇත්තට වෙනවා නම් ඕක ප්‍රශ්නයක් නෑ. වැඩියෙන් පිංකම් කරලා ඒවයෙන් තමන්ට උදවු කරන අයට පින් දෙන්න.

      ඒවා වෙන්නේ නැත්තන් ඒ කියන්නේ ඕක මානසික රෝගයක්. මනෝවෛද්‍ය වරයෙක් හම්බවෙලා බෙහෙත් ගන්න. පුජාවක් තියලා පහන් තියන එක නවත්තන්න.

      Delete
  26. ජලය කෙරෙහි හිත යම් තරමකට එකඟ කර ගත්තට පස්සෙ ජලය තෙවන ඇස හරහා ගමන් කරනව සිතින් දකින්න ඕන ඇස් ඇරගෙනද? ඇස් පියාගෙනද?

    ReplyDelete
  27. ඉතාම වටිනා ලිපියක් ඔබතුමාට බොහෝම පිං...!

    ReplyDelete

Post a Comment